නව සිනමාව...
නව සිනමාව යටතේ ජයන්ත චන්ද්‍රසිරි සහ ජැක්සන් ඇන්තනී යන සිනමාකරුවන්ගේ චිත්‍රපට වල පවත්නා විවිධ සංස්කෘතික ලක්ෂණ අධ්‍යනය කරන ලදි. ඔවුන්ගේ අබා, ඇඩ්රස් නෑ යන චිත්‍රපටත් සමනල සංධ්වනියත් ධර්ම යුද්ධයත් ඒ සදහා යොදා ගන්නා ලදි.
අබා
චිත්‍රපටය ගතහොත් එහි දක්නට ලැබෙන්නේ පැරණි සංස්කෘතියේ සිට නව සංස්කෘතිය දක්වා ගමන් කිරීමකි. එය පැහැදිලිව දක්නට ලැබෙන්නේ පණ්ඩුකාභය කුමාරයා කුඩාකල ඇමතීම සදහා යොදා ගත් පඬු අබා කියන වචනයෙන් වීම. එහිදී පණ්ඩුකාභය යන නම පඬු ලෙස කෙටිකර අබා යන නමද එකතුකර පඬු අබා ලෙස හැඳින්විය. නම් වලින් පවා පෙන්නුම් කරන්නේ පැරණි සංස්කෘතියේ සිට නව සංස්කෘතිය දක්වා ගමන් කිරීමක්ය. නර්ථන වින්‍යාසය ගත්තොත් දකුණු ඉන්දියානු නර්ථන වින්‍යාසය හා වැදි නැටුම්වල ආභාෂය දක්නට ලැබේ. උදාහරණයක් ලෙස ගුම්භක භූතා සහ හබරා නර්ථනයේ යෙදෙන විට ඔවුන්ගේ යක්ෂ හා වැදි නර්ථන වල ආභාෂය දක්නට ලැබේ.ගීත වල ස්වභාවය ගතහොත් ඒවාහි කතන්දර ශෛලිය දක්නට ලැබේ. උදාහරණයක් ලෙස (එකමත් එක කාලෙක අප දේශෙට කුමරෙක් ආවා වංක රටේ සිට) යන ගීතය
කුඩා ගොපළු දරුවෙක් ලෙස හැදී වැඩෙන අබා කෙලිදෙලෙන් ගත කරයි. ඔහු තම කණ්ඩායමටද නායකත්වය දක්වන ලදි. එමෙන්ම ඇලෙක්සැන්ඩර් කුමාරයා උපතේ සිට මිය යන තුරුම රාජ කුමාරයෙක් විය. ඔහුට හැමදේම තිබුණි. අශ්වයින් මෙල්ල කිරීමද ඔහුට කියා දෙන ලදි. උගන්වන ලද්දේද ග්‍රීක පඬිවරයෙකි. නමුත් අබා හැදුනේ ගොපළු දරුවෙක් ලෙසයි. මෙහිදී පණ්ඩුකාභය කුමාරයාගේ කතාව ඇලෙක්සැන්ඩර් කුමාරයාගේ කතාවට සමාන වෙන්නැති නමුත් යම් පමණකට හෝ එයින් ආභාෂය ගත්තා යැයි කීමට හැක.
අබාහි කිතු ලක්ෂණ මෙන්ම බ්රාහ්මීය ලක්ෂණද දක්නට ලැබේ. මෙහිදී යක් ලේ ධාතුව ගැන කියවෙන කතාව එක් මතයකි. යක්ෂ ගෝත්රීකයින්ගෙන් සිංහ වංශිකයින් පැහැර ගත් රට නැවත එක්සේසත් වන්නේ දීඝ ගාමිණීට දාව උන්මාද චිත්‍රාට උපන් අබා කුමාරයා නිසා බව ඉතිහාසයේ සදහන් වේ. අබා චිත්‍රපටය තුලද ඒ බව සදහන් වේ.
මහා වංශයට අනුව පණ්ඩුකාභයගේ පියා වන්නේ උන්මාද චිත්‍රාගේ මාමාගේ පුතා වන දීඝ ගාමිණී වන අතර, මෙම චිත්‍රපටයේදී පණ්ඩුකාභයගේ පියා වන්නේ එක්ටැම්ගෙය මුරකල චිත්‍රරාජ නමැත්තෙකු බව පවසමින් ශ්‍රී ලංකා රාජ වංශය විකාශය වීම වෙනමම දිශාවකට යොමු කෙරේ.
රතු පැහැති මල් මාලය, මළ බෙර වාදනය, අකුණු ගසමින් අහස කළුකර වහින අනෝරා වැස්ස, ලී කඳහි අත් ගැට ගසා ගල් තලාව මතින් මරණය කරා රැගෙන එන චිත්තරාජව පෙනෙන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ චරිතය මෙනි. එහිදී ජැක්සන් ඇන්තනී කිතු දහමේ ලක්ෂණ මේ සදහා යොදාගෙන ඇති බව පෙනේ. ඒ සිදුවීම තවත් හොදින් පෙන්නුම් කෙරෙන්නේ සුදු පැහැ ඇදුමෙන් සැරසී සිටින හිස් ආවරණය කරගත් කාන්තාවන්ගෙනි.
චිත්‍රපටය තුළ ග්‍රීක රෝම ලක්ෂණ දක්නට ලැබේ. මෙහි ගුරුතුමා සහ ගෝලයින්ගේ ඇඳුම් පැලදුම් වලින්ද පෙන්නුම් කරන්නේ ඉන්දියානු බ්‍රාහ්මණ කුලයට අයත් ඇඳුම් පැලදුම්ය.
තවද සතුන්ගෙන් ගත් ඇටකටු වලින් සකස් කරගත් මාල වළලු වෙස් මුහුණු පවා චිත්‍රපටිය තුළ දක්නට ලැබේ. කොළ අතු වලින් සැරසීම ආදිය වැදි හා යක්ෂ සංස්කෘතීන්ගෙන් ආ දේවල් ලෙස හැදින්වීමට හැක. එමෙන්ම චිත්‍රපටිය අවසානයේදී චිත්තරාජ මරණයෙන් නැගී සිටී. ජේසුස් වහන්සේද මරණයෙන් නැගී සිටි. එහි ආභාෂයෙන් එය නිර්මාණය කරන්නට ඇතැයි සිතිය හැක.
ඇඩ්රස් නෑ
එමෙන්ම ඇඩ්රස් නෑ චිත්‍රපටිය ගත්තොත් එහි විවිධ සංස්කෘතීන්ගෙන් ලත් ආභාෂයන් ලෙස චාලි චැප්ලින් සහ හිට්ලර්ගේ චරිත දක්නට ලැබේ.නම් ආදිය ගත්තොත් හිඟාකන චැප්ලින්, නාසිවත්තේ හිට්ලර්, සද්ගුණවත් පින්සාර, මුඩුක්කුවේ සන්ධ්‍යා ආදී නම් වලින් මේ බව පෙනේ. විවිධ සංස්කෘතීන් නිරූපනය වන ලෙස නම් දැමීමට සිනමාකරුවා වග බලාගෙන ඇත. මෙම නම් වලින් චැප්ලින්, හිට්ලර් ආදී නම් එහෙන් පිටින්ම අරන් ඇත. ඒවාට නාසිවත්තේ හිට්ලර් සහ චැප්ලින් අයියා යැයි යොදා ලාංකික මුහුණුවරක් දෙන්න උත්සහ කර ඇත.
හිට්ලර් ට රඟපාන ජැක්සන් ඇන්තනී එහි ඒකාධිපති බව මනාව නිරූපණය කර ඇත.
චැප්ලින් ලෙස අනුකරණය කරන මහේන්ද්‍ර පෙරේරා මෙහි රඟන්නේ ගොළු චරිතයක් වන අතර චැප්ලින්ව අනුකරණය කරමින් ඔහු හිඟන වෘත්තියේ යෙදේ. මෙහිදී බටහිර සංස්කෘතීන්ගේ ආභාෂය රැගෙන ඇති බව දක්නට ලැබේ. මුඩුක්කු, හිඟන, ගණිකා සංස්කෘතීන් යන ඒවා දක්නට ලැබේ.
ගීත තුලද දක්නට ලැබෙන්නේ විවිධ සංස්කෘතීන්ගෙන් ලබාගත් වචනයි. උදාහරණ ලෙස (මේ බජාර් එකට මල්ලී අහසක් නෑ පොලොවක් නෑ අහසක් පොළොවක් නෑ ඇඩ්රස් නෑ) යන ගීතයෙන් ඒ බව පිළිඹිබු වේ.
හිඟන සංස්කෘතිය පැහැදිලිවම චිත්‍රපටිය තුල දක්නට ලැබෙන අතර වෑන් එකකින් නගරයේ විවිධ ස්ථාන වලට ගෙනත් හැරලන්නේ සංවිධානාත්මක කල්ලියකි. වර් තමාන හිඟන සංස්කෘතියද මේ ආකාරයෙන් දක්නට ලැබේ. හිඟන විදිහේද විවිධ ස්වරූපයන් දක්නට ලැබෙන අතර බස් වලට නැඟ ටියුබ් ලයිට් කන පුද්ගලයින්ද, චැප්ලින් ලෙස රඟපා මිනිසුන් සතුටු කර සල්ලි හොයමින්ද, දරුවෙක් වඩාගත් මවක්ද, අතපය තුවාල කරගත් දරුවෙකුද ඒ සදහා යොදාගෙන තිබේ. උදේට වෑන් එකකින් විත් නගරයට ගොස් දමා නැවත හවසට පැමිණ රැගෙන යාම හිඟන වෘත්තියේ ලක්ෂණයක් බවට පත් වී ඇත. එය චිත්‍රපටයේද දක්නට ලැබේ.
සමනල සංධ්වනිය
ජයන්ත චන්ද්‍රසිරිගේ සමනල සංධ්වනිය තවත් උදාහරණයකට ගත හැකිය. එහි කතා තේමාව දෙස බැලීමේදී එය නිර් මාණය කර ගැනීම සදහා අවශ්‍ය කතා වස්තුව පාදක කරගෙන තියෙන්නේ රුසියන් කතා මාලාවේ එන නැති වූ සපත්තුව නම් කතාව තුලිනි.( shors story)සමනල සංධ්වනිය කතාව තේමාවටද වස්තු විශය වී තියෙන්නේ නැති වූ නොහොත් මඟ හැරුණු ලියුමක් පිළිබඳවය.සංගීතය යොදා ගැනීමේදීද බටහිර සංගීතය භාවිතා කර ඇති බව පෙනේ. (වාදීශ තම පාසලේදී විභාගයක් සදහා ගායනා කරන ගීත බටහිර පන්නයේ ගීත වේ). ඒ අනුව බටහිර පන්නයේ ආභාෂයක් ලැබුනා යැයි කිව හැක.
ඇඳුම් පැලඳුම් ගතහොත් ප්‍රේක්ෂකාගාරය ඉස්සරහ ගීත ගායනා කරන්නට පැමිණෙන වාදීශ සහ වාද්‍ය වෘන්දය ඇද පැළද සිටින්නේ යුරේාපීය ඇඳුම්සංගීතය පිළිබදව බැලුවහොත් බටහිර සංගීතය යම් තැනකදී යොදාගෙන ඇතිබව පෙනේ. උදාහරණ ලෙස තම පාසලේ විභාගය අවස්ථාවේදී ගායනා කරන්නේ බටහිර ගීතයි. (oh dane the go)
භාෂා භාවිතය ගතහොත් ඉංග්‍රීසි වචන යොදාගෙන ඇති බව පෙනේ. (You Have Good Future My Son)
මෙහි පුණ්‍යාගේ චරිතයට රගන යශෝධා විමලධර්ම කුමාරි උද්‍යානයට වී සිටින ආකාරයෙන් දිස් වන්නේ රුසියානු සිනමාවේ දක්නට ලැබෙන කාන්තාවගේ ස්වරූපයය.
ධර්ම යුද්ධය
මීට අමතරව ජැක්සන් ඇන්තනී රඟන ධර්ම යුද්ධය චිත්‍රපටය ගතහොත් එහි ප්‍රධාන ලක්ෂණයක් වන්නේ එය දේශීය චිත්‍රපටයක් ලෙස මුළුමනින්ම සැලකිල්ලට ගත නොහැකි වීමයි. එහි කතා සංකල්පයේ සිට අධ්‍යක්ෂණය, කැමරාකරණය, සංස්කරණය ආදී ප්‍රධාන අනුශාංගික අංශ මෙරට නිර්මාණකරුවන්ගේ නොවූවද සංගීතය හා රංගනය ශ්‍රී ලාංකික නළු නිළි හා නිර්මාණකරුවන්ගේ බව ධර්ම යුද්ධය නරඹන කල පෙනේ.
මලයාලම් බසින් 2013 දී ඩිරෂ්යම්, කන්නඩ බසින් 2014 දී ඩිෂ්යා, තෙලිඟු බසින් 2014 දී දෘෂ්‍යම්, දෙමළ බසින් 2015 දී පාපනාසම්, හින්දි බසින් 2015 දී ඩිරෂ්යම්, 2017 දී සිංහල බසින් ධර්ම යුද්ධය සේ අපට නරඹන්නට ලැබී තිබේ- ඩිරෂ්යම් මුල් නිශ්පාදනය, කේරලයේදී පලමු වරට තිරගත වූ අවස්ථාවේදී දින 150 ක් ප්‍රදර් ශනය වෙමින් බොක්ස් ඔෆිස් වාර් තා තැබූ සිනමා නිර් මාණයක් විය. එපමණක් නොව කේරළ ප්‍රාන්ත සිනමා උළෙලෙහිදී සම්මානයෙන් පිදුම් ලබන්නේ වසරේ හොදම චිත්‍රපටිය ලෙසයි.
ධර් ම යුද්ධයෙහි මුල් නිශ්පාදනයේ සිට, සිංහලෙන් නිමවුණු 6 වන චිත්‍රපටය තෙක් පෙර නිශ්පාදන අතිශයින් ජනප්‍රීයව ඇත්තේ චිත්‍රපටයේ කතා සංකල්පය හේතු කොටගෙනද එක් එක් නිශ්පාදනයන්ගේ නළු වරණය (casting) ජනප්‍රිය වීම නිසා යන ප්රශ්නය මතු වේ.
ලංකාවේ නම් ධර්ම යුද්ධය චිත්‍රපටයේ ප්‍රධාන චරිත සදහා යොදාගත් නළු නිළියන් මේ කතාව මෙතරම් ජනප්‍රිය වීම සදහා බලපා ඇත. තවද කතාවෙහි ඇතුලත් කුතුහලයද මේ සදහා ඉවහල් වී ඇති බව පෙනේ.
ධර්ම යුද්ධය චිත්‍රපටයේ කුතුහලය ආරම්භයේ සිට අවසානය වන තෙක්ම පවතී. ලාංකිකයන් වඩාත් කැමති චිත්‍රපටය අවසන් වන තෙක්ම කුතුහලය පවතිනවානම්ය. අපේ චිත්‍රපටය තුළ අන්තිම මොහොත වෙනකම් මිනිය යට ගැසීම කියන කාරණය සිතිය නොහැකියි. කකුලෙන් බිමට තට්ටු කරනකම් සිතාගත නොහැකියි- දෙමළ චිත්‍රපටය තුල පොඩි අදහසක් එනවා පොලීසිය හදන තැන පෙන්වීමෙන්. දෙමළ චිත්‍රපටය තුල පොලීසිය හදන තැන නිතර නිතර පෙන්වන අතර ඔවුන් එය තාර්කිකව පෙන්වා දී ඇත. සිංහල චිත්‍රපට shot එකක් පමණක් පෙන්වයි. වෙන්නේ මොකක්ද යන්න තේරුම් ගැනීමට අපහසු එනම් අවසානය දක්වාම උද්යෝගීමත්ව නැරඹිය හැකි වන්නේ චිත්‍රපටය තුල කුහුල උපරිමයෙන් තිබුනොත් බවට ලාංකිකයන් සිතයි. අධ්‍යක්ෂකවරු පෙළඹි සිටින්නේද ඒ අනුව චිත්‍රපට නිර්මාණය කිරීමටය.
ධර්ම යුද්ධයෙහි හරිස්චන්ද්රට රඟන ජැක්සන් ඇන්තනී ශේන්ගේ වාහනය රැගෙන ගොස් අයින් කරන අවස්ථාව අරන් ඇත්තේ Low Angle මගිනි. පවා විදේශීය චිත්‍රපටි තුලින් අරන් ඇති බව පෙනේ. වර්තමානයේද සෑම චිත්රපටියකම Low Angle එක දක්නට ලැබේ. මේ ආකාරයේ විවිධ සංස්කෘතීන්ගේ ලක්ෂණ අරන් ඒවා නිරූපණය වන පරිදි චිත්‍රපට නිර්මාණය කිරිම දක්නට ලැබේ.
සාරාංශය
අන්තර් සංස්කෘතික අධ්‍යනය යනු විවිධ සංස්කෘතීන් සමඟ මානව කණ්ඩායම්වල පවතින සම්බන්ධතාවය විමර්ශනය කිරීමයි. ඈත අතීතයේ සිට අද දක්වාම විවිධ රටවල ජන කණ්ඩායම් අතර පවතින සංස්කෘතික ලක්ෂණ එකිනෙකට සම්බන්ධ වීමත් ඒවා එකිනෙකෙහි අන්තර් සම්බන්ධතාවක් ගොඩනඟා ගැනීමත් දක්නට ලැබේ. සිනමාව ගතහොත් එයටත් විවිධ වූ අන්තර් සංස්කෘතික ලක්ෂණ පැමිණ තිබේ. සිනමාවේ නිර්මාණයන් අධ්‍යනය කිරීමේදී ඒ ඒ සංස්කෘතීන්ගෙන් ලබන ලද පෝෂණය දක්නට ලැබේ. ඒ අතරින් 90 දශකයේ සිනමාව වඩාත් කැපී පෙනේ. අප කණ්ඩායමට ලැබී තිබුනේ මෙම 90 දශකයේ සිනමාවේ සිනමාකරුවන් තෝරාගෙන, ඔවුන් විසින් අධ්‍යක්ෂණය කල චිත්‍රපට කිහිපයක් තෝරාගෙන, එහි ඇතුලත් අන්තර් සංස්කෘතික ලක්ෂණ අධ්‍යනය කිරීමකි. අප තෝරාගත් සිනමාකරුවන් වන්නේ ධර්මසේන පතිරාජ, ඩොනල්ඞ් ජයන්ත, සෝමරත්න දිසානායක, ජැක්සන් ඇන්තනී, ජයන්ත චන්ද්‍රසිරි, සුනිල් ආරියරත්නයි. ඔවුන් විසින් කල චිත්‍රපට කිහිපයක පවත්නා අන්තර් සංස්කෘතික ලක්ෂණයන්ගේ සම්පින්ඩනයක් මෙම ඇගයිම පුරාවට දක්නට ලැබේ.
w.s.v. සෙනෙවිරත්න
ජනසන්නිවේදන අධ්‍යන අංශය
කැලණිය විශ්වවිද්‍යාලය
Good luck💗💗
ReplyDeletethank uu piyuu
DeleteGood luck💗💗
ReplyDeletethank uu piyuu
Delete