dep. mass communication

Tuesday, 27 August 2019

කටු කොහොල් මාවතේ සියලු දුක් ඉහිලුවේ
නුඹ මා සමග බෝ දුරක් යයි සිතා
ගං ඉවුර ‍ෙදපෙස පිපි සුදු පාට
ඉද්ද මල් මං තනිව  ‍ෙනලන්නම්
අපේ ඒ ‍‌‍ෙපමේ ගීය මා තනිව ගයන්නම්...

Sunday, 28 July 2019

මං දුන්න ආදරය බර වැඩි හිතෙනවද..
මහමෙරක් ආදරය පොදි බැදන් ඉන්නවද
සතුට දුක කදුලු හැම හැමදේම තියෙනවද
ආදරේ වැඩි නම් පා කරලා හරිනවද..
කියන දේ නාහන මගේ හදවත
ඉගිලිලා දුර ඈත යනකොට
ආදරෙන් මා ළග තියාගෙන
ජීවිතේ හැටි කියා ‌ෙදනවද

පුංචි දේටත් කදුලු එනකොට
ආදරෙන් මා තුරැලු කරගෙන
ගයන දුක් ගී යාතිකාවන් නිහඩ වී නුඹ සවන් දෙනවාද

මං නුඹේම වූවාද
නුඹ ගියොත් දුර ඈත
මගේ හදවත් කුසුම නුඹ ගැන
ජීවිතෙන් සමු ගන්න දෙනවාද...

Friday, 26 July 2019

තෙතක් නැති හිතක් ළග ආදරය වපුරලා
කොහොම මම කියන්නද ආදරයේ අස්වැන්න
තෙතක් නැති හිතක් ඇති නුඹෙ හිත් මණ්ඩපය
කවදාක උණු වෙයිද මං කියන වචන ළග...
දේදුණු සිහිනය

‍‌ෙනතින් ගලනා කදුලු බිදුවත
සැගවිලා ඔබ බොදව ගිය සද
නොහැක සිත තුළ තව රැදන්නට
ඔබ ඔබේමයි ඔබම කී කළ

නිමල දිය අසපුවේ
සොදුරැ දේදුණු සිහිනයේ
හීන් කවි පද ගොතා ‍ෙදන්නට
ඔප නොමැත ඇස් මානයේ

ඔබ ලියූ අවසන් කවේ
පද පළෙක අඩුවක් තියේ
මතු සසරකදී හමු වෙන්න නම්
ඇයි මහද කවිකම් කළේ...          
නුඹ ගැන...


පාලු ගණදුරැ රැයේ
හාත්පස එළිය කර
පෑයූ එක තරැ එළිය
නුඹයි මගේ ලෙෝකටෙ
වලායට සැගවිලා වරින් වර මතුවලො
සිනාසී ඉගි කරන නුඹ ළගට
එන්න හැකිනම්
බැරි වේවි කිසිම දින...

ජනලේ පලුවනේ එබී
නින්ද නැති නතෙු පියන්
අතරෙ එහෙ මෙහෙ සරන
සිහින පන්හිද නුඹයි
රෑ ගවෙනෙ තුරාවට
කවිකමට සිත් බදින
පත්  ඉරැව පුරාවට
ලියන කවි නුඹ ගැනයි
කිසි දිනක ලං නොවන ඈත සිට අත වනන
කවි කමට මුතු අකුරැ
පබැදුණේ නුඹටයි... හිමි නොවන නුඹටමයි...






තවම හද ගැහනෙවා

හදාගන්නට හිතක් නැති මුත්
හිත හදන්නට ‌ෙකනෙකේ නැති මුත්
අපි පැතූ ලොව ගොඩනගන්නට
හිතට තවමත් හිතනෙවා...

ගහක කොලයක මලක රැදී
නුඹ‌ෙ සුවද නිතරම දැනනෙවා
රිදවන්න මිස සනසන්න හැකි
කියන්න හිත කවුරැත්ම නැති
ඔහේ පාවනෙ ජීවිතේ ළග
මහා තනියක් දැනනෙවා...


හිත හීගඩු පි‌ෙපනෙ රෑ
සියොළගම ගිනිගනෙ දැවනෙවා
මිරිගුවක් මිස සිහිලසක් නැති
හිස් වචන මිස සනෙහෙසක් නැති
ඉරිතැලුන ගිනිගහන කතරක
තවම හද ගැහනෙවා
ගල් ගැහුණු මිය ඇදුණු හිත් ළග
මං තාම පණ අදිනවා...



සද අහසින් තනිය මකාගමි
මැදියම් සිසිලෙන් හද පුරවාගමි
රහසින් ඔබ දෙස බලා සිනාසෙමි
දවසින් දවසත් ඔබම පතාඉමි
මලක් නුඹ සුවද ඇය
නැතුව මම දුක දරන..
අහස නුඹ සදයි ඇය
තරැව මම නොදිලෙන..
ජීවිතය නුඹ ආදරය ඇය
කදුල මම නොවැටෙන...

Wednesday, 10 July 2019



බොබ් මාලේගේ තතු




බොබ් මාලේ මිනිසුන්ගේ දැවෙන හදවත් සුව කිරීමට සුදුසු වන්නේ රිද්මය බව හඳුනා ගත්තේය. වර්ණභේදවාදය ගැනත්, කම්කරු පන්තියට පාලක පන්තියෙන් එල්ල වෙන පීඩනය ගැනත් ඔහුගේ ගීත වලින් නිතරම කියැවිණි. ඔහු ගැයූ GET UP STAND UP ගීතයෙන් කියවෙන්නේද තම අයිතිවාසිකම් වෙනුවෙන් නැඟී සිටිය යුතු බවය.
අවදිවන්න නැඟී සිටින්න, ඔබේ අයිතීන් වෙනුවෙන්, සර්ව බලධාරී දෙවියෙකු අහසින් පැමිණ, සියලු දුක් දොම්නස් රැගෙන, ඔබට සතුට ලබා දේ යැයි බොහෝ දෙනෙකු සිතනවා විය යුතුයි, එහෙත් ජීවිතයේ වටිනාකම් හඳුනාගතහොත් ඔබ ජීවිතය සොයන්නේ  මේ මහ පොළොව මතිනි, එවිට පෙනේවි ඔබට ආලෝකය, ඉතින් අවදිවන්න, නැඟී සිටින්න
මාලේට මේ ගීතයෙන් නොසිතූ විරූ තරම් රසිකයන් අවධි කරන්නට පුළුවන් විය. කම්කරු පන්තියේ දැවෙන හදවත් ඔහු සුභවාදී බලාපොරොත්තුවකින් දල්වාලීය. වර්ණභේදවාදය ගැන ඔහු නිතර කතා කළේ තම ජන්මය ගැනද උදාහරණයකට ලක් කරමිනි. ඔහුට වුවමනා වූයේ කළු-සුදු ජාතීන් යැයි මනුෂ්‍ය වර්ගයා දෙකට බෙදෙනු දකින්නට නොවේ.
‘මට මං ගැන කිසිම අගතිගාමී හැඟීමක් නෑ. මගේ තාත්තා සුදු අම්මා කළු. මං ඔය දෙකටම නැති කෙනෙක් කියලා සමහරු කියනවා. ඇත්ත. මට කාගේවත් පැත්ත ගන්න ඕන නෑ. මං ඉන්නේ දෙවියන්ගේ පැත්තේ.  මාව කළු-සුදු ජාතීන් දෙකටම අයිති කරලා මේ ලෝකෙට එවපු දෙවියන්ගේ පැත්තේ.’
මාලේ වරෙක කීවේය. එහෙත් තමන්ට මිශ්‍ර සම්භවයක් තිබෙන බව දැන ගනිමින් වූවත් ඔහු තමන් කළු අප්‍රිකානුවෙකු බව හඳුන්වා දුන්නේය. එසේ කළේ ඒ වන විටත් සුදු ජාතීන් අතින් පීඩනයට පත් වෙමින් තිබූ කල්ලන්ගේ අයිතිවාසිකම් ගැන කතා කිරීමටය. ඒ වන විටත් ජැමෙයිකාවේ සිට ජාත්‍යන්තර වර්ණ භේදවාදයට එරෙහි අරගලයක් ගෙන ගිය මාකස් ග්‍රේව්ගේ දේශපාලන දර්ශනයට මාලේගේ සිත බෙහෙවින් ඇදී ගියේය. අප්‍රිකාවේ පමණක් නොව ලෝකයේ විවිධ රටවල වෙසෙන අප්‍රිකානු සම්භවය ඇති නීග්‍රෝ ජාතිකයන්ගේ සංවර්ධනය ගැන සිතමින් අප්‍රිකානු මහද්වීපය නිග්‍රෝ මිනිසුන්ගේ ජන්ම භූමිය ලෙස ඔසවා තැබීමේ දර්ශනයට මාලේද එකඟ විය. සයන් ලෙස හැඳින්වූ අප්‍රිකානු රාජ්‍යයට ලෝකයේ නන් රටවල පීඩාවට පත් වෙමින් සිටින නීග්‍රෝ ජාතිකයින් කැඳවීමේ සිහිනය මාලේගේ ගීත වලට පසුබිම් විය. ඔහුගේ ZION TRAIN ගීතයෙන් කියැවෙන්නේද මේ ගැනය.
අවුරුදු දෙදහසක ඉතිහාසය පහසුවෙන් අතු ගා දමන්නට නොහැකිය. අවුරුදු දෙදහසක කළු මිනිසුන්ගේ ඉතිහාසය පහසුවෙන් අතු ගා දමන්නට නොහැකිය.
ZION TRAIN ගීිතයේ එක් පද වැලකදී මාලේ එසේ කියන්නේය. මේ ගීතය පමණක් නොව BLACK SURVIOUR BADY LON SYSTEM වැනි ගීත වලින්ද ඔහු බාබිලෝනය ලෙස හඳුන්වන බටහිර ජාතීන් විසින් කල්ලන්ගේ ශ්‍රමය යන අයිතිය උඳුරා ගන්නා බවත් එයට එරෙහිව නැඟී සිටිය යුතු බවත් පෙන්වා දුන්නේය.
1966 වසරේද ඔහු රීටා ඇන්ඩර්සන් සමඟ විවාහ විය. මාලේ දිගින් දිගටම ජනතාව සමග ගී ගැයුවේය. ඔහුගේ මේ රැඩිකල් ගීත වලින් ජනතාව පිබිදෙනු දුටු පාලක පන්තියද තරමක් වියපත් වෙන්නට ඇත. ඔහුට ජීවිත තර්ජන පවා එල්ල වෙන්නට ඔහුගේ මේ ගීත විප්ලවය හේතු විය. මේ කාලය වනවිට බොබ් මාලේගේ සංගීත සංදර්ශණ දේශපාලන රැලියක් මෙන් විය. දුක් විඳින සහ දුක් හඳුනන රසිකයෝ ඔහු වටා එකතු වෙමින් සිටියහ. 1976 වසරේදී නාඳුනන තුවක්කුකරුවෙක් ඔහුගේ නිවසට පැමිණ වෙඩි ප්‍රහාරයක් එල්ල කලේය. ඉන් මාලේ බිරිය සහ ඔවුන්ගේ කළමණාකරු ලෙස වැඩකල දොන් ටේලර් තුවාල ලැබීය. ඉන් දින දෙකකට පසුව කලින් නියම කරගෙන තිබුණු පරිදි මාලේ ප්‍රසිද්ධ සංගීත ප්‍රසංගයකට සහභාගී වෙමින් ගී ගැයුවේය. එසේ කලේ ඇයි දැයි බොහෝ දෙනෙකු ඇසු විට මාලේගේ පිළිතුර වූයේ මේ ලෝකේ නරක අතට හරවන්න වැඩ කරන මිනිස්සු එක දවසක්වත් මොන දේ වුනත් නිවාඩුවක් ගන්නේ නෑ. ඉතින් ලෝකෙට හොදක් කරන්න හදන මමත් එහෙම වෙනවා එහෙම නොවී කොහොමද
මාලේගේ දේශපාලන දර්ශනය මිනිසුන් භේද භින්න කරන්නක් නොවීය. ඔහු ගී ගැයුවේ පක්ෂ හා ජාති භේද නොතකා හැමදෙනා එකතු කිරීමටය. මාලේ ප්‍රසිද්ධ දේශපාලන වේදිකාවට අවතීර්ණ වී ගී ගැයුවේ අද බොහෝ දෙනෙකු කරන්නාක් මෙන් එක් පක්ෂයකට ආවැඩීමට නොවේ. ඔහුට උවමනා වූයේ පක්ෂ අතර සමගිය ඇති කරවන්නටය. 1978 වසරේදී ජැමෙයිකාවේදී ඔහු පැවැත්වූ ONE LOVE PEACE CONCERT ද එවැන්නකි. ප්‍රසංගය අවසානයේදී මාලේගේ ඉල්ලීම අනුව එවකට පාලක පක්ෂය වූ මහජන ජාතික  පක්ෂයේ නායක එඞ්වඞ් සියාගා අතට අතදී සුහදතාවය පල කළේය.
          මේ වනවිට මාලේගේ ගීත කළු ජාතිකයන් අතර පමණක් නොව ලෝකයේ නන් දෙස සිටි සෑම ජාතියකටම අයත් රසිකයන් කුල්මත් කරමින් තිබුණි. ඔහුගේ ඊඹත්‍ත්‍්ඛධ ීධඛෘෂෑඍ ගීතයට ලැබුණේ ඉතා ඉහළ ජනප්‍රිය බවකි. සංගීතයේ ඇති එක් හොද දෙයක් වන්නේ එය ඔබේ හදවතට කා වදින විට ඔබේ වේදනාව දුරු වී යන නිසා යැයි බොබ් මාලේ වරෙක කීවේ ජීවිතයේ අනන්ත දුක්කම්කටොළු ඉදිරියේ තැවෙන සිත සංගීතයෙන් සුවපත් කීරිමේ බලය ගැනය.
මාලේ රස්ටෆාරී සංගීතයේ අනුගාමිකයෙකු වන අතර රස්ටෆාරී යනු 1930 ගණන් වල ජැමෙයිකාවේ ක්‍රිස්තියානි ලබ්ධිකයන් අතරින් ඉස්මතු වූ නව ආගමික දර්ශනයක් විය. කෙසේ නමුත් බොබ් මාලේ තමාගේ දේශපාලන මතිමතාන්දරය ගීත මගින් දැනවීමට උත්සහ කල බවක් දැකගත හැකිවිය.

w.s.v. සෙනෙවිරත්න
ජනසන්නිවේදන අධ්‍යන අංශය
කැලණිය විශ්වවිද්‍යාලය


ඇත්ත සති අන්ත ජාතික පුවත්පත පිළිබද අන්තර්ගත විශ්ලේෂණයක්...



ඇත්ත සති අන්ත ජාතික පුවත්පත-2018 දෙසැම්බර් 02 වැනි දා ඉරිදා
සන්නිවේදනය දේශපාලනයට බද්ධව පවතී. විද්වත් මතයට අනුව ජනමාධ්‍යයෙන් තොර දේශපාලනයක් සිතා ගැනීමටවත් නොහැකි තරම්ය. මෙම ක්ෂේත්‍ර දෙක අතර සම්බන්ධතාවය ඒ තරම්ය. 2018 ඔක්තෝබර් 26 දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අග්‍රාමාත්‍ය ධූරය සදහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පත් කිරීම, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීම සහ නැවත අග්‍රාමාත්‍ය ධූරයට රනිල් වික්‍රමසිංහ මහතා පත් කිරීම යන අවස්ථා වලදී ජනමාධ්‍ය එය වාර්තා කලේ විවිධ වූ කෝණයන්ගෙන්ය. මෙම අධ්‍යනයේදී ඇත්ත සති අන්ත ජාතික පුවත්පත එය වාර්තා කල ආකාරය මෙම අධ්‍යනයට පාදක වේ.

■ සිරස්තල භාවිතය
■ ආණ්ඩුව යලිත් අලුත් වෙයි.

මෙහිදී ප්‍රශ්නාර්ථයක් නගමින් සකස් කරන ලද මෙම සිරස්තලය මගින් ආණ්ඩුවේ යම් වෙනසක් බලාපොරොත්තු විය හැකි බව අගවයි.
එය පුවත්පතේ ප්‍රධාන සිරස්තලය ලෙස ඇගවීමට ඉතා ලොකු අකුරෙන්ද, මුල් පිටුවේ වම් අත කෙළවරේ සදහන් කොට ඇත.

සිරස්තලය යටතේ ඇති විස්තරය- ආණ්ඩුවට බහුතර බලයක් නොමැති බවත් ඒ නිසා ආණ්ඩුව තුළ කටයුතු අකර්මණ්‍ය වී ඇති බවත් ඉක්මනින්ම අලුත් ආණ්ඩුවක් පත් වන බවත් කියාසිටී. මෙහිදී එක්සත් ජාතික පෙරමුණට පාර්ලිමේන්තුව තුළ බහුතර බලයක් හිමිවන බව මෙම පුවත්පත් ලිපිය මගින් නොකියා කියයි.
ද්‍රවිඩ ජාතික සන්ධානයේ සහයෝගය නිල වශයෙන් දැනුම් දීමත් එමගින් 117ක බහුතර බලයක් එක්සත් ජාතික පෙරමුණට හිමි වී ඇති බවත් කියාසිටී.

■ තරුණ ජනමාධ්‍යවේදීන් ගොනුකල පෙත්සම 4 වෙනිදා විභාගයට
මෙහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුව විසුරුවා හරින බව සදහන් කරමින් නිකුත් කල ගැසට් නිවේදනය අවලංගු කරන ලෙස ඉල්ලමින් මෙම පෙත්සම ගොනුකර ඇති බව පැවසේ. මෙහිදී ගොනුකල පෙත්සම 4 වෙනිදා විභාගයට යන්න සිරස්තලයේ අනෙකුත් අකුරු වලට වඩා විශාලව සහ එය     කරමින් දක්වා ඇත.

■ ‘සංවාද කලාපය’

මෙහිදී රටේ පුරවැසියන් කිහිප දෙනෙක් පවතින දේශපාලන තත්වය පිළිබදව පලකල අදහස් වලින් මෙම ලිපි ගොනුව සමන්විතය.
සංවාද සටහන ඉදිරිපත් කලවුන් කියා සිටින්නේ රටේ දේශපාලන අර්බුදය උග්‍ර වී ඇති බවත් ආණ්ඩුව සහ විපක්ෂයේ පක්ෂ කඹ ඇදිල්ලක නිරත වෙන බවත් පාර්ලිමේන්තුව තුළ ඇති කර ගන්නා කලකෝලාහත්වය ආණ්ඩුවේ සහ විපක්ෂයේ පක්ෂ පෙළපාලී යාමත් එසේ සිදු කරන්නේ කා සදහාද, ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමටද, නොඑසේ නම් ජනතාවගේ යහපත පිණිසද, තම බලය රැක ගැනීමටද, යන්න පිළිබදව මෙහිදී විමසා බලයි.

■ අද අවශ්‍ය අවංක වාමවාදී ජනරජයක්-මෙමගින් කියා සිටින්නේ මෙතුවක් කල් සිටි රජයන් වංචා දූෂනයෙන් පිරී ඇති බවත් වර්තමානයේදී අවශ්‍ය වන්නේ අවංක ජනරජයක් බවත්ය.

මෙහිදී ඔහු වැඩිදුරටත් කියා සිටින්නේ දේශපාලනඥයින් පහත් තත්වයකට පත්ව ඇති බවත් ඔවුන් කටයුතු කරන්නේ තම බලය ආරක්ෂා කර ගැනීමට පමණක් බවත්ය.
ජනතාව මෙතෙක් කල දේශපාලන ක්‍රියාකාරකම් නවත්වා දමා අලුතින් හිතන්න පටන් ගන්න ඕනෑයි ඔහු වැඩි දුරටත් කියා සිටි. මෙහිදී පවත්නා දේශපාලන රටාව පිළිබදව දැඩි කලකිරීමෙන් සිටින පුද්ගලයෙකු ලෙස මොහු දැකගත හැක.

‘රනිල් නං මෙහෙට ගැලපෙන්නේ නෑ’

මෙහිදී රනිල් වික්‍රමසිංහගේ ක්‍රියා පිළිවෙත රටට නොගැලපෙන බවත් ඔහු බටහිර ගැති පුද්ගලයෙකු බවත් නැවත වරක් පෙන්වා දේ.
මෙහිදී මහින්දට අගමැතිකම ලබාදීම අනුමත කරන බවත් මේ රටට ගොඩ එන්න බැරිනම් රට ආරක්ෂා කර ගැනීම සදහා සමහර විට ඒකාධිපතියෙකු වුවත් අවශ්‍ය වියහැකි බවත් පැවසීම.
මෙහිදී මහින්දට අගමැතිකම ලබාදීම අනුමත කරන කාන්තාවක් බව පෙනේ.

 ‘මහින්ද දුවන කොච්චියට බෙල්ල තියලා’

මෙහිදී රට අස්ථාවරව පවත්නා අවස්ථාවක මහින්ද අගමැතිකම භාර ගැනීම අණුවන ක්‍රියාවක් බව  දැනවීම
මොහු වැඩි දුරටත් කියා සිටින්නේ රනිල් වික්‍රමසිංහ මහතා සමග වැඩ කිරීමට අපහසු නම් විද්වත් ක්‍රීයාකාරීන් සහ සිවිල් සමාජ බලවේග ගෙන්වා කිව යුතු තිබූ බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙන්ම මහින්ද රාජපක්ෂවත් අමාරුවේ හෙලා ඇතිබව වැඩි දුරටත් කියාසිටී. හොදම විසදුම මහ මැතිවරණයක් පැවැත්වීම බවත් යැයි පැවසීම.

 ‘පක්ෂ විපක්ෂ හැමෝටම තියෙන්නේ බල තන්හාවක්’

මෙහිදී දේශපාලනඥයින් හැමෝම බලය සදහා තරග කරන බවත් පැවසීම
මෙහිදී ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර සිටින්නේ රටට මෙවැනි තත්වයක් උදාවෙලා තියෙන්නේ ජනතාවගේම පිහිටෙන් බවත් නිවැරදි නායකත්වයක් මෙන්ම හික්මීමක් තියෙන රට පාලනය කරන්න සුදුසු දේශපාලනඥයින්ද පාර්ලිමේන්තුවට යැවිය යුතු බවත්ය.

 ‘මූලික හේතුව දේශපාලන නූගත්කම’

මෙහිදී රට පාලනය කරන දේශපාලනඥයින් දේශපාලනය ගැන න්‍යායාත්මක මෙන්ම ප්‍රායෝගික දැනුමක් නැති පුද්ගලයින් බව මෙමගින් අදහස් කරයි.
එහිදි වැඩි දුරටත් අදහස් කරන්නේ රටේ ජනාධිපතිවරයා ආර්ථික, දේශපාලන තත්වය ගැන මීට වඩා වගකීමෙන් කටයුතු කලයුතු බවත් ආණ්ඩු මාරු වීමත් සමග ජනතාව තවදුරටත් පීඩාවට පත්වුන බවත් පවසයි. එමෙන්ම ජනතාවට සේවය කිරීම මූලිකම අරමුණ නම් එහිදි බලය අවශ්‍ය නොවන බවත් පැවසීම
තවත්  ඡායාරූපයක් ලෙස සංවාද සටහන තුළ මදක් විශාලව පලකර ඇති පාර්ලිමේන්තුවේ ගහමරා ගැනීම සම්බන්ධ ජායාරූපය දැකගත හැක. මෙමගින් පවතින දේශපාලන වියවුල් කාරී තත්වය මනා සෙයින් පිළිඹිබු කිරීමට කටයුතු කර තිබේ.

■ විමංසනය ලෙස සදහන් කර ඇති පුවත්පත් පිටුවේ

‘වත්මන් අර්බුදය එදා දුටු ඇත්ත මෙන්න’ ලෙස සිරස්තලය සකස් කොට ඇත. මෙහිදි ඇත්ත පුවත්පත සිරස්තල යටතේ ඉදිරිපත් කල කරුණු මගින් වත්මනෙහි ඇති වී තිබෙන මූල්‍ය අර්බුදය ආර්ථික අර්බුදය ආදිය ගැනද අණාවරනය කල බවත් පවසයි. මෙහිදී සිරස්තල කිහිපයක් ඉදිරිපත් කරමින් වත්මන් අර්බුදය ඇති වීමට එම කාරණා හේතු වූ බව පවසයි.

■ කාටූන් භාවිතය

මෝල් දිවයින කාටූනය
මෙහිදී යම්කිසි අර්ථයක් ගැබ්ව ඇති අතර අසහනය පිස්සුව සහිත දිවයිනක් ලෙස හැගවීමට කාටූනයේ මෙම නම යොදා ඇත.
මෙහිදී පාර්ලිමේන්තුව ඈතින් දිස්වෙන අතර පොදු ජන වැසිකිළිය ලෙස සදහන් පුවරුවක් තුලින් ගමන් කරන්නේ දේශපාලනඥයින්ය. මෙහිදී වතුර බාල්දි රැගෙන පොදුජන වැසිකිළියක් බදුවූ පාර්ලිමේන්තුව දෙසට ගමන් කරන දේශපාලනඥයින්ගේ ජායාරූපයක් මෙහිදි පෙන්නුම් කරයි.
 පුවත්පතේ මුල් පිටුවේ දකුණු පස කෙළවරට වන්නට කුඩා කාටූනයක් දැකගත හැකි අතර ‘කලටි පොල්’ ලෙස මෙම කාටූනය පලවේ. දේශපාලනඥයා හිත හිත එන්නේ තුරුම්පු ගැනය. බලය සදහා ලැබී ඇති අවස්ථා ගැන සිතමින් ඉන්නා බවක් පෙනේ.

■ ඡායාරූප භාවිතය

■ වෙනස් හැඩැති විරෝධතා යන සිරස්තලය යටතේ පළ වූ ලිපිය සහ එම ඡායාරූපය
සිරස්තලය- මෙහිදී එකිනෙකට වෙනස් ආකෘතීන් යටතේ විරෝධතා පළකර ඇති බවක් ගම්‍ය වේ.
පින්තූර- ඉංග්‍රීසි, දෙමළ සහ සිංහල යන භාෂා ත්‍රිත්වයෙන්ම යුත් රෙදි බැනර් ප්‍රදර්ශණය කරමින් සිටින කාන්තාවන් පළමු පින්තූරයෙන් දැකගත හැක.

President Our Chidren Are Watching- ‘ජනාධිපතිතුමනි අපේ දරුවන් ගැනවත් දකින්න’. මෙහිදී රටේ අනාගතය ගැනවත් සිතා මෙම දේශපාලන ව්‍යාකූල තත්ත්වය මග හැරීමට කටයුතු කරන මෙන් පැවසීම.
තවද දමිළ භාෂාවෙන් සටහන් කරන ලද රෙදි බැනර්ද දැකගත හැකිය.
සිංහලෙන් සදහන් වන්නේ ‘රටේ දරුවන් ගැන හැගීමක් නැද්ද’ යන්නයි. 
Democracy යන්න සෑදෙන ආකාරයට සැරසුන T shirt වලින් සිටින පුද්ගලයින්ගෙන් මෙම පින්තූරය සමන්විතය. මෙහිදී ගේම් ඇති! පුරවැසි මතයට හිස නමමු!! යන්න අවධාරණයෙන් යුතුව පවසන ආකාරයක් දැක්වේ. හර්ෂයාදී ලකුණ යෙදීමෙන් එය තවදුරටත් පැහැදිලි වේ.
පින්තූර වලට පසුව තිබෙන වාර්තාව- මෙහිදී දේශපාලන ව්‍යාකූලත්වය හේතුවෙන් සංවිධාන වීදි බැස විරෝධතාවල නියැලෙන බවද ශ්‍රී ලංකාවේ කාන්තාවෝ නම් සංවිධානය විසින් ජනාධිපතිවරයාට ලිපියක් බාරදීම කේන්ද්‍ර කරගත් විරෝධතාවය මෙහිදී වැඩියෙන් උලුප්පා දක්වයි.
මෙහිදී වැස්සද නොතකා ධෛර්යයෙන් යුතුව විරෝධතාවල නියැලෙන බව කියාසිටි.

■ එමෙන්ම ‘දිදුලන හදවත’ සංවිධානය විසින්ද වෙනස් ආකාරයක විරෝධතාවයක් සංවිධානය කර ඇති බවත් මෙහිදී මෙහිදී වෙස් මුහුණු පලදා විරෝධය කර ඇති බවත් සදහන් කොට තිබීම.

■ තවත්  ඡායාරූපයක් ලෙස සංවාද සටහන තුළ මදක් විශාලව පලකර ඇති පාර්ලිමේන්තුවේ ගහමරා ගැනීම සම්බන්ධ ජායාරූපය දැකගත හැක. මෙමගින් පවතින දේශපාලන වියවුල් කාරී තත්වය මනා සෙයින් පිළිඹිබු කිරීමට කටයුතු කර තිබේ.
                                                                                         

                                                                                                     w.s.v. සෙනෙවිරත්න
                                                                                                     ජනසන්නිවේදන අධ්‍යන අංශය
                                                                                                     කැලණිය විශ්වවිද්‍යාලය

Thursday, 4 July 2019


සුපර් සික්ස් චිත්‍රපටයේ චරිතවල ස්වභාවය



■ මලීකා සිරිසේනගේ-ප්‍රියා
■ හේමාල් රණසිංහ-සනත්
■ පබෝදා සන්දීපනි-ජූලෝ
■ අරුණි රාජපක්ෂ-ෂෙරීන්
■ සාරංග දිසාසේකර-ජූඞ්
■ පුබුදු චතුරංග-භාතිය
■ සනත් ගුණතිලක-සනත්ගේ අයියා
■ දුලීකා මාරපන-ජූඞ්ගේ මව
■ අකලංක ගනේගම
■ ගාමිණී හෙට්ටිආරච්චි-ජූඞ්ගේ පියා 
■ රොෂාන් රණවන-අරවින්ද   
■ රොඞ්නි වර් ණකුල

 සමස්ත චරිතවල රංගනය


මෙම චිත්‍රපටය තුළ පබෝදා හැරුණු විට අන් කිසි කෙනෙක් තමන්ට ලැබී ඇති ඉතාම පැතලි සීමිත චරිතයට හෝ සාධාරණයක් ඉටු කරන බවක් පෙනෙන්නට නැත. හේමාල් රණසිංහ හෙවත් සනත් විටෙක රංගන කෞෂල්‍යයක් පෙන්නුවත් ඒක දිගින් දිගටම පවත්වාගෙන යෑමක් දක්නට නොලැබේ. ප්‍රධාන චරිත අසාර්ථක වෙද්දී තමන්ට ලැබී ඇති වපසරිය තුල දුලීකා මාරපන, මහේන්ද්‍ර පෙරේරා සහ සනත් ගුණතිලක වගේ අය දක්වන රංගනය කලින් කී ප්‍රධාන චරිත වල රංගනයේ තියෙන දුර්වලතාවන් වඩාත් ඉස්මතු කරන්නක් බව කිවහැක. සුපර් සික්ස් චිත්‍රපටයේ නළු නිළියෝ 160ක් පමණ රගපායි.

චිත්‍රපටයේ චරිත තුල දක්නට ලැබෙන ජනප්‍රිය සංස්කෘතික ලක්ෂණ

■ ප්‍රියා, සනත්, සුලෝ, ෂෙරීන්, ජූඞ්, අරවින්ද club සංස්කෘතියට හුරු වූ තරුණ තරුණියන් වන අතර ඔවුන් වර්තමානයේ පවත්නා ජනප්‍රිය යැයි කියා ගන්නා මෙම සංස්කෘතියට හුරු පුරුදු වී ඇත.
■ එමෙන්ම කෙළිලොල් ගති පැවතුම් හිමි කණ්ඩායමක් ලෙසද ගත හැක. ජනප්‍රිය සංස්කෘතික ලක්ෂණ මොවුන්ගේ හැසිරීමෙන්ද, ඇඳුම් පැළඳුමෙන් හා කතාවෙන්ද මනාව නිරූපනය වේ.
■ බීමට ඇබ්බැහි වී සිටින පිරිසක් ලෙස දැකගත හැක. 1977 විවෘත ආර්ථිකයත් සමග බටහිර සංස්කෘතීන්හි පවතින සෑම දෙයක්ම ලාංකික සංස්කෘතියට එකතු වූ බව කිවහැක. ඒ අනුව බියර්, විස්කි, අරක්කු වැනි මත්පැන් මෙරට සංස්කෘතියට එකතු වූ දෑය. මෙහිදී නාගරික උසස් පන්තියේ මිනිස්සු විසින් භාවිතා කරන්නක් ලෙස මේවා දැක්විය හැකිය.
■ එමෙන්ම ක්‍රිකට් තම ජීවිතය කරගත් කණ්ඩායමක් ලෙස දැක්විය හැක. ක්‍රිකට් යනු වර්තමානයේ ජනප්‍රියම ක්‍රීඩාවක් වන අතර චිත්‍රපටය තුළද ඉස්මතු කරන්නේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් තම පිළ ජයග්‍රහණය කරවීමට උත්සහ දරන කණ්ඩායමක් ලෙසය.
■ අරුණි රාජපක්ෂ හෙවත් ෂෙරීන්ගේ පෞද්ගලික ආරක්ෂකයා ලෙසට කටයුතු කරන්නට යැයි රොෂාන් රණවන හෙවත් අරවින්දට පැවසීම. මෙමගින් පෙන්නුම් කරන්නේ බටහිර චිත්‍රපටවල පවත්නා දෑ සහ බටහිර සංස්කෘතියේ උසස් යැයි කියා ගන්නා පුද්ගලයන් සතුව පවත්නා ලක්ෂණ ලාංකික නාගරික උසස් පන්තිය වෙතට පැමිණීමත්ය.
(ෂෙරීන් තාත්තා නැති බව පවසන අවස්ථාවත් නුවරඑළියේ සංචාරයක තමා යෙදෙන බවත් ඒමට කැමති දැයි විමසන අවස්ථාව)
■ ජිම් යන කණ්ඩායමක් ලෙස දැකගත හැක.
මෙහිදි ක්‍රිකට් ක්‍රිීඩාවට අවශ්‍ය කාය වර්ධන ක්‍රියාකාරකම් සිදු කිරීම දැකගත හැක. ජනප්‍රිය සංස්කෘතියේ පවතින තාක්ෂණික භාණ්ඩ භාවිතය මෙහිදී දැකගත හැක.
■ වළි වලට බර අය වීම
මෙහිදී දැන් දැන් වළියක් යනු ජනප්‍රිය වීම සදහා යොදා ගන්නා ආකාරයක් ලෙස හඳුනාගත හැක. දෙපිරිසක් අතර ගැටුමක් ලෙසද පුද්ගලයන් දෙදෙනෙක් අතර ඇති වෙන ගැටුමක් ලෙසද මේවා දැක්විය හැක.
■ ප්‍රියා, සනත්, සුලෝ, ෂෙරීන්, ජූඞ්, අරවින්ද යන අය නර්ථනයන් වලදී දක්වන ප්‍රාසාංගික බව මේවාද ජනප්‍රිය සංස්කෘතියේ දක්නට ලැබෙන අංග වන අතර බටහිර නර්ථන විලාශයන්ගේ අංග එකතු කරමින් මේවා නිර්මාණය කොට ඇත.
■ ආදරණීය හැගීම් දැනෙන ලෙස චරිත නිරූපනය මෙහිදී ආදරවන්ත යුවලවල් 3ක් යොදාගෙන ඇති ආකාරයක් දැකගත හැක. කතාබහ කරන ආකාරය හා බස හසුරුවන ආකාරයද හැසිරීම් රටාද මෙහිදී ආදරණීය බව දැනෙන ආකාරයට ඉදිරිපත් කිරීම
■ අකලංක හා අරවින්ද හොටෙල් එකක සේවය කරන අතර මෙහිදී හෝටල් සංස්කෘතිය ගැනද කියාපායි. එයද ජනප්‍රිය සංස්කෘතියේ එක් අංග ලක්ෂණයක් ලෙස දැක්විය හැක.
■ පබෝදා සංදීපනී (සුලෝ) ක්‍රිකට් කණ්ඩායමට සෙල්ලම් කරන එකම තරුණිය වන අතර ඇය කොණ්ඩය කොටට කපා කොල්ලෙකු ලෙස හැසිරේ. bike පදින තරුණියක ලෙසත් කතාබහෙන් කොල්ලෙකු ලෙසත් ඇය හැසිරේ.
■ ජනප්‍රිය සංස්කෘතිය හඳුන්වා දීමට තාරුණ්‍යයේ පසුවන කෙළිලොල් තරුණ තරුණියන් පිරිසක් යොදා ගැනීම තවත් එක් ජනප්‍රිය සංස්කෘතික ලක්ෂණයක් ලෙස දැකගත හැක.

                                                                                                w.s.v. සෙනෙවිරත්න                                                                                                                              ජනසන්නිවේදන අධ්‍යන අංශය 
                                                                                                 කැලණිය විශ්වවිද්‍යාලය
                                                               

නව සිනමාව...

                                                      

නව සිනමාව යටතේ ජයන්ත චන්ද්‍රසිරි සහ ජැක්සන් ඇන්තනී යන සිනමාකරුවන්ගේ චිත්‍රපට වල පවත්නා විවිධ සංස්කෘතික ලක්ෂණ අධ්‍යනය කරන ලදි. ඔවුන්ගේ අබා, ඇඩ්‍රස් නෑ යන චිත්‍රපටත් සමනල සංධ්වනියත් ධර්ම යුද්ධයත් ඒ සදහා යොදා ගන්නා ලදි.

අබා
                                                    

චිත්‍රපටය ගතහොත් එහි දක්නට ලැබෙන්නේ පැරණි සංස්කෘතියේ සිට නව සංස්කෘතිය දක්වා ගමන් කිරීමකි. එය පැහැදිලිව දක්නට ලැබෙන්නේ පණ්ඩුකාභය කුමාරයා කුඩාකල ඇමතීම සදහා යොදා ගත් පඬු අබා කියන වචනයෙන් වීම. එහිදී පණ්ඩුකාභය යන නම පඬු ලෙස කෙටිකර අබා යන නමද එකතුකර පඬු අබා ලෙස හැඳින්විය. නම් වලින් පවා පෙන්නුම් කරන්නේ පැරණි සංස්කෘතියේ සිට නව සංස්කෘතිය දක්වා ගමන් කිරීමක්ය. නර්ථන වින්‍යාසය ගත්තොත් දකුණු ඉන්දියානු නර්ථන වින්‍යාසය හා වැදි නැටුම්වල ආභාෂය දක්නට ලැබේ. උදාහරණයක් ලෙස ගුම්භක භූතා සහ හබරා නර්ථනයේ යෙදෙන විට ඔවුන්ගේ යක්ෂ හා වැදි නර්ථන වල  ආභාෂය දක්නට ලැබේ.
ගීත වල ස්වභාවය ගතහොත් ඒවාහි කතන්දර ශෛලිය දක්නට ලැබේ. උදාහරණයක් ලෙස (එකමත් එක කාලෙක අප දේශෙට කුමරෙක් ආවා වංක රටේ සිට) යන ගීතය
කුඩා ගොපළු දරුවෙක් ලෙස හැදී වැඩෙන අබා කෙලිදෙලෙන් ගත කරයි. ඔහු තම කණ්ඩායමටද නායකත්වය දක්වන ලදි. එමෙන්ම ඇලෙක්සැන්ඩර් කුමාරයා උපතේ සිට මිය යන තුරුම රාජ කුමාරයෙක් විය. ඔහුට හැමදේම තිබුණි. අශ්වයින් මෙල්ල කිරීමද ඔහුට කියා දෙන ලදි. උගන්වන ලද්දේද ග්‍රීක පඬිවරයෙකි. නමුත් අබා හැදුනේ ගොපළු දරුවෙක් ලෙසයි. මෙහිදී පණ්ඩුකාභය කුමාරයාගේ කතාව ඇලෙක්සැන්ඩර් කුමාරයාගේ කතාවට සමාන වෙන්නැති නමුත් යම් පමණකට හෝ එයින් ආභාෂය ගත්තා යැයි කීමට හැක.
අබාහි කිතු ලක්ෂණ මෙන්ම බ්‍රාහ්මීය ලක්ෂණද දක්නට ලැබේ. මෙහිදී යක් ලේ ධාතුව ගැන කියවෙන කතාව එක් මතයකි. යක්ෂ ගෝත්‍රීකයින්ගෙන් සිංහ වංශිකයින් පැහැර ගත් රට නැවත එක්සේසත් වන්නේ දීඝ ගාමිණීට දාව උන්මාද චිත්‍රාට උපන් අබා කුමාරයා නිසා බව ඉතිහාසයේ සදහන් වේ. අබා චිත්‍රපටය තුලද ඒ බව සදහන් වේ.
මහා වංශයට අනුව පණ්ඩුකාභයගේ පියා වන්නේ උන්මාද චිත්‍රාගේ මාමාගේ පුතා වන දීඝ ගාමිණී වන අතර, මෙම චිත්‍රපටයේදී පණ්ඩුකාභයගේ පියා වන්නේ එක්ටැම්ගෙය මුරකල චිත්‍රරාජ නමැත්තෙකු බව පවසමින් ශ්‍රී ලංකා රාජ වංශය විකාශය වීම වෙනමම දිශාවකට යොමු කෙරේ.
රතු පැහැති මල් මාලය, මළ බෙර වාදනය, අකුණු ගසමින් අහස කළුකර වහින අනෝරා වැස්ස, ලී කඳහි අත් ගැට ගසා ගල් තලාව මතින් මරණය කරා රැගෙන එන චිත්තරාජව පෙනෙන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ චරිතය මෙනි. එහිදී ජැක්සන් ඇන්තනී කිතු දහමේ ලක්ෂණ මේ සදහා යොදාගෙන ඇති බව පෙනේ. ඒ සිදුවීම තවත් හොදින් පෙන්නුම් කෙරෙන්නේ සුදු පැහැ ඇදුමෙන් සැරසී සිටින හිස් ආවරණය කරගත් කාන්තාවන්ගෙනි.
චිත්‍රපටය තුළ ග්‍රීක රෝම ලක්ෂණ දක්නට ලැබේ. මෙහි ගුරුතුමා සහ ගෝලයින්ගේ ඇඳුම් පැලදුම් වලින්ද පෙන්නුම් කරන්නේ ඉන්දියානු බ්‍රාහ්මණ කුලයට අයත් ඇඳුම් පැලදුම්ය.
තවද සතුන්ගෙන් ගත් ඇටකටු වලින් සකස් කරගත් මාල වළලු වෙස් මුහුණු පවා චිත්‍රපටිය තුළ දක්නට ලැබේ. කොළ අතු වලින් සැරසීම ආදිය වැදි හා යක්ෂ සංස්කෘතීන්ගෙන් ආ දේවල් ලෙස හැදින්වීමට හැක. එමෙන්ම චිත්‍රපටිය අවසානයේදී චිත්තරාජ මරණයෙන් නැගී සිටී. ජේසුස් වහන්සේද මරණයෙන් නැගී සිටි. එහි ආභාෂයෙන් එය නිර්මාණය කරන්නට ඇතැයි සිතිය හැක.

ඇඩ්‍රස් නෑ
                                                    

එමෙන්ම ඇඩ්‍රස් නෑ චිත්‍රපටිය ගත්තොත් එහි විවිධ සංස්කෘතීන්ගෙන් ලත් ආභාෂයන් ලෙස චාලි චැප්ලින් සහ හිට්ලර්ගේ චරිත දක්නට ලැබේ.
නම් ආදිය ගත්තොත් හිඟාකන චැප්ලින්, නාසිවත්තේ හිට්ලර්, සද්ගුණවත් පින්සාර, මුඩුක්කුවේ සන්ධ්‍යා ආදී නම් වලින් මේ බව පෙනේ. විවිධ සංස්කෘතීන් නිරූපනය වන ලෙස නම් දැමීමට සිනමාකරුවා වග බලාගෙන ඇත. මෙම නම් වලින් චැප්ලින්, හිට්ලර් ආදී නම් එහෙන් පිටින්ම අරන් ඇත. ඒවාට නාසිවත්තේ හිට්ලර් සහ චැප්ලින් අයියා යැයි යොදා ලාංකික මුහුණුවරක් දෙන්න උත්සහ කර ඇත.
හිට්ලර් ට රඟපාන ජැක්සන් ඇන්තනී එහි ඒකාධිපති බව මනාව නිරූපණය කර ඇත.
චැප්ලින් ලෙස අනුකරණය කරන මහේන්ද්‍ර පෙරේරා මෙහි රඟන්නේ ගොළු චරිතයක් වන අතර චැප්ලින්ව අනුකරණය කරමින් ඔහු හිඟන වෘත්තියේ යෙදේ. මෙහිදී බටහිර සංස්කෘතීන්ගේ ආභාෂය රැගෙන ඇති බව දක්නට ලැබේ. මුඩුක්කු, හිඟන, ගණිකා සංස්කෘතීන් යන ඒවා දක්නට ලැබේ.
ගීත තුලද දක්නට ලැබෙන්නේ විවිධ සංස්කෘතීන්ගෙන් ලබාගත් වචනයි. උදාහරණ ලෙස (මේ බජාර් එකට මල්ලී අහසක් නෑ පොලොවක් නෑ අහසක් පොළොවක් නෑ ඇඩ්‍රස් නෑ) යන ගීතයෙන් ඒ බව පිළිඹිබු වේ.
හිඟන සංස්කෘතිය පැහැදිලිවම චිත්‍රපටිය තුල දක්නට ලැබෙන අතර වෑන් එකකින් නගරයේ විවිධ ස්ථාන වලට ගෙනත් හැරලන්නේ සංවිධානාත්මක කල්ලියකි. වර් තමාන හිඟන සංස්කෘතියද මේ ආකාරයෙන් දක්නට ලැබේ. හිඟන විදිහේද විවිධ ස්වරූපයන් දක්නට ලැබෙන අතර බස් වලට නැඟ ටියුබ් ලයිට් කන පුද්ගලයින්ද, චැප්ලින් ලෙස රඟපා මිනිසුන් සතුටු කර සල්ලි හොයමින්ද, දරුවෙක් වඩාගත් මවක්ද, අතපය තුවාල කරගත් දරුවෙකුද ඒ සදහා යොදාගෙන තිබේ. උදේට වෑන් එකකින් විත් නගරයට ගොස් දමා නැවත හවසට පැමිණ රැගෙන යාම හිඟන වෘත්තියේ ලක්ෂණයක් බවට පත් වී ඇත. එය චිත්‍රපටයේද දක්නට ලැබේ.

සමනල සංධ්වනිය
                                                

ජයන්ත චන්ද්‍රසිරිගේ සමනල සංධ්වනිය තවත් උදාහරණයකට ගත හැකිය. එහි කතා තේමාව දෙස බැලීමේදී එය නිර් මාණය කර ගැනීම සදහා අවශ්‍ය කතා වස්තුව පාදක කරගෙන තියෙන්නේ රුසියන් කතා මාලාවේ එන නැති වූ සපත්තුව නම් කතාව තුලිනි.( shors story)සමනල සංධ්වනිය කතාව තේමාවටද වස්තු විශය වී තියෙන්නේ නැති වූ නොහොත් මඟ හැරුණු ලියුමක් පිළිබඳවය.
සංගීතය යොදා ගැනීමේදීද බටහිර සංගීතය භාවිතා කර ඇති බව පෙනේ. (වාදීශ තම පාසලේදී විභාගයක් සදහා ගායනා කරන ගීත බටහිර පන්නයේ ගීත වේ). ඒ අනුව බටහිර පන්නයේ ආභාෂයක් ලැබුනා යැයි කිව හැක.
ඇඳුම් පැලඳුම් ගතහොත් ප්‍රේක්ෂකාගාරය ඉස්සරහ ගීත ගායනා කරන්නට පැමිණෙන වාදීශ සහ වාද්‍ය වෘන්දය ඇද පැළද සිටින්නේ යුරේාපීය ඇඳුම්සංගීතය පිළිබදව බැලුවහොත් බටහිර සංගීතය යම් තැනකදී යොදාගෙන ඇතිබව පෙනේ. උදාහරණ ලෙස තම පාසලේ විභාගය අවස්ථාවේදී ගායනා කරන්නේ බටහිර ගීතයි. (oh dane the go)
භාෂා භාවිතය ගතහොත් ඉංග්‍රීසි වචන යොදාගෙන ඇති බව පෙනේ. (You Have Good Future My Son)
මෙහි පුණ්‍යාගේ චරිතයට රගන යශෝධා විමලධර්ම කුමාරි උද්‍යානයට වී සිටින ආකාරයෙන් දිස් වන්නේ රුසියානු සිනමාවේ දක්නට ලැබෙන කාන්තාවගේ ස්වරූපයය.

ධර්ම යුද්ධය

                                                  

                           මීට අමතරව ජැක්සන් ඇන්තනී රඟන ධර්ම යුද්ධය චිත්‍රපටය ගතහොත් එහි ප්‍රධාන ලක්ෂණයක් වන්නේ එය දේශීය චිත්‍රපටයක් ලෙස මුළුමනින්ම සැලකිල්ලට ගත නොහැකි වීමයි. එහි කතා සංකල්පයේ සිට අධ්‍යක්ෂණය, කැමරාකරණය, සංස්කරණය ආදී ප්‍රධාන අනුශාංගික අංශ මෙරට නිර්මාණකරුවන්ගේ නොවූවද සංගීතය හා රංගනය ශ්‍රී ලාංකික නළු නිළි හා නිර්මාණකරුවන්ගේ බව ධර්ම යුද්ධය නරඹන කල පෙනේ.
මලයාලම් බසින් 2013 දී ඩිරෂ්යම්, කන්නඩ බසින් 2014 දී ඩිෂ්යා, තෙලිඟු බසින් 2014 දී දෘෂ්‍යම්, දෙමළ බසින් 2015 දී පාපනාසම්, හින්දි බසින් 2015 දී ඩිරෂ්යම්, 2017 දී සිංහල බසින් ධර්ම යුද්ධය සේ අපට නරඹන්නට ලැබී තිබේ- ඩිරෂ්යම් මුල් නිශ්පාදනය, කේරලයේදී පලමු වරට තිරගත වූ අවස්ථාවේදී දින 150 ක් ප්‍රදර් ශනය වෙමින් බොක්ස් ඔෆිස් වාර් තා තැබූ සිනමා නිර් මාණයක් විය. එපමණක් නොව කේරළ ප්‍රාන්ත සිනමා උළෙලෙහිදී සම්මානයෙන් පිදුම් ලබන්නේ වසරේ හොදම චිත්‍රපටිය ලෙසයි.
ධර් ම යුද්ධයෙහි මුල් නිශ්පාදනයේ සිට, සිංහලෙන් නිමවුණු 6 වන චිත්‍රපටය තෙක් පෙර නිශ්පාදන අතිශයින් ජනප්‍රීයව ඇත්තේ චිත්‍රපටයේ කතා සංකල්පය හේතු කොටගෙනද එක් එක් නිශ්පාදනයන්ගේ නළු වරණය (casting) ජනප්‍රිය වීම නිසා යන ප්‍රශ්නය මතු වේ.
ලංකාවේ නම් ධර්ම යුද්ධය චිත්‍රපටයේ ප්‍රධාන චරිත සදහා යොදාගත් නළු නිළියන් මේ කතාව මෙතරම් ජනප්‍රිය වීම සදහා බලපා ඇත. තවද කතාවෙහි ඇතුලත් කුතුහලයද මේ සදහා ඉවහල් වී ඇති බව පෙනේ.
ධර්ම යුද්ධය චිත්‍රපටයේ කුතුහලය ආරම්භයේ සිට අවසානය වන තෙක්ම පවතී. ලාංකිකයන් වඩාත් කැමති චිත්‍රපටය අවසන් වන තෙක්ම කුතුහලය පවතිනවානම්ය. අපේ චිත්‍රපටය තුළ අන්තිම මොහොත වෙනකම් මිනිය යට ගැසීම කියන කාරණය සිතිය නොහැකියි. කකුලෙන් බිමට තට්ටු කරනකම් සිතාගත නොහැකියි- දෙමළ චිත්‍රපටය තුල පොඩි අදහසක් එනවා පොලීසිය හදන තැන පෙන්වීමෙන්. දෙමළ චිත්‍රපටය තුල පොලීසිය හදන තැන නිතර නිතර පෙන්වන අතර ඔවුන් එය තාර්කිකව පෙන්වා දී ඇත. සිංහල චිත්‍රපට shot එකක් පමණක් පෙන්වයි. වෙන්නේ මොකක්ද යන්න තේරුම් ගැනීමට අපහසු එනම් අවසානය දක්වාම උද්යෝගීමත්ව නැරඹිය හැකි වන්නේ චිත්‍රපටය තුල කුහුල උපරිමයෙන් තිබුනොත් බවට ලාංකිකයන් සිතයි. අධ්‍යක්ෂකවරු පෙළඹි සිටින්නේද ඒ අනුව චිත්‍රපට නිර්මාණය කිරීමටය.
ධර්ම යුද්ධයෙහි හරිස්චන්ද්‍රට රඟන ජැක්සන් ඇන්තනී ශේන්ගේ වාහනය රැගෙන ගොස් අයින් කරන අවස්ථාව අරන් ඇත්තේ Low Angle මගිනි.  පවා විදේශීය චිත්‍රපටි තුලින් අරන් ඇති බව පෙනේ. වර්තමානයේද සෑම චිත්‍රපටියකම Low Angle එක දක්නට ලැබේ. මේ ආකාරයේ විවිධ සංස්කෘතීන්ගේ ලක්ෂණ අරන් ඒවා නිරූපණය වන පරිදි චිත්‍රපට නිර්මාණය කිරිම දක්නට ලැබේ.


සාරාංශය


අන්තර් සංස්කෘතික අධ්‍යනය යනු විවිධ සංස්කෘතීන් සමඟ මානව කණ්ඩායම්වල පවතින සම්බන්ධතාවය විමර්ශනය කිරීමයි. ඈත අතීතයේ සිට අද දක්වාම විවිධ රටවල ජන කණ්ඩායම් අතර පවතින සංස්කෘතික ලක්ෂණ එකිනෙකට සම්බන්ධ වීමත් ඒවා එකිනෙකෙහි අන්තර් සම්බන්ධතාවක් ගොඩනඟා ගැනීමත් දක්නට ලැබේ. සිනමාව ගතහොත් එයටත් විවිධ වූ අන්තර් සංස්කෘතික ලක්ෂණ පැමිණ තිබේ. සිනමාවේ නිර්මාණයන් අධ්‍යනය කිරීමේදී ඒ ඒ සංස්කෘතීන්ගෙන් ලබන ලද පෝෂණය දක්නට ලැබේ. ඒ අතරින් 90 දශකයේ සිනමාව වඩාත් කැපී පෙනේ. අප කණ්ඩායමට ලැබී තිබුනේ මෙම 90 දශකයේ සිනමාවේ සිනමාකරුවන් තෝරාගෙන, ඔවුන් විසින් අධ්‍යක්ෂණය කල චිත්‍රපට කිහිපයක් තෝරාගෙන, එහි ඇතුලත් අන්තර් සංස්කෘතික ලක්ෂණ අධ්‍යනය කිරීමකි. අප තෝරාගත් සිනමාකරුවන් වන්නේ ධර්මසේන පතිරාජ, ඩොනල්ඞ් ජයන්ත, සෝමරත්න දිසානායක, ජැක්සන් ඇන්තනී, ජයන්ත චන්ද්‍රසිරි, සුනිල් ආරියරත්නයි. ඔවුන් විසින් කල චිත්‍රපට කිහිපයක පවත්නා අන්තර් සංස්කෘතික ලක්ෂණයන්ගේ සම්පින්ඩනයක් මෙම ඇගයිම පුරාවට දක්නට ලැබේ.

                                                                                                     w.s.v. සෙනෙවිරත්න
                                                                                                     ජනසන්නිවේදන අධ්‍යන  අංශය
                                                                                                     කැලණිය විශ්වවිද්‍යාලය

Wednesday, 3 July 2019


තිත්තවැල්ල වැවෙහි  ඛේදවාචකය...


කුරුණෑගල දිස්ත්‍රික්කයේ මාස්පොත ප්‍රාදේශ්‍රීය ලේකම් කොට්ඨාසයේ අංක 777 දරන මාවිදළුපොත ග්‍රාම නිළධාරී බල ප්‍රදේශයේ පිහිටා තිබෙන සාරගම හෙවත් තිත්තවැල්ල වැව කුරුණෑගල ප්‍රාදේශීය සභා පාලන ප්‍රදේශයට අයත්ය. මෙය කුරුණෑගල පුත්තලම මාර් ගයෙහි පිහිටා ඇති අතර එය ඉතාමත් ආකර්ෂණීය වටපිටාවක් ඇති වැවක් ලෙස ප්‍රසිද්ධය. සංචාරකයින්ද වැඩි වශයෙන් ගැවසෙන එම ප්‍රදේශයේ සුන්දරත්වය රැක ගැනීමට කටයුතු කරනවා නම් යෙහෙකි. වර්තමානය වන විට ගම සහ වෙල් යාය කියන වචන නාම වලට පමණක් සීමාවී එ් වෙනුවට අවන්හල් සහ වෙළඳසැල් එකතු වී ඇත. මේ හේතු කොටගෙන වැව පරිභෝජනය කරනවා වෙනුවට වැවෙහි සිසිලස පමණක් විඳ ගන්නට සිදු වීමෙන් වැව ආගන්තුකයන්ගේ ග්‍රහණයට ලක්ව ඇතැයි බැලූ බැල්මට පෙනේ.
වැව ග්‍රහණය කරගෙන ඇත්තේ ආක්‍රමණශීලි ජලජ ශාකය. වැවෙහි පවතින මෙම සැල්වීනියා ජලජ ශාක ඉවත් කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ගොවි සංවිධාන, කෘෂිකර් ම දෙපාර්තමේන්තුව ගත් උත්සහයන් ව්‍යර්ථ වී ඇත. මෙම ජලජ ශාක නාවික හමුදාව විසින් එකතු වී ඉවත් කර ඇති බව එහි ගිය පසු දැක ගන්නට ලැබුණි. නමුත් තවමත් ශාක ඉවත් කල කොටසක් දක්නට ලැබේ. සම්පූර්ණයෙන්ම මෙම ශාක ඉවත් කරන්නට කටයුතු කරනවා නම් මැනවි. එවිට වැවෙහි පවතින සුන්දරත්වය මැනවින්
දැකගත හැකි වනු ඇත. විටින් විට වැව සංවර්ධනය කලද එහි ඵලය ගොවීන් වෙත නොලැබුණු බව ගොවීහු පවසති. අක්කර 64 කින් යුත් වපසරියකින් යුතු වැව වර්තමානය වන විට ඇත්තේ අක්කර 30 කටත් වඩා අඩු ප්‍රමාණයකිනි. වැවෙහි ඉඩම් ගොඩකර නිවාස සාදා ඇති බවද එහි යන  ́සෑම කෙනෙකුට පැහැදිලි වන දසුනකි. වගකිවයුත්තන්ට එවන් වූ සුළු ප්‍රමාණයක්වත් සුරක්ෂිත කර ගැනීමට නොහැකි වී ඇති බව ඔප්පු වී ඇත.
මෙයට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ වැවෙහි අවට අනවසරයෙන් ගොඩකර අවන්හල් ආදිය ඉදි කිරීමත් වැවෙහි ජලය පිරෙන කොටස්වල ආගන්තුක ශාක පිරී තිබීම නිසාය.
මෙම වැවෙන් පෝෂණය වූ කුඹුරු යාය වර්තමානය වනවිට අක්කර 185ට අඩු වී තිබේ. එයින් ආර් ථිකය සරිකර ගන්නා ගොවි පවුල් සංඛ්‍යාවද මේ වන විට අඩු වී ඇත. එයින් ආර් ථිකය සරිකර ගන්නා ගොවි පවුල් සංඛ්‍යාවේ අඩු වීමක්ද දක්නට ලැබෙන අතර ගොවි සංවිධානද ශක්තිමත් නැති බව ගොවීහු කියති. ගොවීන්ට වැවෙහි ඇති අයිතිය හීන කරමින් ආක්‍රමණය කර තිබෙන ව්‍යාපාරික ප්‍රජාව සහ බලධාරීන් ඔවුනට රිසි සේ වැව පරිහරණය කිරීමෙන් වැව විනාශ වී ඇති බව කියති. සැල්වීනියා සහ ජපන්ජබර වලින් වැව වසා ගැනීම නවතාලන්නට පසුගිය වසර තුල විවිධ උපක්‍රම උපයෝගී කර ගන්නා ලදී. ගොවි සංවිධානවල සහයෝගය ඇතිව ජලජ ශාක ඉවත් කිරීමට සහ ජෛව
පාලන ක්‍රමයක් ලෙස කෘමීන් යෙදවීමද සිදු කලහ. නමුත් වැවෙහි ප්‍රතිසංස්කරණයක් තවම දක්නට නොමැත.
මේ හේතුව නිසා වැවෙහි භූමිය අයථා ලෙස අත්පත් කර ගැනීමට එරෙහිව අධිකරණයේ නඩු කිහිපයක්ද විභාග වේ. වැවෙහි ඇතැම් ස්ථානවල ජලජ ශාක ඉවත් කිරීමට අවන්හල් හිමියෝද ඉදිරිපත්ව සිටිති. නමුත් ජලජ ශාක ඉවත් කිරීමට ව්‍යාපාරිකයන් විදිහට සෘජුව මැදිහත් වීම ගැටලුසහගත බව ඔවුන් කියා සිටි.
මත් ලෝලීන්ගෙන් සහ කුඩුකාරයින්ගේ නිජ බිමක් බවට මේ ස්ථානය පත් වූයේ සවස අඳුරවැටීමත් සමගය. තැන තැන විසිරී පවතින කුණු හේතුවෙන් වැව අවට පරිසරය අපවිත්‍රව පවතී. මෙහි දැක්වෙනුයේ අපවිත්‍රව පවත්නා වැව අවට ප්‍රදේශයයි.

විවිධ ව්‍යාපෘති කිරීම සදහා අනුමැතිය ලබා ගැනීමට ආයතන කිහිපයකටම එකගතාවය අවශ්‍ය වන්නේ මෙම පාරිසරික හානි සිඳු වීමට ඇති ඉඩකඩ නිසාවෙනි. වයඹ පළාතේ දිගින් දිගටම සිදුවෙන පාරිසරික හානි පිළිබඳව අනාවරණය කරගන්නට සිදු වූයේ වයඹ පළාතේ පරිසර අධිකාරියේ අධූරධර්ශී කියා පිළිවෙත හේතුවෙනි. සාරගම වැව් රක්ෂිතය අවධානමට ලක් කරමින් සිදුවන නීතිවිරෝධී ඉදි කිරීම් සම්බන්ධයෙන් මෙහිදී දැඩි අවධානයක් යොමු කල යුතුයි. කුරුණෑගල වැව හැරුණු විට කුරුණෑගලට ආසන්නම වැව ලෙස මෙසේ අවධානමට ලක්ව ඇති සාරගම වැව හඳුන්වා දිය හැකිය. වැව මධ්‍යයට කර තැනූ පුත්තලම-කුරුණෑගල ප්‍රධාන මාර්ගය මෙන්ම වැවට පසෙකින් ඉදිකල සාරගම විහාරය හා බුදු පිළිමය වැව් පරිසරයේ සුන්දරත්වය තව තවත් ඉහළ නංවයි. වසර 10 කට පමණ පෙර කුරුණෑගල නගරයට මායිම්ව පිහිටි කුරුණෑගල වැවද මෙවැනි මනස්කාන්ත පරිසර පද්ධතියකට උරුමකම් කීවද කුරුණෑගල වැව වටා කිසිදු බලපෑමකින් තොරව පරිසර පද්ධතියට හානි කරමින් ඉදිකල හෝටල් පද්ධතිය එකී මනස්කාන්තභාවය විනාශයට පත්කල අතීතයක්ද ඇත. අවසානයේ කුරුණෑගල නගරයේ ජල අවශ්‍යතාවය සපිරූ කුරුණෑගල වැව් ජලය භාවිතයට ගත නොහැකි තරමට දූෂණයට ලක්විය. කුරුණෑගල වැව ඇතුළු පරිසර පද්ධතිය මරු තුරුළට යැවීමට අවශ්‍ය නෛතික බලයන් සියල්ලන්ම අදාළ ව්‍යාපාරිකයන්ට ලබා දී ඇති බැවිනි. නමුත් අර්බුදය මතුවන්නේ වයඹ පරිසර අධිකාරිය මෙම ව්‍යාපෘති සදහා අනුමැතිය ලබා දීමත් සමගය. ශ්‍රී ලංකාවේ ජාතික පාරිසරික පනතට අනුව කාමර 99කට වඩා වැඩි කාමර ගණනාවකින් යුත්
හෝටලයක් ඉදි කිරීමේදී එයින් සිදුවිය හැකි පරිසර බලපෑම් පිළිබදව සොයා බැලීමක් කිරීම අනිවාර්යය.
නමුත් මේ වන තෙක්ම සාරගම වැව ආශ්‍රීතව සිදු කෙරෙන සෑම ව්‍යාපෘතියක් සදහාම එලෙස සොයා බැලීමක් සිදුකර නොමැත. එලෙස සිදුකරා නම් මෙවැනි හානියක් වීමට ඉඩකඩ නොමැත. එ් මේ වන විටත් සාරගම වැව ආශ්‍රීතව එක් හෝටලයක් ඉදිකර අවසන්ව ඇති අතර තවත් හෝටල් දෙකක් ඉදිකරමින් පවතී. ගැටලුව නම් මේ ඉදි කිරිම් තුනම පවතින්නේ පරිසර සංවේදී කලාපයක වීමයි. ජාතික පාරිසරික පනතට ප්‍රකාරව වැව් රක්ෂිතයක උපරිම ජල ධාරිතා මට්ටමේ සිට 100 ඇතුළත ප්‍රදේශය හදුන්වනු ලබන්නේ පරිසර සංවේදී කලාපයක් ලෙසටය. මෙවැනි කලාපයක් නම් කිරීමේ අවශ්‍යතාවය වැව් පරිසරයට මෙම කලාපය තුළ සිදුවන ක්‍රියාකාරකම් සෘජුවම බලපෑම්
කරනු ලැබීමයි. මේ වන විටත් විශාල ප්‍රමාණයේ උත්සව ශාලාවක ඉදිකරගෙන යනු ලබන්නේ සාරගම වැව් රක්ෂිතයට අයත් භූමිය තුළයි. මෙය වැවට 20 ක දුරකින් ඉදිකර ඇති අතර අපවහන ජලය හැහැර කිරීම සදහා ක්‍රමවත් වැඩපිළිවෙලක් ක්‍රීයාත්මක වන්නේ නැත. පරිසර පද්ධතියේ පවතින සුන්දරත්වය නිසා මේ වනවිට මෙම උත්සව ශාලාව කුරුණෑගල ප්‍රදේශයේ ජනප්‍රිය උත්සව ශාලාවක් බවට පත්ව තිබේ. එ් පවතින සුන්දරත්වයට හානි සිදුව ඇත්තේ හෝටලයේ අපද්‍රව්‍ය කෙලින්ම වැවට බැහැර වෙන
නිසාය. රථ වාහන නවතා තැබීමටද නිසි තැනක් නොමැති වීම තවත් එක් ගැටලුවකි. එ් හේතුවෙන් වැව බැලීමට පැමිනෙන සහ හෝටලයට පැමිනෙන රථ වාහන නවතා තැබෙන්නේ වැව් පිටිය තුළයි. එමෙන්ම බස් රථ නවතා තැබීමට භාවිතා කරන අන්දමද දැකගත හැක.

මෙම ව්‍යාපෘති සදහා පාරිසරික බලපෑම් පිළිබද ඇගයිමක් නොකර ඇතිවාක් මෙන්ම නියමිතපරිදි අවසර ලබා ගැනීමේ ක්‍රීයාවලින්ද සිදුව නැත. මෙම ඉදි කිරීමට වයඹ පළාත් පරිසර අධිකාරියේ අවසරය මෙන්ම කුරුණෑගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අනුමැතියද ලැබී තිබුනද පාරිසරික බලපෑම් ඇගයීමක් නොමැතිව කිසිදු ඉදිකිරීමක් කිරීමට නෛතික බලයක් නොමැත. මේ පිළිබඳව වයඹ පරිසර අධිකාරිය අදාළ පාර්ශවයන් වෙත යවනු ලබන දැනුම්දීම් මගින්ද පිළිගෙන ඇත. නමුත් වයඹ පරිසර
අධිකාරිය තමන් විසින්ම පිළිගෙන ඇති එ් සම්මුතීන් බිඳ දමමින් අදාළ ව්‍යාපෘතියට අනුමැතිය ලබාදීම ගැටලුකාරීය.
වයඹ පරිසර අධිකාරියේ ලබාදුන් අනුමැතීන් මත ඉදි කරගෙන යන මහල් 4 කින් යුත් කාමර 10 ක් සහ උත්සව ශාලාවක් සහිත ඉදි කිරීම වැවට 8 ක දුරකින් ඉදිවන්නක් වන අතර මෙම ඉදි කිරීමටද පාරිසරික බලපෑම් ඇගැයිමක් සිදුකර නොමැත. මෙම ඉදිකිරීම්ද කිසිදු පරිසරයට හානිදායක නොවන පරිදි අපද්‍රව්‍ය හා අපජලය බැහැර කිරීමේ ක්‍රමවේදයක් හෝ සැලසුමක් පෙන්වා දී නොමැත. ලබා දී ඇති අනුමැතිය මත මේ වන විට සිදුකරගෙන යන ඉදිකිරීම වැවට 500 දුරින් එනම් වැවේ පරිසර සංවේදී කලාපය තුළ පිහිටා තිබුනද පාරිසරික බලපෑම් අගයක් සිදුකර නොමැත. මෙම ඉදිකිරීමද කාමර 9කින් හා මහල් 2 කින් යුතු විශාල ප්‍රමාණයේ උත්සව ශාලාවක් සහිත ව්‍යාපෘතියකි. මෙම සියලු ව්‍යාපෘති වලට වයඹ පළාත් පරිසර අධිකාරිය කොන්දේසී මාලාවක් ඉදිරිපත් කර ඇති අතර එම බොහෝ කොන්දේසි මෙම ව්‍යාපාරිකයන් අමු අමුවේ උල්ලංඝනය කරන බව එ්කී හෝටල් නිරීක්ෂණයෙන් අවබෝධ කර ගැනීමට හැකි විය. මේ පිළිබඳ සොයා බැලීමේ බාරය ඇති වයඹ පළාත් පරිසර අධිකාරියේ කිසිදු නිළධාරියෙක් මේ වන තෙක් අදාල පරිසර හානිය පිළිබද කටයුතු නොකිරීම කනගාටුවට කරුණකි. මේ පිළිබදව වයඹ පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ සමන් සේනානායක මහතාගෙන් කල විමසීමකදී ප්‍රකාශ කලේ මෙම ව්‍යාපෘතියට පරිසර බලපෑම් ඇති බවයි.
ගොවි සංවිධානයේ ලේකම් අජන්තා බඹරැන්ද මහත්මිය- ‘මේ තිත්තවැල්ල වැවට නීත්‍යානුකූලව අක්කර 108ක් තිබෙනවා. දැන් තිබෙන්නේ අක්කර 60ක් පමනයි. සමහරු බලෙන් අල්ලාගෙන හොර ඔප්පු ලියාගෙන. මේවා ආපසු පවරා ගන්නා ලෙස ඉල්ලා සිටිනවා. වැවේ වැඩට කවුරුත් කැමැත්තෙන් එනවා. ඇමතිතුමා ඇතුළු නිළධාරීන් නිතර පැමින අපව දිරිමත් කරනවා.’
අධීක්ෂණ නිළධාරී ජයතිලක මහතා-‘වසර 40ක් තිස්සේ අප කල ඉල්ලීම ඉටු වුණේ මේ රජයෙන් පමනයි. මේ වැවෙන් ජලය ලබා ගන්න කාගෙත් ආසාවක් තියෙනවා. උදේ සිට සවස් වන තුරු ඉන්නේ වතුරේ. වැව මැද තිබෙන වල් කැලෑව පිහියෙන් කපාගෙන ගොඩට ගේනවා. එ්ක බොහොම අමාරු වැඩක්. කීප දෙනෙක්ම ලෙඩ වුනා. තම තමුන්ගේ කෑම තමන්ම සපයා ගන්නවා. පංසලේ හාමුදුරුවොත් ඉතිරිවෙන දානේ ටික ගෙනත් දෙනවා.’
නඩත්තු එ්කකයේ ප්‍රධානී දිසානායක මහතා-‘දැනට වැවේ වැඩ පටන්ගෙන දින 25ක් වෙනවා.හතරෙන් එකක් පමණ වැඩ ඉවරයි. ඇස්තමේන්තු මුදලින් 20%ක් ඉතිරි කර ගැනීමටයි බලාපොරොත්තුව’එමෙන්ම වැවෙහි පැවති ජලජ ශාක නාවික හමුදාව විසින් ඉවත් කර එ්වා වැව වටා ගොඩ ගසා ඇත. සැල්වීනියා කදු ලෙස ගොඩ නගා ඇති අතර වැවෙහි සුන්දරත්වය නැරඹීමට එන සංචාරකයින්ට එය අපවිත්‍ර වී ඇති සෙයක් දිස් වේ. එම ජලජ ශාක එතැනින් ඉවත් කරන්නේ නම් මැනවි. සොරොව්ව වල් වැදී ඇත. වැව අවට පරිසරය සුද්ධ පවිත්‍ර කිරීම එහි සුන්දරත්වය වැඩි කරනු ඇත. වල් වැදී ඇති වැව අවට පරිසරය එලි පෙහෙලි කලහොත් එය බලන්නට එන සංචාරකයින්ගේ ආකර්ෂණය වැඩි දියුනු කරගත හැක. තවද වැව අවට දමා ඇති ටින් කැබලි, බෝතල් කටු, කෑම පාර් සල්
ආදිය ඉවත් කිරීමද වැව නැරඹීමට එන සංචාරකයින්ට ආහාර ගෙන එම ඉතිරි වූ කොටස් දැමීමට අපද්‍රව්‍ය බැහැර කරන ඩස්පින් තැබීම හොදය. රාත්‍රී කාලයට වැව අසලට එන මිනිසුන් මත් ද්‍රව්‍ය පානය කර අවට බෝතල් දමා තිබෙන අයුරුත් බීමත්ව හැසිරෙන අයුරුත් පදේශවාසීන්ට හා පන්සලටත් දැඩි හිරිහැරයකි. මෙම ක්‍රියාකාරකම් පාලනය කිරීම වගකීමක් මෙන්ම යුතුකමක් වන්නේය. ස්වාභාවික සුන්දරත්වයෙන් පාරිසරික දායාද විනාශයට පත් නොකර රැක ගැනීමට තැත් කිරීම සහ අනාගත පරපුරට ඒවා දැක ගැනීමට ඉඩ සැලැස්වීම යුතුකමකි. පරිසර බලධාරීන්ගේ අවධානය තව දුරටත් වැව කෙරෙහි යොමු වෙනවා නම් මෙම උපද්‍රව අවම කිරීමට ඉඩ ඇත.
                                                                                                                                                                                                                                                                          w.s.v.සෙ‍ෙනවිරත්න
                                                                                                      ජනසන්නිවේදන අධ්‍යන අංශය
                                                                                                      කැලණිය විශ්වවිද්‍යාලය

                                                                        

හමුවීම



පැයකට හමාරකට වඩා ඇද හැලුණු  වර්ෂාව දැන් නතර වී තිබේ. වියළි කාලගුණයක් පැවති මේ කාලයේ වැස්ස බිමට ආශිර්වාදයක් වුවද, දිගටම වැස්ස පවතීවි යැයි මම බිය වුණෙමි. හිසරදය සෑදී මෙතෙක් වෙලා ඇදට වී වැතිර සිටියද මා සිටින්නට ඇත්තේ නින්දත් නොනින්දත් අතර වන්නට ඇත. පුතු පෙනෙන්නටවත් නැත. පුතු හා නිර්මාල් හෝටලයේ පහලට යන්නට ඇත.
පුතු පියාට වඩා මවට ලං වූවත් සිතුම් එසේ නොවීය. ඔහු පියාට බොහෝ සෙයින් ආදරය
කරයි. ඔහුද පියා මෙන් දක්ෂ ව්‍යාපාරිකයෙකු වනු ඇත. මුඵ නිවසම කලබලකාරී වී ඇත. තවමත් නිදන ඇඳුමෙන් සැරසී උන් මම බෑගය තුලට ඇඳුම් අඩුක් කලේ අලස බවකිනි. ඇඳුම් බෑගයද රැගෙන සාලයට යද්දී අම්මා මා දෙස බැලුවේ පුදුමයෙන් මෙනි.
‘නිත්‍යා...තවමත් ඔයා ඇදගත්තේ නැද්ද ඉක්මන්ට ඇඳ ගන්න අප්පා ලෑස්තිත් වෙලා ඉවරයි...’
‘මොනවද මන්දා...’
මා කාමරයට ගියේ නොරුස්නා ගතියෙනි.
‘බලන්නකෝ නිත්‍යාට ගෙදර ආවාහම ආයේ යන්න හිතක් නැති හැටි...’
ගෙතුළට ගිය අම්මා අප්පා සමග පවසනු මට ඇසිණි.
‘හුරතලේට හැදිච්ච කෙල්ලනේ.’
සැබැවින්ම නිවසට ආ පසු ආයෙ යන්නට හිතක් මට නැතිවා සේය. අපව දකින්නට
කොළඹට ආ අම්මාත් අප්පාත් සමග පුතු සහ මම යාපනයට එවන්නට නිර්මාල් කැමති වූයේ සති තුනකින් නැවත නොවරදවාම එන්නට පොරොන්දු කරගෙනය. අද එ් දවසය. අනිවාර් යයෙන්ම කොළඹට යා යුතුය.
‘නිත්‍යා සාරියක් ඇද ගන්න තනියම යන එකේ...’
තනිව ගමන් බිමන් යද්දී මා සල්වාර් ඇඳුමෙන් සැරසෙනවාට අම්මා අකමැතිය. සාරිය හැඳ ගමන් කිරීම අපහසු වුවද එය එක් අතකින් ආරක්ෂාකාරී හැඟීමක් ඇති කරන්නීය. දමිළ ජාතිකයන් වන අපට වැඩිවියට පත් වනතුරු සාරිය ඇඳීම තහනම්ය.
මම ඉක්මනින් සාරිය හැඳ ගතිමි. මගේ කොණ්ඩය දිගු බැවින් එය ගොතා කලින් සකසා තිබූ පිච්ච මල් වැල ගසා ගන්නට මට තරමක වේලාවක් ගත විය.
‘කණගාබරම් මල් ටික ෙග්න්න කියන්න බැරි වුනා...’
මා කොණ්ඩයෙහි මල් ගවසන ආකාරය බලා සිටි අම්මා පැවසුවාය. පිච්ච මල් වෙනුවට
කණගාබරම් මල් තිබුණේ නම් හොදයි යැයි සිතුනේ බසයේ යන ගමනේදී පිච්ච මල් පරවීමට ඉඩ ඇති බැවිනි.
‘මෙන්න මේකෙ චපාති තියෙනවා මගට කන්න..මේකෙ බිස්කට්..සිතුම්ගේ සෙරිලැක් මේ බෝල් එකේ..මේ ෆ්ලාස්ක් එකේ කිරි..මේකේ වතුර..’
අම්මා විස්තර කලාය.
‘මේ ඔක්කොම මට තනියෙන් අරන් යන්න පුළුවන්ද මම නාහෙන් ඇඩුවෙමි...’
‘තනිය මොකක්ද යාපනයෙන් බස් එකේ යන එක විතරයි කරදර..අනුරාධපුරෙන් කෝච්චියට නැග්ගහම කොටුවට නිරමාල් එනවනේ...’
මා බස් රියේය. නොයෙක් ජාතීන්ගෙන් එය පිරී තිබුනි. සිතුම්ට නින්ද ගොස්ය. මාද
ජනේලයෙන් ඉවත බලා සිටියෙමි. එක්වරම සිතුම් නින්දෙන් පිබිදී හඩන්නට විය. ඔහුව නලවා ගන්න උත්සහ කලද හැඩුම කෑ ගැසීමක් දක්වා දරුණු විය. මා මහත් අපහසුතාවයට පත් වී සිටි අතර මා අනෙක් පස සිටි තැනැත්තා අනුකම්පාවෙන් මෙන් මදෙස බලා සිටියේය. අනෙක් සියල්ලන්ද මුණු මුණු ගා මොනවාදෝ කියනු ඇසීය. එක් කාන්තාවක් අනේ ඔය ළමයා නලව ගන්නකෝ යැයි පැවසීය.
‘සමාවෙන්න...ඔහොම බබාව තියාගෙන ඉන්න අමාරුයි නේද..මම බබාව ගන්නද..’
‘මිස්ටර්ට කමක් නැත්තම්...’
සිතුම්ගේ කෑ ගැසීම මදක් පහ විය. ඔහු දරුවාත් සමග සෙල්ලම් කරන්නට විය. මට සිතුම් ගැන තරහක් ඇතිවිය. ඒ නන්නාඳුනන පුද්ගලයෙකු අතේ දඟ කරනු දැකීම ගැනය. සිතුම් මා අතට ගන්නට සාදද්දී ඔහු නැවතත් හැඩීමට මෙන් වෙර දැරුවේය. සිතුම් හරියට තම පියා සමග සිටිනවා මෙන්ය. ඔහුත් සමග සිටින්නේ.
 මට නිර්මාල්ව සිහි විය. මගේ 18 වෙනි උපන් දිනය දා යොදා තිබූ විනෝද චාරිකාවේදී ඔහු මට හමුවිය. මාගේ සෑම උපන් දිනයකදීම විනෝද චාරිකාවක් ගොස් විනෝද වෙන්නට නිවසින් මට ඉඩ සලස්වා දෙන ලදී. අපි සෑම දිනකම යනවා වාගේ එදිනද අප අවසාන වශයෙන් කීරමලෙයිහි සුප්‍රසිද්ධ පොකුණ බලන්නට පැමිණියද මට ඇති වීමක් නොවීය. මෝටර් රථයෙන් බැසගත් අම්මාත්, අප්පාත්, මමත් පොකුණ දෙසට ගමන් කළෙමු. අම්මා අප්පාත් සමග ටිකක් ඈතට ගිය අතර මම එහෙමම නතර වී සිට පොකුණ දෙස බලා සිටියෙමි.
‘ස්...ස්...’
කිසිවෙකුගේ කටහඩක් මා පිටුපසින් ඇසුණු නිසා හැරී බැලීය. අම්මාද මා ළගට එමින් සිටියෙමි. තරුණයන් දෙදෙනෙකු අපට පිටුපසින් පැමිණ ඇති අතර අප බලද්දී ඔවුහු බිම බලා ගත්තේ මගේ මුවට සිනහවක් නංවමිනි. අම්මා මාත්, තරුණයන් දෙදෙනා දෙසත් බැලුවේ සැකමුසු නෙතින් යුතුවයි.
‘මීනක්ෂි නාන්නේ නැද්ද...’
මා දෑත් පොරවාගෙන බලා සිටියදීම අම්මා පැවසුවාය.
‘නෑ...’
‘ඇයි?’
යලිත් හැරි බැලු අම්මා විමසුවාය. ඒ වනවිට තරුණයන් දෙදෙනා පෙනෙන්නට නොසිටීය.
‘අද උදේ මගේ උගුර රිදුනා...’
‘කලින් ඔය කතාවක් මට කීවේ නෑනේ...’
‘එච්චරම රිදෙන්නේ නෑ...ටිකයි...’
මට පොකුණෙන් නාන්නට කම්මැලි බවක් දැනී තිබුණි. සෙනසුරාදා දිනයන්හි හිසතෙල් ගා නෑම අපිට අනිවාර්යය. එදින සෙනසුරාදා දිනයක් නොවීම මගේ සහනයට හේතු විය. අම්මාත් අප්පාත් පොකුණට බසින තුරු බලන් සිටි මම පොකුණේ බැම්ම ආසන්නයට වී මහා සයුර දෙස බලා සිටියෙමි.
‘ස්...ස්...’
කිසිවෙකුගේ හඩක් ඇසිණ. වහා පිටුපස හැරී බැලු මා දුටුවේ මා පසුපසින් සිටගෙන සිටින තරුණයින් දෙදෙනාය. මම වහා ඉවත බලා ගතිමි.
‘ස්...ස්...’නැවතත් එම හඩ ඇසිණ. පසුපස හැරී බලන විට දුටුවේ ඔවුන් වඩාත් මා හට සමීපව සිටින බව පමණකි.
‘ඔයා නාන්නේ නැද්ද...’
තරුණයින් දෙදෙනාගෙන් එක් අයෙකු ඇසුවේය.
‘නෑ...’
‘ඇයි...’
‘මට නාන්න ඕන කමක් නැති නිසා...’
තරුණයින් දෙදෙනා හඬ නගා සිනාසුනේ මා විහිළුවක් කල කලෙක මෙනි.
‘ඔයා ටැමිල්ද...’
තරුණයින් දෙදෙනාගෙන් වඩාත් කඩවසම් හා විනීත පෙනුමක් ඇති තරුණයා මා සමීපයට විත් සිට ගත්තේය.
මම හිස වැනිමි.
‘ජැෆ්නද...’
යලිත් මම හිස වැනිමි.
තවත් මොන මොනවාදෝ කතා කල බවක් මාගේ මතකයේ තිබිණි.
පසුව ඔහුගේ යහළුවද එතැනට පැමිණි අතර ඔහු තමාවද කඩවසම් තරුණයාවද හදුන්වා දුන්නේය.
‘මම නවීන්..මේ නිර්මාල්’
‘ඔයාගේ නම මොකක්ද..’
නිර්මාල් ලෙස හැදින්වූ තරුණයා ඇසීය.
එවර මම ඔහුගේ මුහුණ දෙස සෘජුව බැලුවෙමි. නිල් දිය පිරුණු පොකුණක් බඳු වූ ඔහුගේ දෙනෙත් වලින් පල වූයේ අව්‍යාජත්වයයි.
මම නිත්‍යවානී..’
‘ලස්සනයි බලන්න මේ නිත්‍යවානී සෝබනා..’
නවීන් නමින් හැදින්වූ තරුණයා ගැයුවේය.
‘තරහා වෙන්න එපා මෙයාට ටිකක් පිස්සු...’
නිර්මාල් පැවසුවේය. මට සිනහ පහල විය.
‘නවීන් උඹත් ගිහින් නා ගනින් ගඳ නැති වෙන්න..’ ඔහු මිතුරාට විහිළු කළේය.
‘හරි දැන් උඹට ඕන මාව පන්න ගන්නනේ මේන් මන් ගියා...’
නවීන් අප අසලින් ඉවත්ව ගියේය. මට සහනයක් දැනිණ. ජීවිතයේ පලමු වතාවට නිර් මාල් මගේ සිත වශී කරගෙන ඇත්තේ කුමන හේතුවක් නිසා දැයි මට සිතා ගත නොහැකි විය.
‘ඔයාගේ ගම කොහෙද..’
‘අපි මාතර දැනට මම මහරගම පුංචි බිස්නස් එකක් කරගෙන යනවා...’
නිර්මාල් සාක්කුව තුළින් ගත් කාඞ්පතක් මා අත තැබුවේය. මා එය නොබලාම මගේ අත් බෑගය තුලට දමා ගතිමි.
‘නිත්‍යා ලස්සනයි...’
මද වෙලාවක් මදෙස බලා සිටි නිර්මාල් පැවසුවේය. මේ යටි හිත කිති කැවිණි. එය ආදරයද යන්න මම නොදනිමි. දුටු පමනින්ම කෙනෙකු ගැන ආදරයක් ඇති විය හැකි දැයි මට එදා තේරුම් ගත නොහැකි විය.
        නිර්මාල්ට ටැමිල් කතා කිරීමේ හැකියාව තිබිණි. මමත් සිංහල ඉගෙන ගැනීම සදහා සිංහල පංතියකට ගිය බැවින් සිංහල කතා කිරීමේ අපහසුව නොතිබිණි. අප දෙදෙනාගේ අදහස් තේරුම් ගැනීමේ හැකියාව ඒ නිසා එතරම් ගැටලුකාරී නොවීය.
         අලුත් අවුරුද්දේද ඊට අදාළ චාරිත්‍ර සැමරීමේදී වැඩි වෙනසක් නොවීය. නිර්මාල් සමග මම පන්සලටත් මා සමග නිර්මාල් කෝවිලටත් ආගමික වතාවත් ඉටු කිරීම සදහා පැමිණියේය. එකිනෙකාගේ ආගම් ඇදහීමේ නිදහස අපිට ඇති අතර අපේ පුතු සිතුම් මාගේ හෝ නිර්මාල්‍‌ෙග් ආගමක් අදහනු ඇත. ඔහු කුමන ආගමක් ඇදහීමට කැමැත්තක් දැක්වූවත් අප දෙදෙනා එය ප්‍රශ්නයක් කර නොගන්නෙමු. යාපනයේ අප නිවසේදී සෑම දිනකම උදෑසන 4-30ට පමණ අම්මාත් මමත් පිබිදෙන්නට පුරුදුව සිටියෙමු. උදෑසන 5 වන විට අම්මාත් මමත් ලක්ෂ්මී දේවියට ගිතෙල් පහනක් තබා ස්තෝත්‍ර ගායනා කරන්නට වෙමු. නිර්මාල් හා විවාහ වීමෙන් අනතුරුව ඔහුගේ නිවසේදීද මෙම පිළිවෙත මා නොකඩවා කල අතර කිසිවිටෙක ඔහු මට බාධා නොකලේය.
         නිර්මාල්ෙග් හමුවීමත් අප ආගම් දෙකක වීමත් ඔහුටවත් මටවත් අප පවුලේ අයටවත් බාධාවක් නොවීය. ආගම් දෙකක සහ සංස්කෘතික වශයෙන්ද විවිධත්වයන් පැවතුණත් එකිනෙකාගේ ආගම් වලට ගරු කිරීමට අප දෙදෙනාත් පවුලේ අයත් කටයුතු කිරීම ගැන මට ඇත්තේ සොම්නසකි. ලෙහෙසියෙන් සිදු නොවන විවාහයක් අප දෙමව්පියන්ගේ දැඩි අකමැත්තකින් තොරව සිදු කිරීමට ලැබිම භාග්‍යයක් යැයි මට සිතේ. හැමදේම පවතින්නේ මිනිස් සිත තුළ යැයි මට පසක් වේ.
                                                                                            
                                                                                             w.s.v. සෙනෙවිරත්න
                                                                                             ජනසන්නිවේදන අධ්‍යන අංශය
                                                                                             කැලණිය විශ්වවිද්‍යාලය

Tuesday, 2 July 2019


දැන්වීම්  පිළිබඳ අන්තර්ගත විශ්ලේෂණය

හැඳින්වීම

දැන්වීම්කරණය සන්නිවේදන ක්‍රමයකි. පාරිභෝගිකයා විසින් භාණ්ඩය හා සේවාව ලබා ගන්නා ආකාරය සහ එය භාවිතා කරන ආකාරය සම්බන්ධයෙන් කෙරෙන දැනුම්වත් කිරීමකි' ඩොන් ස්ලේටර් නම් විචාරකයා පෙන්වා දෙන්නේ පාරිභෝගික භාණ්ඩ පිළිබඳ සංස්කෘතික ප්‍රතිනිර්වචනයක් දැන්වීම්කරණයෙන් ලැබෙන බවයි' එම භාණ්ඩ බෙදා හැරීම මෙන්ම ඒවායේ මිළ තීරණය කිරීමේ බලය දැන්වීම්කරණය සතුබව හෙතෙම පෙන්වා දෙයි' වෙළෙඳ නාමය ගැන විශ්වසනීයත්වයක් ගොඩනැගෙන ආකාරයට සමහර වෙළෙඳ දැන්වීම් නිර්මාණය වී ඇති අතර එමඟින් ඒවාහි පරිභෝජනය වැඩි කරවීමට හැකියාව ලැබේ' මේ පණිවිඩ දීම සදහා සැබෑ කරුණු මෙන්ම පොළොඹවන සුළු පණිවිඩද වෙළෙඳ දැන්වීම් වල අඩංගු වේ' රූපවාහිණී ගුවන්විදුලිය චිත්‍රපට සඟරා පුවත්පත් වීඩියෝ ක්‍රීඩා සහ අන්තර් ජාල වෙළෙඳ දැන්වීම් සහ වෙළෙඳ දැන්වීම් පුවරු වැනි ප්‍රබල මාධ්‍යයන් මේ සදහා යොදාගනු ලැබේ'
පුවත්පත් දැන්වීම් පිළිබඳව අවධානය යොමු කරන විට ඕනෑම කෙනෙකුට නැවත නැවතත් එම දැන්වීම කියවා බැලීමට හැකිවීම මෙහි තිබෙන වාසියක් ලෙස දැක්විය හැකි වේ' අතීතයේදී නම් පත්තරවල දැන්වීම් පළ වූයේ ඒ ඒ පිටුවල පහත මුළුවල පමණි' එහෙත් අද යම්කිසි දෙයක් ප්‍රචාරය කරගත යුතු දැන්වීම්කරුවෙකුට තමන් කැමති පත්‍රයේ ඕනෑම තැනක තම දැන්වීම ඕනෑම ප්‍රමාණයකින් පල කරවා ගත හැකිවේ'
රූපවාහිණි දැන්වීම් පිළිබඳව අවධානය යොමු කරන විට තම ගුවන් කාලය තුළ විකාශය කෙරෙන ජනප්‍රිය රූපවාහිණි දැන්වීම් ප්‍රක්ෂේපණය කරන ආකාරයට ඒවා අද වනවිට වඩාත් ඵලදායී වෙළෙඳපොළ දැන්වීම් මාධ්‍යයක් බවට පත්ව තිබේ'
මේ අනුව මා තෝරා ගත්තේ මුද්‍රිත මාධ්‍ය දැන්වීමක් සහ රූපවාහිණි මාධ්‍ය දැන්වීම් දෙකකි'

  • ක්‍රමවේදය
මෙම අධ්‍යනය මෙහෙයවීමේදී අවශ්‍ය දත්ත සොයාගනු ලැබූවේ අන්තර්ජාලයෙන් වන අතර එහිදී ඒවා තුළින් හා අදාල දැන්වීම් විශ්ලේෂණයට භාජනය කොට අවශ්‍ය ප්‍රතිඵලය ලබා ගැනීම සිදු වූ අතර එම ප්‍රතිඵලය මත අවශ්‍ය නිගමන වලට එළඹීය'

  • අන්තර්ගත විශ්ලේෂණය
මෙහිදී මුලින්ම මා තෝරාගත් දැන්වීම වන්නේ මුද්‍රිත මාධ්‍ය දැන්වීම වන අතර එය කොටස් වලට බෙදා වෙන් කරන ලදි'
  • පිටපත
රෙසිපි පොත් වාසනා ලෙස දැන්වීම ප්‍රධාන තේමාවකට ගොස් ඇත' දිනුම් ඇදීම තුලින් ත්‍යාග ලබා දීමක් සිදු කරන බව කියයි'
  • පිටපත තුළ තේමාව ගොඩ නැඟී ඇති ආකාරය
එනම් සිදුවීම දෙස අවධානය යොමු කිරීමේදී 150 වන සංවත්සරය නිමිත්තෙන් නෙස්ලේ වෙතින් ලබාදෙන මිල්ක්මේඞ් සඳහා නවතම දීමනාවක් ඇතුලත් කරමින් භාණ්ඩ ප්‍රවර්ධනය කිරීම දීමනාව දිනා ගැනීමට අවශ්‍ය නම් ඒ සදහා මිල්ක්මේඞ් ලේබලය සමග එහි පිටුපස තමන්ගේ විස්තර ලියා එවිය යුතු බවට සඳහන් කර තිබීම'
  •  පින්තූර
 නෙස්ලේ ලාංඡනය සදහා යොදාගෙන ඇත්තේද කුරුළු අම්මා කුරුළු කූඩුවට විත් තම පැටවුන්ට කවන ආකාරයේ දර්ශනයක් වන අතර නෙස්ලේ සදහා එම ලාංඡනය යොදා ගැනීමට හේතුව එයද ආහාර පාන සපයන තැනක් වීමත් අම්මලා දරුවන් වෙත ලබාදෙන නෙස්ලේ කිරි සෙරිලැක් මිල්ක්මේඞ් ආදියත් සපයන ආයතනයක් වීමත් නිසා විය යුතුය'
  රෙසිපි පොතේ පින්තූර 6 තුලින් මිල්ක්මේඞ් යොදාගෙන ආහාර රසවත් කරගත හැකිබව පෙන්නුම් කරයි'
  • කේක්
  • බිස්කට්
  • අයිස්ක්‍රීම්
  • කිරි ලෙස
 දැන්වීමේ පහළ කෙලවර පිටුවක් මෙන් ඉහලට එසවී තිබීමෙන් රෙසිපි පොත් හා දැන්වීම අතර සම්බන්ධයක් පවතින බව පෙනීයයි'
  රෙසිපි පොත සකස් කර ඇත්තේද සැමරුම් පොතක් ලෙසය නෙස්ලේහි 150 සංවත්සරයට අදාළව රෙසිපි පොත්ද සැමරුම් පොතක් වන ආකාරයට සකසා ඇති බවක් දක්නට ඇත'
  • වර්ණ
රෙසිපි පොත් වාසනා යන්න නිල් පාටින් සදහන් කිරීමෙන් නෙස්ලේ යන නිෂ්පාදනයේ නම සහ එය අතර වර් ණ මගින් සම්බන්ධයක් ගොඩ නැගීම'
වාසනා යන්න කහ පාටින් සදහන් කිරීමෙන් මිල්ක්මේඞ් කිරිත් කහ පාටය යන්නත් දැන්වීමේ කිරි පෙරීගෙන එන රූපයෙන්ද එය සම්බන්ධ කොට ඇත'
අකුරු සදහා නිල් කහ සුදු පැහැති වර්ණ යොදාගෙන ඇත' ඒවා මිල්ක්මේඞ් සමග බැඳී ඇති වර්ණ ලෙස දැක්විය හැකිය' දැන්වීම පුරාවටම දක්නට ලැබෙන්නෙත් එම වර්ණය'
  •  අකුරු වල ප්‍රමාණය
නෙස්ලේ නාමය සහ රෙසිපි පොත් වාසනා විශාලව සදහන් කිරීමෙන් එය දෙස බලන කෙනෙකුට එකවරම ඇහැ යන්නේ ඒ දෙසටය' එමගින් දැන්වීම කුමක්ද කුමක් සදහාද යන අරුත ගැන වැටහීමක් ලැබේ'
  • ඉලක්කගත ප්‍රජාව
මිල්ක්මේඞ් ලාංඡනයට කිරි භාජන දෙකක් ගත් තරුණ නවීන පන්නයේ කාන්තාවක් යොදාගෙන ඇත' ඒප්‍රනයක් ඇඳගත් ඇය මඟින් මිල්ක්මේඞ්හි ඉලක්ක ග්‍රාහකයන් මේ යැයි නිශ්චය කල හැක' කාන්තාවන් ඉලක්ක ගත ප්‍රජාව වන අතර එයිනුත් මධ්‍යම පාන්තික හා ඊට ඉහළ කාන්තාවන් ඉලක්ක ගත වේ'
  •  අරමුණ
භාණ්ඩ ප්‍රවර්ධනය කිරීමේ දැන්වීමක් ලෙස හඳුනාගත හැකි අතර මිල්ක්මේඞ් භාවිතයට හුරු කිරීම මගින් නිශ්පාදනය අලෙවි කර ගැනීම යටි අරමුණ වී ඇත'
  •  දැන්වීමේ ප්‍රමාණය
ඉහළ කෙළවරේ සිට පහළ කෙලවර දක්වා පිටු භාගයක්ම යොදාගෙන ඇත'

රූපවාහිණි දැන්වීම්

  • පිටපත
තාරුණ්‍යයේ ක්‍රියාශීිලිත්වය හා සරාගී බව යොදා ගනී'
  •  පිටපත ඇතුලේ තේමාව ගොඩ නැඟී ඇති ආකාරය
දියේ ගිලෙමින් සිටින තරුණියක් බේරා ගැනීමට යන තරුණයෙක් සහ ඇයට තරුණයා කෙරෙහි ආකර්ෂණයක් ඇති වීමත් එයට  සම්බන්ධ කරලීමත් දැකගත හැකිය'
  •  සිද්ධියට අදාළ චරිත
හැඩි දැඩි තරුණයෙක් සහ සරාගී බවින් යුතු තරුණියක්'       
  • වස්ත්‍රාභරණ
හෝටලයක් සහ ඒ අසල තිබෙන වෙරළක් යොදා ගැනීමෙන් ඒ සදහා ගැළපෙන ලෙස තරුණයාගේ උඩුකය නිරුවත් බවත් තරුණිය බිකිනියක් ඇඳ සිටීමත් දැක්විය හැක'
දැන්වීම සඳහා අවශ්‍ය වන්නෙත් උඩුකය නිරුවත්ව සිටීමත්ය' මක් නිසාද යත් පිරිමියාගේ  ඇඟ පෙන්වීමටය' තරුණියගේ ශරීරයේ හැඩයත් බිකිනියත් සමඟ එන ලිංගිකත්වය සරාගී බව වැනි ලක්ෂණ පෙන්වීම සඳහාත්ය'
 බෝතලය පිරිමියෙකුගේ පපුවේ හැඩය ආකාරයට සකසා ඇත' එකද කහ පාටය' දවටනය සඳහා කළු පැහැති පසුබිමේ කහ පැහැයෙන් පපුවේ හැඩය ඇඳ ඇත' තරුණයා සහ තරුණිය ඇඳ සිටින්නේද කළු පැහැති ඇඳුම්ය' ඇඳුම්ද එaකත් සමඟ සම්බන්ධ කොට ඇත'
  • වර්ණ
දැන්වීම පුරාවටම කහ වර්ණයට ඉඩක් ලබා දී ඇත' එකත් කහ පැහැති වීම එයට හේතුවක් ලෙස පෙනේ' ඉර බැස යන දසුනත් එයට සම්බන්ධ කිරීමෙන් කහ වර්ණය තීව්‍රකර පෙන්වීමට උත්සහ දරා ඇත'
  • අරමුණ
තරුණිය බේර ගැනීමට යාමට පෙර අවස්ථාවේ බෙල්ලේ තවරා ගන්නා අවස්ථාව පෙන්වයි' ඇයව බේරගෙන බෝට්ටුවට නංවා ගත්විට තරුණයා කෙරෙහි ඇතිවන ආකර්ෂණයට එක් හේතුවක් ලෙස බව මෙහිදී වක්‍රව කියයි' පාරිභෝගිකයා කෙරෙහි අදහසක් ඇති කරනවා තරුණයන් තුලින් ඇතිවන සුවඳත් තරුණියන් තුළ ආකර්ෂණය ඇති කිරීමට එක් හේතුවක් බව ඒ අතරින් ප්‍රබලවනවා යැයි කියයි'
  •  සංගීතය
වේග රිද්ම සංගීතයක් යොදාගෙන ඇත' ත්‍රාසජනක බව ඇති කරවන සුළු සංගීතයක් බව පෙනේ'
  •  ඉලක්කගත ප්‍රජාව
තරුණ හැඩිදැඩි පිරිමින් ඉලක්ක ග්‍රාහකයින් වී ඇත' තවද ධනපති පංතිය ඒ අතරින් ඉලක්ක වී ඇති අතර හොටෙල් කාමරයට වී සිටින තරුණයෙක් පෙන්වීමෙන් එය පැහැදිලි වේ' එකේ තත්ත්වය පෙන්වීමට පපුව හෝටලය මෝටර් බෝට්ටු අරන් ඇත' සාමාන්‍යයෙන් ඉහළ පංතියේ කෙනෙකු සතු දේවල් මෙයින් නියෝජනය වේ'
වෙළෙඳ නාමය මෙයින් කියවෙන්නේ ඔබ අඳින හැම ඇඳුමකටම යන අදහසකි' ඔබ පළඳින සෑම ඇඳුමකටම  භාවිතා කරන්න යන අදහසක් ලබා දේ' 
  අම්රිතා හඳුන්කූරු දැන්වීම
  •  පිටපත
සංස්කෘතිය බෞද්ධාගම මූලික කොටගෙන ඒ හා බැඳුණ හඳුන්කූරත් ඒ ඔස්සේ වක්‍රව නිශ්පාදනය විකිණීමත් සිදු කරයි'
  •  පිටපත ඇතුලේ තේමාව ගොඩනැඟී ඇති ආකාරය
කඬේට ගියවිට තමන්ට කීයක් හරිදෙන කඬේ හිමිකරුට කරදරයක් වෙලා කියලා දැන ගත්තහම ඔහුව බලන්න ඔහුගේ නිවසට හඳුන්කූරු සුවඳ ඔස්සේ ගමන් කරන අන්ධ පුද්ගලයෙකු වටා දැන්වීම නිර්මාණය වී තිබීම'
  •  සිද්ධියට අදාළ චරිත
සමන් මහත්තයා අන්ධ පුද්ගලයා තරුණිය
  •  වස්ත්‍රාභරණ
සුදු කමිසයක් ඇඳගත් අන්ධ පුද්ගලයා තැඹිලි පැහැ බ්ලවුසයක් ඇඳගත් තරුණිය සුදු පැහැයට හුරු කමිසයක් ඇඳගත් සමන් මහත්තයා'
සුදු තැඹිලි වර්ණ බෞද්ධාගම තුළ භාවිත වර්ණය' ඒ අනුව වර්ණ ආගම කෙරෙහි සම්බන්ධ කොට ඇත'
  • වර්K
සුදු පැහැයට හුරු බව දැන්වීම පුරාවටම දක්නට ලැබීම' එයින් පිවිතුරු බව හා බෞද්ධාගමික බව සංකේතවත් කරයි'
  •  සංගීතය
නාද මාලාව ගත්තොත් පන්සලේ ඝාන්ටාර ශබ්දයට හුරු භාෂාවක් භාවිතා කරයි'
  • ආගම
හඳුන්කූරු යනු පූජා භාණ්ඩයකි' එය සංස්කෘතික නිශ්පාදනයක් ලෙසත් හැඳින්විය හැකිය' බෞද්ධ හා හින්දු ආගමික ස්ථාන වලටත් උත්සව ආශ්‍රීතවත් හඳුන්කූරු භාවිතා වේ'
  • විශේෂත්වය
හඳුන්කූරු වර්ග විවිධ ලෙස වෙළඳපොළ තුළ දක්නට ලැබුනත් අම්රිතා දැන්වීම විකාශය වෙනකම් මිනිස්සු තේරීමක් කලේ නෑ කුමන හඳුන්කූරු වර්ගයද මිළදී ගන්නේ කියා මෙම දැන්වීම ප්‍රචාරය වීමෙන් පසු වක්‍රාකාරයෙන් පැවසුවේ අනෙක් හඳුන්කූරු වලට වඩා මෙහි සුවඳ ප්‍රබලය යන්නයි' වෙළෙඳපොළට හඳුන්කූරු වර්ගය පැමිණෙන්නෙත් එක කූරේ සුවඳ දෙකක් ලෙසයි' ඒ අනුව මේ වෙනකම් නොතිබිච්ච විශේෂත්වයක් මෙහි පවතිනවා යැයි කියයි'
උදාහරණ විදිහට සුවඳේ ප්‍රබලත්වය පෙන්වීමට අන්ධ පුද්ගලයා යොදාගෙන ඇත' ඇස් නොපෙනෙන පුද්ගලයෙක් නිවැරදිව නිවස සොයාගෙන යෑමෙන් එය පිළිඹිඹු වේ' ඒ සඳහා හේතු වන්නේ අම්රිතා හඳුන්කූරු සුවඳයි' ඒ අනුව අධික සුවඳ අම්රිතා හඳුන්කූරු වලට හිමියි කියන අදහස දේ' තවද සුවඳ කොතරම් දුරට පැතිරෙනවාද යන්න වෙළෙඳ නාමයෙන් සහ පරිසරයෙන් පෙන්නුම් කරයි'
  •  මානුෂීය ගුණාංග
  උදාහරණ ලෙස අන්ධ පුද්ගලයෙකුට පිහිට වෙන කඬේ හිමිකරු'
  තමන්ට උදව් උපකාර කරන කඬේ හිමිකරුට කරදරයක් වූ අවස්ථාවේ බලන්නට යාම'
  අන්ධ පුද්ගලයාව වාඩි කරවා සංග්‍රහ කරන තරුණිය
  •  ඉලක්කගත ග්‍රාහකයින්
වෙසක් පොසොන් කාලයේ ප්‍රචාරය වීම දක්නට ලැබීම' සංස්කෘතික උත්සව සමරන බෞද්ධ පිරිස පැහැදිලිවම ඉලක්ක ගත කර තිබේ'
  • වෙළෙඳ නාමය
හොඳ මිනිසුන්ගේ ගුණ සුවඳ උඩු සුළඟින්ද පැතිරේ ධම්ම පදයෙන් උපුටා ගත්තකි' ඒ තුලින් මෙම දැන්වීම ආගමට සම්බන්ධ කොට ඇත' එහිදීද සුවඳ විශේෂ කොට දක්වා ඇත'

නිගමනය


දැන්වීම් ගැන සලකා බැලූ විට විවිධ අරමුණු ඉලක්ක කරගෙන නිර්මාණය වීමක් සිදුවේ' මා තෝරාගත් මුද්‍රිත මාධ්‍ය දැන්වීම භාණ්ඩ ප්‍රවර්ධනය කිරීමේ දැන්වීමක් වන අතර දීමනාවක් ලබා දෙනවා යැයි පවසා නිශ්පාදනය විකිණීම ප්‍රධාන අරමුණ කරගනී' මේ අනුව පාරිභෝගිකයාට වාසියක් සහ නිශ්පාදකයාට ලාභයක් ලැබීම මෙමගින් සිදු වේ' රූපවාහිණි මාධ්‍යයේ දැන්වීම් දෙකක් තෝරාගත් අතර එයින් දැන්වීම තාරුණ්‍යයේ සිතුම් පැතුම් ඉලක්ක කරගත් දැන්වීමක් ලෙස සැලකිය හැකිය' තාරුණ්‍යයේ පසුවන අය ආකර්ෂණය බලාපොරොත්තු වේ' ඒ සඳහා සුවඳ යොදා ගන්නා ආකාරයත් ඉතා කෙටි වේලාවකින් තරුණියන් ආකර්ෂණය කර ගැනීමත් සිදු වේ මෙයට හේතුව යැයි වක්‍රව කියයි'
අම්රිතා හඳුන්කූරු දැන්වීම වෙළෙඳ භාණ්ඩයක් ලෙස දැක්විය හැකිය' නමුත් නිශ්පාදනය විකිණීම ප්‍රධාන අරමුණ වුනත් එම දැන්වීම මගින් සමාජයට යහපත් පණිවිඩයක් ලබා දීමක්ද සිදුවේ' මා තෝරාගත් දැන්වීම් වල වක්‍ර අරමුණු වන්නේ අදාල නිශ්පාදනය විකුණා ගැනීම උවත් පාරිභෝගිකයාට එය සෘජුව නොපවසා වක්‍රව ඒත්තු ගන්වන බව දැන්වීම් දෙස බැලීමේදි පෙනේ' කෙසේ නමුත් මුද්‍රිත මාධ්‍යයේ දැන්වීම් නිතර ළග තබාගෙන නැවත නැවතත් බැලීමට හැකි අතර රූපවාහිණී මාධ්‍යයේ දැන්වීම් එසේ නොවේ' නමුත් ජනතාව චලන රූප සහ එහි තිබෙන ආකර්ෂණීය බව හේතුවෙන් විද්යුත් මාධ්‍යයේ දැන්වීම් කට පාඩම් වන තරමට මනසට කා වැඳී ඇති බව දැකගත හැක'
                                                                                                      w.s.v. සෙනෙවිරත්න
                                                                     ජනසන්නිවේදන අධ්‍යන අංශය
                                                                     කැලණිය විශ්වවිද්‍යාලය