ඇත්ත සති අන්ත ජාතික පුවත්පත පිළිබද අන්තර්ගත විශ්ලේෂණයක්...
ඇත්ත සති අන්ත ජාතික පුවත්පත-2018 දෙසැම්බර් 02 වැනි දා ඉරිදා
සන්නිවේදනය දේශපාලනයට බද්ධව පවතී. විද්වත් මතයට අනුව ජනමාධ්‍යයෙන් තොර දේශපාලනයක් සිතා ගැනීමටවත් නොහැකි තරම්ය. මෙම ක්ෂේත්‍ර දෙක අතර සම්බන්ධතාවය ඒ තරම්ය. 2018 ඔක්තෝබර් 26 දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අග්‍රාමාත්‍ය ධූරය සදහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පත් කිරීම, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීම සහ නැවත අග්‍රාමාත්‍ය ධූරයට රනිල් වික්‍රමසිංහ මහතා පත් කිරීම යන අවස්ථා වලදී ජනමාධ්‍ය එය වාර්තා කලේ විවිධ වූ කෝණයන්ගෙන්ය. මෙම අධ්‍යනයේදී ඇත්ත සති අන්ත ජාතික පුවත්පත එය වාර්තා කල ආකාරය මෙම අධ්‍යනයට පාදක වේ.
■ සිරස්තල භාවිතය
■ ආණ්ඩුව යලිත් අලුත් වෙයි.
මෙහිදී ප්‍රශ්නාර්ථයක් නගමින් සකස් කරන ලද මෙම සිරස්තලය මගින් ආණ්ඩුවේ යම් වෙනසක් බලාපොරොත්තු විය හැකි බව අගවයි.
එය පුවත්පතේ ප්‍රධාන සිරස්තලය ලෙස ඇගවීමට ඉතා ලොකු අකුරෙන්ද, මුල් පිටුවේ වම් අත කෙළවරේ සදහන් කොට ඇත.
සිරස්තලය යටතේ ඇති විස්තරය- ආණ්ඩුවට බහුතර බලයක් නොමැති බවත් ඒ නිසා ආණ්ඩුව තුළ කටයුතු අකර්මණ්‍ය වී ඇති බවත් ඉක්මනින්ම අලුත් ආණ්ඩුවක් පත් වන බවත් කියාසිටී. මෙහිදී එක්සත් ජාතික පෙරමුණට පාර්ලිමේන්තුව තුළ බහුතර බලයක් හිමිවන බව මෙම පුවත්පත් ලිපිය මගින් නොකියා කියයි.
ද්‍රවිඩ ජාතික සන්ධානයේ සහයෝගය නිල වශයෙන් දැනුම් දීමත් එමගින් 117ක බහුතර බලයක් එක්සත් ජාතික පෙරමුණට හිමි වී ඇති බවත් කියාසිටී.
■ තරුණ ජනමාධ්‍යවේදීන් ගොනුකල පෙත්සම 4 වෙනිදා විභාගයට
මෙහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුව විසුරුවා හරින බව සදහන් කරමින් නිකුත් කල ගැසට් නිවේදනය අවලංගු කරන ලෙස ඉල්ලමින් මෙම පෙත්සම ගොනුකර ඇති බව පැවසේ. මෙහිදී ගොනුකල පෙත්සම 4 වෙනිදා විභාගයට යන්න සිරස්තලයේ අනෙකුත් අකුරු වලට වඩා විශාලව සහ එය කරමින් දක්වා ඇත.
■ ‘සංවාද කලාපය’
මෙහිදී රටේ පුරවැසියන් කිහිප දෙනෙක් පවතින දේශපාලන තත්වය පිළිබදව පලකල අදහස් වලින් මෙම ලිපි ගොනුව සමන්විතය.
සංවාද සටහන ඉදිරිපත් කලවුන් කියා සිටින්නේ රටේ දේශපාලන අර්බුදය උග්‍ර වී ඇති බවත් ආණ්ඩුව සහ විපක්ෂයේ පක්ෂ කඹ ඇදිල්ලක නිරත වෙන බවත් පාර්ලිමේන්තුව තුළ ඇති කර ගන්නා කලකෝලාහත්වය ආණ්ඩුවේ සහ විපක්ෂයේ පක්ෂ පෙළපාලී යාමත් එසේ සිදු කරන්නේ කා සදහාද, ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමටද, නොඑසේ නම් ජනතාවගේ යහපත පිණිසද, තම බලය රැක ගැනීමටද, යන්න පිළිබදව මෙහිදී විමසා බලයි.
■ අද අවශ්‍ය අවංක වාමවාදී ජනරජයක්-මෙමගින් කියා සිටින්නේ මෙතුවක් කල් සිටි රජයන් වංචා දූෂනයෙන් පිරී ඇති බවත් වර්තමානයේදී අවශ්‍ය වන්නේ අවංක ජනරජයක් බවත්ය.
මෙහිදී ඔහු වැඩිදුරටත් කියා සිටින්නේ දේශපාලනඥයින් පහත් තත්වයකට පත්ව ඇති බවත් ඔවුන් කටයුතු කරන්නේ තම බලය ආරක්ෂා කර ගැනීමට පමණක් බවත්ය.
ජනතාව මෙතෙක් කල දේශපාලන ක්‍රියාකාරකම් නවත්වා දමා අලුතින් හිතන්න පටන් ගන්න ඕනෑයි ඔහු වැඩි දුරටත් කියා සිටි. මෙහිදී පවත්නා දේශපාලන රටාව පිළිබදව දැඩි කලකිරීමෙන් සිටින පුද්ගලයෙකු ලෙස මොහු දැකගත හැක.
‘රනිල් නං මෙහෙට ගැලපෙන්නේ නෑ’
මෙහිදී රනිල් වික්‍රමසිංහගේ ක්‍රියා පිළිවෙත රටට නොගැලපෙන බවත් ඔහු බටහිර ගැති පුද්ගලයෙකු බවත් නැවත වරක් පෙන්වා දේ.
මෙහිදී මහින්දට අගමැතිකම ලබාදීම අනුමත කරන බවත් මේ රටට ගොඩ එන්න බැරිනම් රට ආරක්ෂා කර ගැනීම සදහා සමහර විට ඒකාධිපතියෙකු වුවත් අවශ්‍ය වියහැකි බවත් පැවසීම.
මෙහිදී මහින්දට අගමැතිකම ලබාදීම අනුමත කරන කාන්තාවක් බව පෙනේ.
‘මහින්ද දුවන කොච්චියට බෙල්ල තියලා’
මෙහිදී රට අස්ථාවරව පවත්නා අවස්ථාවක මහින්ද අගමැතිකම භාර ගැනීම අණුවන ක්‍රියාවක් බව දැනවීම
මොහු වැඩි දුරටත් කියා සිටින්නේ රනිල් වික්‍රමසිංහ මහතා සමග වැඩ කිරීමට අපහසු නම් විද්වත් ක්‍රීයාකාරීන් සහ සිවිල් සමාජ බලවේග ගෙන්වා කිව යුතු තිබූ බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙන්ම මහින්ද රාජපක්ෂවත් අමාරුවේ හෙලා ඇතිබව වැඩි දුරටත් කියාසිටී. හොදම විසදුම මහ මැතිවරණයක් පැවැත්වීම බවත් යැයි පැවසීම.
‘පක්ෂ විපක්ෂ හැමෝටම තියෙන්නේ බල තන්හාවක්’
මෙහිදී දේශපාලනඥයින් හැමෝම බලය සදහා තරග කරන බවත් පැවසීම
මෙහිදී ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර සිටින්නේ රටට මෙවැනි තත්වයක් උදාවෙලා තියෙන්නේ ජනතාවගේම පිහිටෙන් බවත් නිවැරදි නායකත්වයක් මෙන්ම හික්මීමක් තියෙන රට පාලනය කරන්න සුදුසු දේශපාලනඥයින්ද පාර්ලිමේන්තුවට යැවිය යුතු බවත්ය.
‘මූලික හේතුව දේශපාලන නූගත්කම’
මෙහිදී රට පාලනය කරන දේශපාලනඥයින් දේශපාලනය ගැන න්‍යායාත්මක මෙන්ම ප්‍රායෝගික දැනුමක් නැති පුද්ගලයින් බව මෙමගින් අදහස් කරයි.
එහිදි වැඩි දුරටත් අදහස් කරන්නේ රටේ ජනාධිපතිවරයා ආර්ථික, දේශපාලන තත්වය ගැන මීට වඩා වගකීමෙන් කටයුතු කලයුතු බවත් ආණ්ඩු මාරු වීමත් සමග ජනතාව තවදුරටත් පීඩාවට පත්වුන බවත් පවසයි. එමෙන්ම ජනතාවට සේවය කිරීම මූලිකම අරමුණ නම් එහිදි බලය අවශ්‍ය නොවන බවත් පැවසීම
තවත් ඡායාරූපයක් ලෙස සංවාද සටහන තුළ මදක් විශාලව පලකර ඇති පාර්ලිමේන්තුවේ ගහමරා ගැනීම සම්බන්ධ ජායාරූපය දැකගත හැක. මෙමගින් පවතින දේශපාලන වියවුල් කාරී තත්වය මනා සෙයින් පිළිඹිබු කිරීමට කටයුතු කර තිබේ.
■ විමංසනය ලෙස සදහන් කර ඇති පුවත්පත් පිටුවේ
‘වත්මන් අර්බුදය එදා දුටු ඇත්ත මෙන්න’ ලෙස සිරස්තලය සකස් කොට ඇත. මෙහිදි ඇත්ත පුවත්පත සිරස්තල යටතේ ඉදිරිපත් කල කරුණු මගින් වත්මනෙහි ඇති වී තිබෙන මූල්‍ය අර්බුදය ආර්ථික අර්බුදය ආදිය ගැනද අණාවරනය කල බවත් පවසයි. මෙහිදී සිරස්තල කිහිපයක් ඉදිරිපත් කරමින් වත්මන් අර්බුදය ඇති වීමට එම කාරණා හේතු වූ බව පවසයි.
■ කාටූන් භාවිතය
මෝල් දිවයින කාටූනය
මෙහිදී යම්කිසි අර්ථයක් ගැබ්ව ඇති අතර අසහනය පිස්සුව සහිත දිවයිනක් ලෙස හැගවීමට කාටූනයේ මෙම නම යොදා ඇත.
මෙහිදී පාර්ලිමේන්තුව ඈතින් දිස්වෙන අතර පොදු ජන වැසිකිළිය ලෙස සදහන් පුවරුවක් තුලින් ගමන් කරන්නේ දේශපාලනඥයින්ය. මෙහිදී වතුර බාල්දි රැගෙන පොදුජන වැසිකිළියක් බදුවූ පාර්ලිමේන්තුව දෙසට ගමන් කරන දේශපාලනඥයින්ගේ ජායාරූපයක් මෙහිදි පෙන්නුම් කරයි.
පුවත්පතේ මුල් පිටුවේ දකුණු පස කෙළවරට වන්නට කුඩා කාටූනයක් දැකගත හැකි අතර ‘කලටි පොල්’ ලෙස මෙම කාටූනය පලවේ. දේශපාලනඥයා හිත හිත එන්නේ තුරුම්පු ගැනය. බලය සදහා ලැබී ඇති අවස්ථා ගැන සිතමින් ඉන්නා බවක් පෙනේ.
■ ඡායාරූප භාවිතය
■ වෙනස් හැඩැති විරෝධතා යන සිරස්තලය යටතේ පළ වූ ලිපිය සහ එම ඡායාරූපය
සිරස්තලය- මෙහිදී එකිනෙකට වෙනස් ආකෘතීන් යටතේ විරෝධතා පළකර ඇති බවක් ගම්‍ය වේ.
පින්තූර- ඉංග්‍රීසි, දෙමළ සහ සිංහල යන භාෂා ත්‍රිත්වයෙන්ම යුත් රෙදි බැනර් ප්‍රදර්ශණය කරමින් සිටින කාන්තාවන් පළමු පින්තූරයෙන් දැකගත හැක.
President Our Chidren Are Watching- ‘ජනාධිපතිතුමනි අපේ දරුවන් ගැනවත් දකින්න’. මෙහිදී රටේ අනාගතය ගැනවත් සිතා මෙම දේශපාලන ව්‍යාකූල තත්ත්වය මග හැරීමට කටයුතු කරන මෙන් පැවසීම.
තවද දමිළ භාෂාවෙන් සටහන් කරන ලද රෙදි බැනර්ද දැකගත හැකිය.
සිංහලෙන් සදහන් වන්නේ ‘රටේ දරුවන් ගැන හැගීමක් නැද්ද’ යන්නයි.
Democracy යන්න සෑදෙන ආකාරයට සැරසුන T shirt වලින් සිටින පුද්ගලයින්ගෙන් මෙම පින්තූරය සමන්විතය. මෙහිදී ගේම් ඇති! පුරවැසි මතයට හිස නමමු!! යන්න අවධාරණයෙන් යුතුව පවසන ආකාරයක් දැක්වේ. හර්ෂයාදී ලකුණ යෙදීමෙන් එය තවදුරටත් පැහැදිලි වේ.
පින්තූර වලට පසුව තිබෙන වාර්තාව- මෙහිදී දේශපාලන ව්‍යාකූලත්වය හේතුවෙන් සංවිධාන වීදි බැස විරෝධතාවල නියැලෙන බවද ශ්‍රී ලංකාවේ කාන්තාවෝ නම් සංවිධානය විසින් ජනාධිපතිවරයාට ලිපියක් බාරදීම කේන්ද්‍ර කරගත් විරෝධතාවය මෙහිදී වැඩියෙන් උලුප්පා දක්වයි.
මෙහිදී වැස්සද නොතකා ධෛර්යයෙන් යුතුව විරෝධතාවල නියැලෙන බව කියාසිටි.
■ එමෙන්ම ‘දිදුලන හදවත’ සංවිධානය විසින්ද වෙනස් ආකාරයක විරෝධතාවයක් සංවිධානය කර ඇති බවත් මෙහිදී මෙහිදී වෙස් මුහුණු පලදා විරෝධය කර ඇති බවත් සදහන් කොට තිබීම.
■ තවත් ඡායාරූපයක් ලෙස සංවාද සටහන තුළ මදක් විශාලව පලකර ඇති පාර්ලිමේන්තුවේ ගහමරා ගැනීම සම්බන්ධ ජායාරූපය දැකගත හැක. මෙමගින් පවතින දේශපාලන වියවුල් කාරී තත්වය මනා සෙයින් පිළිඹිබු කිරීමට කටයුතු කර තිබේ.
w.s.v. සෙනෙවිරත්න
ජනසන්නිවේදන අධ්‍යන අංශය
කැලණිය විශ්වවිද්‍යාලය
Congrats 👍👍
ReplyDeleteCongrats 👍👍
ReplyDeleteCongrats 👍👍
ReplyDeleteCongrats 👍👍
ReplyDeleteGreat work
ReplyDelete👍👍👍😊
ReplyDelete