dep. mass communication

Wednesday, 29 May 2019

පුල්ලෙයාර් පූජාව



දෙමළ භාෂාව කතා කරන දකුණු ඉන්දීය පුද්ගලයින් අතර ගණ දෙවියන් ල‍ෙස ජනප්‍රිය ලංකාවේ ගණපති/ගණේෂ හෝ පිල්ලෙයාර්, පුල්ලෙයාර් නමින් ප්‍රචලිතයි. රාජ වන්නි පලාතේ සිංහල ජනතාව අතර පුල්ලෙයාර් ඉතා ජනප්‍රිය දෙවියෙකු වේ. ශාන්ති කර්ම වලදි අවම වශයෙන් මල් වට්ටියකින් හෝ පිදුම් ලබන දෙවියෙකි. පිල්ලෙයාර් යන්නෙන් ළමා දෙවියා හෝ ළමයින්ගේ දෙවියා යන අර්ථය පකාශ වේ. හින්දූන් විසින් රචනා කරන ග්‍රන්ථවල ‘ශී ගනේශාය නම: යන පාඨය මුලින්ම ලියා ග්‍රන්ථ රචනාකිරීම ආරම්භ කරති. ගණේශ දෙවියන් නුවණ ලබා දීම, විපත් වලට පිහිට වීම, බලාපොරොත්තු ඉටුකිරීම, ආදියට ප්‍රසිද්ධය. ඇත් හිසක හා මනුශ්‍ය ශරීරයක් ඇති ගණ දෙවිඳුන් මනුශ්‍ය ස්වභාවයට නොගැලපෙන අග පසග ඇත. නමුත් ඔහුගේ චරිත ස්වභාවයෙන් පෙනී යන්නේ මනුශ්‍ය ලක්ෂණ ගත්දෙවියෙකු ලෙසය.

ගණ දෙවි හෑල්ල ගණ දෙවියන් වෙනුවෙන් ලියැවුණු කෘතියක් වන අතර එය මහනුවර යුගයට ආසන්න කාල වකවාණුවක ලියවිණ. කුඩා දරුවන්ට අකුරු කියවීමේදී ගණ දෙවි පිදීම මහනුවර යුගයේ මිනිසුන්ගේ සිරිතක් විය. ඉරාස්මස් මාලිස් බර්ගර් නම් ලන්දේසි ජාතිකයා ලංකාවේ තිබුණු ගණ දෙවි ඇදහීම පිළිකුලෙන් යුතුව පතික්ෂේප කල අතර ඔහු විරුද්ධ වූයේ ලාංකිකයන්ගේ දෙවියන් ඇදහීමට නොව ගලින් කරන ලද ඇත් ඔලුවකින්  ලබා ගැනීම සදහා කරනු ලබන ඇදහීමටය. 

පෘථුගීසින්ට අවශ්‍ය වුණේ ලාංකිකයන්ගේ මෙවැනි විකාර ඇදහීම් නැති  කීරීමටය. ක්‍රි ව 2 වෙනි සියවසේ පමණ ගණපති පිළිබද විශ්වාසය මතුවන අතර එයට අදාළ පුරා විද්‍යාත්මක සාදක ප්‍රධාන වශයෙන්ම ලැබෙන්නේ අනුරාධපුරයේ මිහින්තලයෙනි. කෝට්ටේ යුගයේ ග්‍රන්ථ වල සදහන් වුණු ගණ දෙවි මහනුවර යුගයේදී ගෞරවයට පාත්‍ර විය. ගණ දෙවියන් පිදීම එම යුගයේ පධාන චාරිත්‍රයක් විය. විවිධ සංදේශ කාව්‍යවලද ගණපති පිළිබදව සදහන් වේ. ගණපති යන පදයේ ගණ යනු පිරිසකට නායකයා යනුවෙන් යැයි හඳුන්වන අතර ගණ යනු ශිවගේ සේනාවයි. පති යන්න අධිපති යන අර්ථය දක්වයි. ලම්බෝදර, බාලචන්ද්‍ර, විනායක, විඝ්න රාජා, ඝනපති ගජානන ආදි වශයෙන් ගනේශ වශයෙන් හඳුන්වන සංඥා නාම දොළසකි. ඇතමෙක් මෙම දෙවිඳුන්ට නම් දහසක් ඇති බව පවසයි .ගණේශ ස්තෝත්‍ර වල සදහන් පරිදි  ගණ දෙවියන්ගේ නම් දොළස යමෙකු සන්ධ්‍යා කාල තුනක් යන්නේද ඔහුට විද්‍යාව දරුවන් ධාන්‍ය මෝක්ෂ්‍ය ලබාගත හැකි බවයි. මෙම දෙවියන් මහේෂ්වර උමා යන දෙදෙනාගේ වැඩිමහල් පුතා වේ. කඳ කුමරා මේ දෙවියාගේ බාල සොහොයුරා වන්නේය. මෙහෙසුරුගේ සේනාවේ ඝණ අධිපතියා වන බැවින් ගණපති යන නමද ගණ දෙවිඳුට භාවිතා කෙරිණි. (ගණ +ඊශ් යන්නත් එ අරුතම දෙයි) මහා ගණපති, වීර ගණපති, බාල ගණපති, සිත්ති විනායඝර්, විඝ්නේෂ්වර යනාදී නම් කිහිපයකින් ගණ දෙවියන් හඳුන්වනු ලැබේ .



සංස්කෘතියෙන් විඝ්නේෂ්වර යනුවෙන් මොහු හැඳින්වෙන්නේ වින කිරීමට මෙන්ම වින හැරීමටද මොහු සමත් බැවිනි. සියලු කාර්යය ආරම්භයේදී ශී ගණේශාය නම යනුවෙන් හින්දු භක්තිකයන් ඔහු සිහිපත් කරන්නේ එබැවිනි. අයියනායක පුල්ලෙයාර් යන නම් වලින්ද හඳුන්වනුයේ මෙම ඝණ දෙවියාම බව කියයි. (අයියනායක ඝණ දෙවි යනු දෙදෙනෙකු වූ බව සමහරු අදහස් කෙරේ ඇත්හිසකින් අත් සතරකින් හා මහා උදරයකින් නිරූපිත බැවින් මේ දෙවියන් හැඳින ගැනීමට පහසු වේ. මොහුගේ වාහනය මීයෙකු වන අතර මෙම ඝණ දෙවිඳුගේ අවතාර 18ක් ඇතැයි පැවසේ.ගණ දෙවි උපත ගැනත් ඇත් හිස ලැබීම ගැනත් දළකින් අඩක් කැඩී තිබීම ගැනත් විවිධ කතා සදහන් වී ඇත. ගැමි කතාවක්ද මෙම ගණ දෙවියන් සම්බන්ධව පවතින අතර එය මෙසේය. ගණ දෙවියාටත් වැඩි නුවණක් හොරාටත් ඇතැයි ගැමියන් අතර පවත්නා ජනප්‍රවාදය වේ. මාතර ගණ දෙවි කෝවිල හොරුන් අතින් බිද දැමීමේ සිද්ධියක් මුල් කරගෙන ඉහත සදහන් කම ජනතාව අතර පැතිර ඇතැයිද ජනප්‍රවාදයේ වැඩිදුරටත් කියවේ එ් කතාව මෙසේය කලෙක මාතර ගණ දෙවි කෝවිල බිඳීමට හොරුන් උත්සහයක් ගෙන ඇත. කිහිප වරක්ම ඔවුන් එය කලත් එය ඉටු කර ගැනීමට ඔවුනට හැකි වී නැත. ඔවුන්ගේ උත්සහය සඵල නොවන අවස්ථාවන් වලදී එක් හොරෙකු ඝණ දෙවි වෙත ගොස් තමන් කරන උත්සහය ව්‍යර්ථ වන්නේ කුමක් නිසා දැයි ගණ දෙවිඳුගෙන්ම විමසා ඇත. මෙයට පිළිතුරු වශයෙන් ගණ දෙවි පවසා ඇත්තේ මෙය කිසි දිනක එම හොරුනට කළ නොහැකි දෙයක් බවයි. උළුවස්ස යටින් ගියොත් මිස වෙනත් ආකාරයකින් මේ දේවාලයට යා නොහැකි බවත්ය. දින කිහිපයකට පසුව ඉදිරියේ ඇති උළුවස්ස යටින් බිඳ කෝවිලට වැඳුණු හොරුන් එහි තිබෙන අගනා භාණ්ඩ ගෙන ගොස් තිබේ එදා සිට ඉහත කී හොරාට ගණ දෙවිට වැඩිය නුවණ තිබේ යන වහර හෙළ බසට එක් විය.

ගණ දෙවි හෑල්ලෙහි ගණ දෙවියෝ නුවණ දෙන්ඩ යනුවෙන් ඇතිවාක් මෙන්ම උඩරට පහතරට නර්ථන සම්ප්‍රධායන්හි බොහෝ ශාන්තිකර්ම පෙළපාලි වල ආරම්භක පද්‍ය පාදය ගණපති දෙති නුවණ යන පද්‍ය පාඨයෙන් ආරම්භ වේ. ගණ දෙවියන් පිළිබඳව වූ ජනතා ආකල්ප කොතෙක් දුරට සමාජය තුලම මුල් බැසගෙන තිබේද යන්න එයින් වුව ප්‍රකට වේ.  මක් නිසාද යත් සිංහල ශාන්ති කර්මවල වෙනත් කිසිඳු දෙවියෙකුට හෝ පෙර ගණේශ ඇමතීමයි. ඔහු ඇස් තුනක් හා ඇත් හිසක් ඇත්තෙකි. අත් සතරකි. පිටුපස අත් දෙකින්  වක වූ යකඩ කැබැල්ලක් පොරොවක් හෝ කම්බි රැහැනක් ගෙන සිටින අතර (එය පාස නමිනි) ඉදිරිපස නාසය සහිත හොඬක් සහ දළකි. ඔහු බෙලි හෝ දිවුල් ගෙඩියක් ගෙන සිටි. මීයෙකු හෝ ඌරු මීයෙකු ඔහුගේ වාහනයයි. අත් තිස් දෙකක් හෝ පනස් එකක් ඇති මහා ගණපති නම් දෙවියෙකු ගැන මුඞ්ගල් පුරාණය කරුණු දක්වයි. ඔහුගේ ආදරණීය බිරිඳ ඔහුගේ උකුලේ ඔඩොක්කුවේ වාඩි වී සිටී. ඇගේ අතේ නෙළුම්මල් තිබේ. යශ්ටියක්, කොතලයක්, දුන්නක්,  චක්‍රායුධය, හක් ගෙඩිය, තොණ්ඩුව, මල පුඩුව, නෙළුම් මල,වී කරල් සහිත තෘණ, කැඩී ගිය ඇත් දළය, රක්ත වර්ණ කලය ආදිය ඔහුගේ ආයුධ අතර පධාන වේ. මහා ගණපතිද මීයෙකු තම වාහනය ලෙස පාවිච්චි කරයි.



ඇතැම් යාතිකාවක ගණපති රුහුණු රටට අධිපතියා යැයි කියැවුනද කතරගම දෙවියන්ගේ සහෝදර ගණේශ රුහුණු ප්‍රදේශයේ හෝ සබරගමුව පදේශය තුළ බලය ඇති දෙවියෙකු නොවේ. ඇතැම් අවස්ථාවක පොල් මල ගණ දෙවියන්ට පුද කෙරෙන බව කියවෙන කෝල්මුර දක්නට ලැබේ. උතුරු මධ්‍යම පළාතේ විවාහ මංගල්‍ය අවස්ථාවන් වලදි මංගල යුවල පෝරුවෙන් බැස්සවීමේදී ඇස් තුනක් සහිත ලෙලි අරින ලද පොල් ගෙඩියක් ආයුධයකින් කපා දෙපළු කරනු ලැබේ. මෙම පොල් ගෙඩිය ගණදෙවියන් සදහා වූවක් බව පැවසේ. ඔහු වෙනුවෙන් පොල් ගැසිමේදී ඇස් තුනක් සහිත පොල් ගනු ලැබේ එවැනි පොල් ගණේශ සිහි වීමට බවත් කියති. රාජ වන්නි කුමාර වන්නි පළාතේ මෙන්ම නුවරකලාවියේ ජනතාවද පුල්ලෙයාර් කතරගම ආදී දෙවියන්ගේ නාමයට දන්දීමෙන් ඇදහීමෙන් මෙලොව පිහිට ඉල්ලති. 



 එපමණක්ද නොව උඩරට හා සබරගමුව යන ප්‍රදේශ වල ප්‍රචලිත අං කෙලිය කතා ප්‍රවෘත්තියද ගණේශට සම්බන්ධය. ගණේශ දෙවියන්ගේ ඥාණය හා එක් දළයක් කැඩී යාම සම්බන්ධ පුරාණයද ඉතාර සවත්ය. ගණේශගේ සහ ස්කන්ධගේ මව වන උමා මොවුන් දෙදෙනාට ලෝකය වටේ දිව යන ලෙසත් පලමුව පැමිණෙන කෙනාට ත්‍යාගයක් දෙන බවත් පැවසීය.  ස්කන්ධ ලෝකය වටා දිව ගිය අතර ගණේශ තම මව ලෝකය යැයි පවසා මව වටේ දිව ගොස් අදාල ත්‍යාගය ලබා ගන්නා ලදි.  තම සහෝදරයා ලබාගත් ත්‍යාගය දැක දෙදෙනා අතර අඹ ගෙඩිය සම්බන්ධයෙන් වූ ආරවුල මත ඔහුගේ දළයක් බිඳි ගියේය. එ් පිළිබදව එක් කතා ප්‍රවෘත්තියකි අන් තැනෙක මුහුදු කරදිය වළල්ල වටා දිව යන ලෙස මව කී අතර ස්කන්ධ එ වටා යද්දි ගණේශ තමාගේ නුවණ යොදා කුස්සියේ තිබුණු ලුණු පොල් කටුව වටා දිව ගොස් තමාගේ ඥාාණය නිසා ත්‍යාගය ලබාගත් බවය. ගණදෙවියන්ට ඇත් හිසක් ලැබීම සම්බන්ධයෙන්ද මෙවැනිම කතාවක් ඇති අතර දිනක් පාර්වතී ස්නානය සඳහා අරන්කහ හෝ කහ වලින් ඇලෙන සුළු මනුශ්‍ය රූපයක් නිර්මාණය කොට දොර අසළ ඇගේ ආරක්ෂාවට තැබුවාය. මේ අතර පාර්වතී හමුවීමට ශිව පැමිණියේ දොර අසළ කිසිවකු සිටිනු දැක කෝපාවිෂ්ට වී ඔහුගේ හිස කපා දමන ලදි. ’ජල ස්නානයෙන් පසුව පැමිණි පාර්වතී’ සිදුව ඇති විනාශය දිටීය. ඉන්පසු පාර්වතී ශිවගෙන් බැගෑපත්ව ඉල්ලා සිටියා තමාගේ දරුවාගේ ප්‍රාණය පිහිටුවන්නට කියා ශිව ඊට කැමති විය එනම්ප්‍රාණය සහිත වෙනත් හිසක් ඊට සවි කිරීමට කැමති වීමෙන්ය. එ අසල නිදාගෙන සිටි ඇතෙකුගේ හිස කැපූ ඔහු එය කිරීමට  එය හිස නැති රූපයට සවි කරන ලදි. රූපයට නැවත පණ ඇවිත් ශිව එය ඔහුගේ පථම දරුවා ලෙස සලකන ලදි. ලක්දිව ගණ දෙවි ඇදහිල්ලේ ආරම්භය දෙස බැලුවහොත් හින්දූ දෙවිවරුන් පිළිබඳ විශ්වාසය  පාග් බෞද්ධ අවධියේ සිට පැවති බවට සාධක ඇත. 



ක්‍රිස්තු පූර්ව යුගයට අයත් සේ සැලකෙන මිහින්තලේ කණ්ඨක චෛත්‍යයේ උතුරු වාහල්කඬේ කැටයම් අතර ඇති එක් දළක් සහිත ඇත් හිසකින් යුත් රූපය ගණ දෙවියන්ගේ යැයි ඉඳුරා කිව නොහැකි වේ. එසේ නම් එම රූපය දැක්වීමේ අදහස ඔහු බුදුරජාණන් වහන්සේට අවනත අයෙකු ලෙස සැලකීම බව පෙනේ.මෙයින් පසුව මධ්‍යකාලීන යුගය වනවිට ගණදෙවි රූපයක් ගැන හෝ දෙවොලක් ගැන සදහන් වෙන තැනක් හමු වී නොමැති අතර කි ව 12 වන සියවසේදී ලීලාවති බිසවගේ කාලයේ කෙරුණු සසඳාවතේ බුදු පුදට පැමිණි දෙවියන් අතර ගණ දෙවියන්ද සිටි බව සදහන්ය. අනතුරුව දකුණු ඉන්දියා බලපෑම් තව තවත් වැඩි වීමේ පථිපලයක් වශයෙන් උඩු නුවර ලංකාතිලක විහාරයේ ගණ දෙවි දෙවොලක් ඇති වී තිබේ.



සිව්වෙනි බුවනෙකබා (1341‐51) අවධියට අයත් ලංකාතිලක ශිලා ලේඛණය ගණපති ගැන සදහන් කරයි.ගම්පොළ හා කෝට්ටේ යුග වලදි ගණදෙවි ඇදහීම සෑහෙන ප්‍රමාණයකින් ලක්දිව පැතිර තිබුණු වග එ් කාලයේ ලියවී ඇති සංදේශ වල දැක්වේ. වන්නි පළාතේ හැම ගමකම ඇති හන්දියක පිල්ලෙයාර් නමින් හඳුන්වනු ලබන ඝන දෙවිඳුගේ කුඩා රුවක් දක්නට ලැබේ. අනුරාධපුර මිහින්තලා මාවතේ මල්වතු ඔය පසු කරත්ම හමුවෙන හන්දියද හඳුන්වනුයේ පුල්ලෙයාර් හන්දිය නමිනි. වැවගම්පත්තුවේ සිංහලයන්ද සිය පළාතට අධිපති ලෙස සලකන්නේ පුල්ලෙයාර්ය.



 ගල් ඔය ජනපදය බිහි වීමට පෙර සිටම අම්පාරේ පුල්ලෙයාර් කෝවිලක් තිබුණි. එයට ගැමියෝ පුද පඩුරු ඔප්පු කළහ. ගොවිජනපද ඇති වීමෙන් පසුව පුල්ලෙයාර් කෝවිල් වඩාත් දියුණු වූ බවත් පියසේන කහඳගමගේ මහතා වාර්තා කරඇත. එහෙත් 1957 සිදු වූ ජාතිවාදි කෝලාහල වලින් පසු මේ දේවාලය ක්‍රමයෙන් සිංහලයන් විසින් අතහරින ලද බව පැවසේ. එහෙත් ලෙලි ගැසූ පොල් ගෙඩියක හුණු ඉර ඇඳ එල්ලා තබා පසුව පුල්ලෙයාර්කෝවිලට එය ගෙන ගොස් පොල් ගසන වැඩිහිටියන් දැන්ද සිටින බවත් ඔහු පවසයි. වනයට පිවිසෙනවිට පුල්ලෙයාර්ගේ පිහිට පතා ගසක අතු කැබැල්ලක් එල්ලා යාම පැරණි චාරිත්‍රය විය එබඳු අතු එල්ලන ගහක් පුල්ලෙයාර් ගහ යනුවෙන් හැඳින්වුණි.  



එහෙත් මේ සිරිතද දැන් අභාවයට ගොස් ඇත. පොල් ගැසීම ගණ දෙවියන් ඉදිරියේ පොල් ගැසීම විශේෂ උපහාරයක් ලෙස සිදු කරයි. මේ සදහා උපයෝගි කරගනු ලබන්නේ ඇස් තුනක් ඇති පොල්ය. මේ ඇස් තුනෙන් හැඟවෙන්නේ ඊශ්වරයාගෙන් ලබාගත් වරමක් අනුව මෙසේ පොල් ගැසීම සිදු වන බව කියති  මහනුවර කටු කැලේඇති ගණදෙවි කෝවිල හඳුන්වන්නේ පුල්ලෙයාර් කෝවිල ලෙසයි ගම්පොල යුගයේදීද ගණදෙවි ඇදහීම ප්‍රචලිතව තිබුණු බැව් තිසර සංදේශයේ එන කවි වලින්ද මනාව පැහැදිලි වේ.

“සියුමැලි තගේ තෙල සරපල්ලේ කුඩම

පැහැයේ සිරිනි එක කිරණැල්ලේ සැඩම

නොම සිට නෙරළු තුරු සෙවනැල්ලේ වැඩම

කෙරෙමින් ගනිඳු දැක යව වැල්ලේ මඩම

(30 වන කව තිසර සංදේශය)

චණ්ඩ වූ රශ්මි සමූහය එන කල්හි පොල් ගස් සෙවණේ නොහිඳ වැල්ලේ මඩමෙහි ඝණ දෙවිඳු දැක බලා යන එන පුල්ලෙයාර් දෙවියන් හාස්‍යය ප්‍රිය කරන්නෙකු ලෙස ප්‍රකට බැවින් එතුමන්ට ආමන්ත්‍රණය කරන අයුරුද දැක ගත හැක “මචං මම ගමනක් යනවා මාව ආරක්ෂා කරන්න  වැනි ඉල්ලීම්කරති.



 පුල්ලෙයාර් දෙවියන් වෙනුවෙන් ගැයෙන කවි වලද ගෞරවයක් සේම තමන්ගේ ඉතා සමීප අයෙකුට දක්වන ලෙන්ගතු බවක්ද දැකිය හැකිය. ගණ දෙවිඳුන් වෙනුවෙන් කරන පුද පූජා වලදී එම කටයුත්ත බලාපොරොත්තු පරිදි  කාර්යසාධනය කිරීම සදහා ප්‍රාණයාම මන්ත්‍ර භාවිතා කිරීම අත්‍යවශ්‍ය කාරණයකි. මෙහි දැක්වෙන ප්‍රාණයාම මන්ත්‍රය භාරතය ගණ දෙවොල්වල මෙතෙකැයි කිව නොහෙන තරම් දුරාතීතයේ සිට භාවිත වූවකි. ගණදෙවිඳුන් කරන කුමන පූජාවකදි වුවද මෙය භාවිත කිරීම වැරදි නැත. මෙම මන්ත්‍රයෙන් තෙල් ජීවම්කර ගැනීමෙන් විපුලඵල නෙළාගත හැකි වේ.

න්‍දන් කවි පොතේ එන ආශිර්වාද කවි ලෙස

'ගණ දෙවි කෝවිල පිරි බඩලන්නේ'

දත මැද පිරුවට ඇඳ පේ වෙන්නේ

කළ කී දේ මට සදා දෙන්නේ

පිං ඇති ගණ දෙවි නුවණක් දෙන්නේ යනාදී ලෙස දැක්විය හැකිය.

                                                                                 w.s.v. සෙනෙවිරත්න

                                                                                 ජනසන්නිවේදන අධ්‍යන අංශය 

                                                                                 කැලණිය විශ්වවිද්‍යාලය