දැන්වීම් පිළිබඳ අන්තර්ගත විශ්ලේෂණය
හැඳින්වීම
දැන්වීම්කරණය සන්නිවේදන ක්‍රමයකි. පාරිභෝගිකයා විසින් භාණ්ඩය හා සේවාව ලබා ගන්නා ආකාරය සහ එය භාවිතා කරන ආකාරය සම්බන්ධයෙන් කෙරෙන දැනුම්වත් කිරීමකි' ඩොන් ස්ලේටර් නම් විචාරකයා පෙන්වා දෙන්නේ පාරිභෝගික භාණ්ඩ පිළිබඳ සංස්කෘතික ප්‍රතිනිර්වචනයක් දැන්වීම්කරණයෙන් ලැබෙන බවයි' එම භාණ්ඩ බෙදා හැරීම මෙන්ම ඒවායේ මිළ තීරණය කිරීමේ බලය දැන්වීම්කරණය සතුබව හෙතෙම පෙන්වා දෙයි' වෙළෙඳ නාමය ගැන විශ්වසනීයත්වයක් ගොඩනැගෙන ආකාරයට සමහර වෙළෙඳ දැන්වීම් නිර්මාණය වී ඇති අතර එමඟින් ඒවාහි පරිභෝජනය වැඩි කරවීමට හැකියාව ලැබේ' මේ පණිවිඩ දීම සදහා සැබෑ කරුණු මෙන්ම පොළොඹවන සුළු පණිවිඩද වෙළෙඳ දැන්වීම් වල අඩංගු වේ' රූපවාහිණී ගුවන්විදුලිය චිත්‍රපට සඟරා පුවත්පත් වීඩියෝ ක්‍රීඩා සහ අන්තර් ජාල වෙළෙඳ දැන්වීම් සහ වෙළෙඳ දැන්වීම් පුවරු වැනි ප්‍රබල මාධ්‍යයන් මේ සදහා යොදාගනු ලැබේ'
පුවත්පත් දැන්වීම් පිළිබඳව අවධානය යොමු කරන විට ඕනෑම කෙනෙකුට නැවත නැවතත් එම දැන්වීම කියවා බැලීමට හැකිවීම මෙහි තිබෙන වාසියක් ලෙස දැක්විය හැකි වේ' අතීතයේදී නම් පත්තරවල දැන්වීම් පළ වූයේ ඒ ඒ පිටුවල පහත මුළුවල පමණි' එහෙත් අද යම්කිසි දෙයක් ප්‍රචාරය කරගත යුතු දැන්වීම්කරුවෙකුට තමන් කැමති පත්‍රයේ ඕනෑම තැනක තම දැන්වීම ඕනෑම ප්‍රමාණයකින් පල කරවා ගත හැකිවේ'
රූපවාහිණි දැන්වීම් පිළිබඳව අවධානය යොමු කරන විට තම ගුවන් කාලය තුළ විකාශය කෙරෙන ජනප්‍රිය රූපවාහිණි දැන්වීම් ප්‍රක්ෂේපණය කරන ආකාරයට ඒවා අද වනවිට වඩාත් ඵලදායී වෙළෙඳපොළ දැන්වීම් මාධ්‍යයක් බවට පත්ව තිබේ'
මේ අනුව මා තෝරා ගත්තේ මුද්‍රිත මාධ්‍ය දැන්වීමක් සහ රූපවාහිණි මාධ්‍ය දැන්වීම් දෙකකි'
මෙම අධ්‍යනය මෙහෙයවීමේදී අවශ්‍ය දත්ත සොයාගනු ලැබූවේ අන්තර්ජාලයෙන් වන අතර එහිදී ඒවා තුළින් හා අදාල දැන්වීම් විශ්ලේෂණයට භාජනය කොට අවශ්‍ය ප්‍රතිඵලය ලබා ගැනීම සිදු වූ අතර එම ප්‍රතිඵලය මත අවශ්‍ය නිගමන වලට එළඹීය'
මෙහිදී මුලින්ම මා තෝරාගත් දැන්වීම වන්නේ මුද්‍රිත මාධ්‍ය දැන්වීම වන අතර එය කොටස් වලට බෙදා වෙන් කරන ලදි'
රෙසිපි පොත් වාසනා ලෙස දැන්වීම ප්‍රධාන තේමාවකට ගොස් ඇත' දිනුම් ඇදීම තුලින් ත්‍යාග ලබා දීමක් සිදු කරන බව කියයි'
එනම් සිදුවීම දෙස අවධානය යොමු කිරීමේදී 150 වන සංවත්සරය නිමිත්තෙන් නෙස්ලේ වෙතින් ලබාදෙන මිල්ක්මේඞ් සඳහා නවතම දීමනාවක් ඇතුලත් කරමින් භාණ්ඩ ප්‍රවර්ධනය කිරීම දීමනාව දිනා ගැනීමට අවශ්‍ය නම් ඒ සදහා මිල්ක්මේඞ් ලේබලය සමග එහි පිටුපස තමන්ගේ විස්තර ලියා එවිය යුතු බවට සඳහන් කර තිබීම'
නෙස්ලේ ලාංඡනය සදහා යොදාගෙන ඇත්තේද කුරුළු අම්මා කුරුළු කූඩුවට විත් තම පැටවුන්ට කවන ආකාරයේ දර්ශනයක් වන අතර නෙස්ලේ සදහා එම ලාංඡනය යොදා ගැනීමට හේතුව එයද ආහාර පාන සපයන තැනක් වීමත් අම්මලා දරුවන් වෙත ලබාදෙන නෙස්ලේ කිරි සෙරිලැක් මිල්ක්මේඞ් ආදියත් සපයන ආයතනයක් වීමත් නිසා විය යුතුය'
රෙසිපි පොතේ පින්තූර 6 තුලින් මිල්ක්මේඞ් යොදාගෙන ආහාර රසවත් කරගත හැකිබව පෙන්නුම් කරයි'
කේක්
බිස්කට්
අයිස්ක්‍රීම්
කිරි ලෙස
දැන්වීමේ පහළ කෙලවර පිටුවක් මෙන් ඉහලට එසවී තිබීමෙන් රෙසිපි පොත් හා දැන්වීම අතර සම්බන්ධයක් පවතින බව පෙනීයයි'
රෙසිපි පොත සකස් කර ඇත්තේද සැමරුම් පොතක් ලෙසය නෙස්ලේහි 150 සංවත්සරයට අදාළව රෙසිපි පොත්ද සැමරුම් පොතක් වන ආකාරයට සකසා ඇති බවක් දක්නට ඇත'
රෙසිපි පොත් වාසනා යන්න නිල් පාටින් සදහන් කිරීමෙන් නෙස්ලේ යන නිෂ්පාදනයේ නම සහ එය අතර වර් ණ මගින් සම්බන්ධයක් ගොඩ නැගීම'
වාසනා යන්න කහ පාටින් සදහන් කිරීමෙන් මිල්ක්මේඞ් කිරිත් කහ පාටය යන්නත් දැන්වීමේ කිරි පෙරීගෙන එන රූපයෙන්ද එය සම්බන්ධ කොට ඇත'
අකුරු සදහා නිල් කහ සුදු පැහැති වර්ණ යොදාගෙන ඇත' ඒවා මිල්ක්මේඞ් සමග බැඳී ඇති වර්ණ ලෙස දැක්විය හැකිය' දැන්වීම පුරාවටම දක්නට ලැබෙන්නෙත් එම වර්ණය'
නෙස්ලේ නාමය සහ රෙසිපි පොත් වාසනා විශාලව සදහන් කිරීමෙන් එය දෙස බලන කෙනෙකුට එකවරම ඇහැ යන්නේ ඒ දෙසටය' එමගින් දැන්වීම කුමක්ද කුමක් සදහාද යන අරුත ගැන වැටහීමක් ලැබේ'
මිල්ක්මේඞ් ලාංඡනයට කිරි භාජන දෙකක් ගත් තරුණ නවීන පන්නයේ කාන්තාවක් යොදාගෙන ඇත' ඒප්‍රනයක් ඇඳගත් ඇය මඟින් මිල්ක්මේඞ්හි ඉලක්ක ග්‍රාහකයන් මේ යැයි නිශ්චය කල හැක' කාන්තාවන් ඉලක්ක ගත ප්‍රජාව වන අතර එයිනුත් මධ්‍යම පාන්තික හා ඊට ඉහළ කාන්තාවන් ඉලක්ක ගත වේ'
භාණ්ඩ ප්‍රවර්ධනය කිරීමේ දැන්වීමක් ලෙස හඳුනාගත හැකි අතර මිල්ක්මේඞ් භාවිතයට හුරු කිරීම මගින් නිශ්පාදනය අලෙවි කර ගැනීම යටි අරමුණ වී ඇත'
ඉහළ කෙළවරේ සිට පහළ කෙලවර දක්වා පිටු භාගයක්ම යොදාගෙන ඇත'
රූපවාහිණි දැන්වීම්
තාරුණ්‍යයේ ක්‍රියාශීිලිත්වය හා සරාගී බව යොදා ගනී'
දියේ ගිලෙමින් සිටින තරුණියක් බේරා ගැනීමට යන තරුණයෙක් සහ ඇයට තරුණයා කෙරෙහි ආකර්ෂණයක් ඇති වීමත් එයට සම්බන්ධ කරලීමත් දැකගත හැකිය'
හැඩි දැඩි තරුණයෙක් සහ සරාගී බවින් යුතු තරුණියක්'
හෝටලයක් සහ ඒ අසල තිබෙන වෙරළක් යොදා ගැනීමෙන් ඒ සදහා ගැළපෙන ලෙස තරුණයාගේ උඩුකය නිරුවත් බවත් තරුණිය බිකිනියක් ඇඳ සිටීමත් දැක්විය හැක'
දැන්වීම සඳහා අවශ්‍ය වන්නෙත් උඩුකය නිරුවත්ව සිටීමත්ය' මක් නිසාද යත් පිරිමියාගේ ඇඟ පෙන්වීමටය' තරුණියගේ ශරීරයේ හැඩයත් බිකිනියත් සමඟ එන ලිංගිකත්වය සරාගී බව වැනි ලක්ෂණ පෙන්වීම සඳහාත්ය'
බෝතලය පිරිමියෙකුගේ පපුවේ හැඩය ආකාරයට සකසා ඇත' එකද කහ පාටය' දවටනය සඳහා කළු පැහැති පසුබිමේ කහ පැහැයෙන් පපුවේ හැඩය ඇඳ ඇත' තරුණයා සහ තරුණිය ඇඳ සිටින්නේද කළු පැහැති ඇඳුම්ය' ඇඳුම්ද එaකත් සමඟ සම්බන්ධ කොට ඇත'
දැන්වීම පුරාවටම කහ වර්ණයට ඉඩක් ලබා දී ඇත' එකත් කහ පැහැති වීම එයට හේතුවක් ලෙස පෙනේ' ඉර බැස යන දසුනත් එයට සම්බන්ධ කිරීමෙන් කහ වර්ණය තීව්‍රකර පෙන්වීමට උත්සහ දරා ඇත'
තරුණිය බේර ගැනීමට යාමට පෙර අවස්ථාවේ බෙල්ලේ තවරා ගන්නා අවස්ථාව පෙන්වයි' ඇයව බේරගෙන බෝට්ටුවට නංවා ගත්විට තරුණයා කෙරෙහි ඇතිවන ආකර්ෂණයට එක් හේතුවක් ලෙස බව මෙහිදී වක්‍රව කියයි' පාරිභෝගිකයා කෙරෙහි අදහසක් ඇති කරනවා තරුණයන් තුලින් ඇතිවන සුවඳත් තරුණියන් තුළ ආකර්ෂණය ඇති කිරීමට එක් හේතුවක් බව ඒ අතරින් ප්‍රබලවනවා යැයි කියයි'
වේග රිද්ම සංගීතයක් යොදාගෙන ඇත' ත්‍රාසජනක බව ඇති කරවන සුළු සංගීතයක් බව පෙනේ'
තරුණ හැඩිදැඩි පිරිමින් ඉලක්ක ග්‍රාහකයින් වී ඇත' තවද ධනපති පංතිය ඒ අතරින් ඉලක්ක වී ඇති අතර හොටෙල් කාමරයට වී සිටින තරුණයෙක් පෙන්වීමෙන් එය පැහැදිලි වේ' එකේ තත්ත්වය පෙන්වීමට පපුව හෝටලය මෝටර් බෝට්ටු අරන් ඇත' සාමාන්‍යයෙන් ඉහළ පංතියේ කෙනෙකු සතු දේවල් මෙයින් නියෝජනය වේ'
වෙළෙඳ නාමය මෙයින් කියවෙන්නේ ඔබ අඳින හැම ඇඳුමකටම යන අදහසකි' ඔබ පළඳින සෑම ඇඳුමකටම භාවිතා කරන්න යන අදහසක් ලබා දේ'
අම්රිතා හඳුන්කූරු දැන්වීම
සංස්කෘතිය බෞද්ධාගම මූලික කොටගෙන ඒ හා බැඳුණ හඳුන්කූරත් ඒ ඔස්සේ වක්‍රව නිශ්පාදනය විකිණීමත් සිදු කරයි'
කඬේට ගියවිට තමන්ට කීයක් හරිදෙන කඬේ හිමිකරුට කරදරයක් වෙලා කියලා දැන ගත්තහම ඔහුව බලන්න ඔහුගේ නිවසට හඳුන්කූරු සුවඳ ඔස්සේ ගමන් කරන අන්ධ පුද්ගලයෙකු වටා දැන්වීම නිර්මාණය වී තිබීම'
සමන් මහත්තයා අන්ධ පුද්ගලයා තරුණිය
සුදු කමිසයක් ඇඳගත් අන්ධ පුද්ගලයා තැඹිලි පැහැ බ්ලවුසයක් ඇඳගත් තරුණිය සුදු පැහැයට හුරු කමිසයක් ඇඳගත් සමන් මහත්තයා'
සුදු තැඹිලි වර්ණ බෞද්ධාගම තුළ භාවිත වර්ණය' ඒ අනුව වර්ණ ආගම කෙරෙහි සම්බන්ධ කොට ඇත'
සුදු පැහැයට හුරු බව දැන්වීම පුරාවටම දක්නට ලැබීම' එයින් පිවිතුරු බව හා බෞද්ධාගමික බව සංකේතවත් කරයි'
නාද මාලාව ගත්තොත් පන්සලේ ඝාන්ටාර ශබ්දයට හුරු භාෂාවක් භාවිතා කරයි'
හඳුන්කූරු යනු පූජා භාණ්ඩයකි' එය සංස්කෘතික නිශ්පාදනයක් ලෙසත් හැඳින්විය හැකිය' බෞද්ධ හා හින්දු ආගමික ස්ථාන වලටත් උත්සව ආශ්‍රීතවත් හඳුන්කූරු භාවිතා වේ'
හඳුන්කූරු වර්ග විවිධ ලෙස වෙළඳපොළ තුළ දක්නට ලැබුනත් අම්රිතා දැන්වීම විකාශය වෙනකම් මිනිස්සු තේරීමක් කලේ නෑ කුමන හඳුන්කූරු වර්ගයද මිළදී ගන්නේ කියා මෙම දැන්වීම ප්‍රචාරය වීමෙන් පසු වක්‍රාකාරයෙන් පැවසුවේ අනෙක් හඳුන්කූරු වලට වඩා මෙහි සුවඳ ප්‍රබලය යන්නයි' වෙළෙඳපොළට හඳුන්කූරු වර්ගය පැමිණෙන්නෙත් එක කූරේ සුවඳ දෙකක් ලෙසයි' ඒ අනුව මේ වෙනකම් නොතිබිච්ච විශේෂත්වයක් මෙහි පවතිනවා යැයි කියයි'
උදාහරණ විදිහට සුවඳේ ප්‍රබලත්වය පෙන්වීමට අන්ධ පුද්ගලයා යොදාගෙන ඇත' ඇස් නොපෙනෙන පුද්ගලයෙක් නිවැරදිව නිවස සොයාගෙන යෑමෙන් එය පිළිඹිඹු වේ' ඒ සඳහා හේතු වන්නේ අම්රිතා හඳුන්කූරු සුවඳයි' ඒ අනුව අධික සුවඳ අම්රිතා හඳුන්කූරු වලට හිමියි කියන අදහස දේ' තවද සුවඳ කොතරම් දුරට පැතිරෙනවාද යන්න වෙළෙඳ නාමයෙන් සහ පරිසරයෙන් පෙන්නුම් කරයි'
උදාහරණ ලෙස අන්ධ පුද්ගලයෙකුට පිහිට වෙන කඬේ හිමිකරු'
තමන්ට උදව් උපකාර කරන කඬේ හිමිකරුට කරදරයක් වූ අවස්ථාවේ බලන්නට යාම'
අන්ධ පුද්ගලයාව වාඩි කරවා සංග්‍රහ කරන තරුණිය
වෙසක් පොසොන් කාලයේ ප්‍රචාරය වීම දක්නට ලැබීම' සංස්කෘතික උත්සව සමරන බෞද්ධ පිරිස පැහැදිලිවම ඉලක්ක ගත කර තිබේ'
හොඳ මිනිසුන්ගේ ගුණ සුවඳ උඩු සුළඟින්ද පැතිරේ ධම්ම පදයෙන් උපුටා ගත්තකි' ඒ තුලින් මෙම දැන්වීම ආගමට සම්බන්ධ කොට ඇත' එහිදීද සුවඳ විශේෂ කොට දක්වා ඇත'
නිගමනය
දැන්වීම් ගැන සලකා බැලූ විට විවිධ අරමුණු ඉලක්ක කරගෙන නිර්මාණය වීමක් සිදුවේ' මා තෝරාගත් මුද්‍රිත මාධ්‍ය දැන්වීම භාණ්ඩ ප්‍රවර්ධනය කිරීමේ දැන්වීමක් වන අතර දීමනාවක් ලබා දෙනවා යැයි පවසා නිශ්පාදනය විකිණීම ප්‍රධාන අරමුණ කරගනී' මේ අනුව පාරිභෝගිකයාට වාසියක් සහ නිශ්පාදකයාට ලාභයක් ලැබීම මෙමගින් සිදු වේ' රූපවාහිණි මාධ්‍යයේ දැන්වීම් දෙකක් තෝරාගත් අතර එයින් දැන්වීම තාරුණ්‍යයේ සිතුම් පැතුම් ඉලක්ක කරගත් දැන්වීමක් ලෙස සැලකිය හැකිය' තාරුණ්‍යයේ පසුවන අය ආකර්ෂණය බලාපොරොත්තු වේ' ඒ සඳහා සුවඳ යොදා ගන්නා ආකාරයත් ඉතා කෙටි වේලාවකින් තරුණියන් ආකර්ෂණය කර ගැනීමත් සිදු වේ මෙයට හේතුව යැයි වක්‍රව කියයි'
අම්රිතා හඳුන්කූරු දැන්වීම වෙළෙඳ භාණ්ඩයක් ලෙස දැක්විය හැකිය' නමුත් නිශ්පාදනය විකිණීම ප්‍රධාන අරමුණ වුනත් එම දැන්වීම මගින් සමාජයට යහපත් පණිවිඩයක් ලබා දීමක්ද සිදුවේ' මා තෝරාගත් දැන්වීම් වල වක්‍ර අරමුණු වන්නේ අදාල නිශ්පාදනය විකුණා ගැනීම උවත් පාරිභෝගිකයාට එය සෘජුව නොපවසා වක්‍රව ඒත්තු ගන්වන බව දැන්වීම් දෙස බැලීමේදි පෙනේ' කෙසේ නමුත් මුද්‍රිත මාධ්‍යයේ දැන්වීම් නිතර ළග තබාගෙන නැවත නැවතත් බැලීමට හැකි අතර රූපවාහිණී මාධ්‍යයේ දැන්වීම් එසේ නොවේ' නමුත් ජනතාව චලන රූප සහ එහි තිබෙන ආකර්ෂණීය බව හේතුවෙන් විද්යුත් මාධ්‍යයේ දැන්වීම් කට පාඩම් වන තරමට මනසට කා වැඳී ඇති බව දැකගත හැක'
w.s.v. සෙනෙවිරත්න
ජනසන්නිවේදන අධ්‍යන අංශය
කැලණිය විශ්වවිද්‍යාලය