බොබ් මාලේගේ තතු
බොබ් මාලේ මිනිසුන්ගේ දැවෙන හදවත් සුව කිරීමට සුදුසු වන්නේ රිද්මය බව හඳුනා ගත්තේය. වර්ණභේදවාදය ගැනත්, කම්කරු පන්තියට පාලක පන්තියෙන් එල්ල වෙන පීඩනය ගැනත් ඔහුගේ ගීත වලින් නිතරම කියැවිණි. ඔහු ගැයූ GET UP STAND UP ගීතයෙන් කියවෙන්නේද තම අයිතිවාසිකම් වෙනුවෙන් නැඟී සිටිය යුතු බවය.
අවදිවන්න නැඟී සිටින්න, ඔබේ අයිතීන් වෙනුවෙන්, සර්ව බලධාරී දෙවියෙකු අහසින් පැමිණ, සියලු දුක් දොම්නස් රැගෙන, ඔබට සතුට ලබා දේ යැයි බොහෝ දෙනෙකු සිතනවා විය යුතුයි, එහෙත් ජීවිතයේ වටිනාකම් හඳුනාගතහොත් ඔබ ජීවිතය සොයන්නේ මේ මහ පොළොව මතිනි, එවිට පෙනේවි ඔබට ආලෝකය, ඉතින් අවදිවන්න, නැඟී සිටින්න
මාලේට මේ ගීතයෙන් නොසිතූ විරූ තරම් රසිකයන් අවධි කරන්නට පුළුවන් විය. කම්කරු පන්තියේ දැවෙන හදවත් ඔහු සුභවාදී බලාපොරොත්තුවකින් දල්වාලීය. වර්ණභේදවාදය ගැන ඔහු නිතර කතා කළේ තම ජන්මය ගැනද උදාහරණයකට ලක් කරමිනි. ඔහුට වුවමනා වූයේ කළු-සුදු ජාතීන් යැයි මනුෂ්‍ය වර්ගයා දෙකට බෙදෙනු දකින්නට නොවේ.
‘මට මං ගැන කිසිම අගතිගාමී හැඟීමක් නෑ. මගේ තාත්තා සුදු අම්මා කළු. මං ඔය දෙකටම නැති කෙනෙක් කියලා සමහරු කියනවා. ඇත්ත. මට කාගේවත් පැත්ත ගන්න ඕන නෑ. මං ඉන්නේ දෙවියන්ගේ පැත්තේ. මාව කළු-සුදු ජාතීන් දෙකටම අයිති කරලා මේ ලෝකෙට එවපු දෙවියන්ගේ පැත්තේ.’
මාලේ වරෙක කීවේය. එහෙත් තමන්ට මිශ්‍ර සම්භවයක් තිබෙන බව දැන ගනිමින් වූවත් ඔහු තමන් කළු අප්‍රිකානුවෙකු බව හඳුන්වා දුන්නේය. එසේ කළේ ඒ වන විටත් සුදු ජාතීන් අතින් පීඩනයට පත් වෙමින් තිබූ කල්ලන්ගේ අයිතිවාසිකම් ගැන කතා කිරීමටය. ඒ වන විටත් ජැමෙයිකාවේ සිට ජාත්‍යන්තර වර්ණ භේදවාදයට එරෙහි අරගලයක් ගෙන ගිය මාකස් ග්‍රේව්ගේ දේශපාලන දර්ශනයට මාලේගේ සිත බෙහෙවින් ඇදී ගියේය. අප්‍රිකාවේ පමණක් නොව ලෝකයේ විවිධ රටවල වෙසෙන අප්‍රිකානු සම්භවය ඇති නීග්‍රෝ ජාතිකයන්ගේ සංවර්ධනය ගැන සිතමින් අප්‍රිකානු මහද්වීපය නිග්‍රෝ මිනිසුන්ගේ ජන්ම භූමිය ලෙස ඔසවා තැබීමේ දර්ශනයට මාලේද එකඟ විය. සයන් ලෙස හැඳින්වූ අප්‍රිකානු රාජ්‍යයට ලෝකයේ නන් රටවල පීඩාවට පත් වෙමින් සිටින නීග්‍රෝ ජාතිකයින් කැඳවීමේ සිහිනය මාලේගේ ගීත වලට පසුබිම් විය. ඔහුගේ ZION TRAIN ගීතයෙන් කියැවෙන්නේද මේ ගැනය.
අවුරුදු දෙදහසක ඉතිහාසය පහසුවෙන් අතු ගා දමන්නට නොහැකිය. අවුරුදු දෙදහසක කළු මිනිසුන්ගේ ඉතිහාසය පහසුවෙන් අතු ගා දමන්නට නොහැකිය.
ZION TRAIN ගීිතයේ එක් පද වැලකදී මාලේ එසේ කියන්නේය. මේ ගීතය පමණක් නොව BLACK SURVIOUR BADY LON SYSTEM වැනි ගීත වලින්ද ඔහු බාබිලෝනය ලෙස හඳුන්වන බටහිර ජාතීන් විසින් කල්ලන්ගේ ශ්‍රමය යන අයිතිය උඳුරා ගන්නා බවත් එයට එරෙහිව නැඟී සිටිය යුතු බවත් පෙන්වා දුන්නේය.
1966 වසරේද ඔහු රීටා ඇන්ඩර්සන් සමඟ විවාහ විය. මාලේ දිගින් දිගටම ජනතාව සමග ගී ගැයුවේය. ඔහුගේ මේ රැඩිකල් ගීත වලින් ජනතාව පිබිදෙනු දුටු පාලක පන්තියද තරමක් වියපත් වෙන්නට ඇත. ඔහුට ජීවිත තර්ජන පවා එල්ල වෙන්නට ඔහුගේ මේ ගීත විප්ලවය හේතු විය. මේ කාලය වනවිට බොබ් මාලේගේ සංගීත සංදර්ශණ දේශපාලන රැලියක් මෙන් විය. දුක් විඳින සහ දුක් හඳුනන රසිකයෝ ඔහු වටා එකතු වෙමින් සිටියහ. 1976 වසරේදී නාඳුනන තුවක්කුකරුවෙක් ඔහුගේ නිවසට පැමිණ වෙඩි ප්‍රහාරයක් එල්ල කලේය. ඉන් මාලේ බිරිය සහ ඔවුන්ගේ කළමණාකරු ලෙස වැඩකල දොන් ටේලර් තුවාල ලැබීය. ඉන් දින දෙකකට පසුව කලින් නියම කරගෙන තිබුණු පරිදි මාලේ ප්‍රසිද්ධ සංගීත ප්‍රසංගයකට සහභාගී වෙමින් ගී ගැයුවේය. එසේ කලේ ඇයි දැයි බොහෝ දෙනෙකු ඇසු විට මාලේගේ පිළිතුර වූයේ මේ ලෝකේ නරක අතට හරවන්න වැඩ කරන මිනිස්සු එක දවසක්වත් මොන දේ වුනත් නිවාඩුවක් ගන්නේ නෑ. ඉතින් ලෝකෙට හොදක් කරන්න හදන මමත් එහෙම වෙනවා එහෙම නොවී කොහොමද
මාලේගේ දේශපාලන දර්ශනය මිනිසුන් භේද භින්න කරන්නක් නොවීය. ඔහු ගී ගැයුවේ පක්ෂ හා ජාති භේද නොතකා හැමදෙනා එකතු කිරීමටය. මාලේ ප්‍රසිද්ධ දේශපාලන වේදිකාවට අවතීර්ණ වී ගී ගැයුවේ අද බොහෝ දෙනෙකු කරන්නාක් මෙන් එක් පක්ෂයකට ආවැඩීමට නොවේ. ඔහුට උවමනා වූයේ පක්ෂ අතර සමගිය ඇති කරවන්නටය. 1978 වසරේදී ජැමෙයිකාවේදී ඔහු පැවැත්වූ ONE LOVE PEACE CONCERT ද එවැන්නකි. ප්‍රසංගය අවසානයේදී මාලේගේ ඉල්ලීම අනුව එවකට පාලක පක්ෂය වූ මහජන ජාතික පක්ෂයේ නායක එඞ්වඞ් සියාගා අතට අතදී සුහදතාවය පල කළේය.
මේ වනවිට මාලේගේ ගීත කළු ජාතිකයන් අතර පමණක් නොව ලෝකයේ නන් දෙස සිටි සෑම ජාතියකටම අයත් රසිකයන් කුල්මත් කරමින් තිබුණි. ඔහුගේ ඊඹත්ත්්ඛධ ීධඛෘෂෑඍ ගීතයට ලැබුණේ ඉතා ඉහළ ජනප්‍රිය බවකි. සංගීතයේ ඇති එක් හොද දෙයක් වන්නේ එය ඔබේ හදවතට කා වදින විට ඔබේ වේදනාව දුරු වී යන නිසා යැයි බොබ් මාලේ වරෙක කීවේ ජීවිතයේ අනන්ත දුක්කම්කටොළු ඉදිරියේ තැවෙන සිත සංගීතයෙන් සුවපත් කීරිමේ බලය ගැනය.
මාලේ රස්ටෆාරී සංගීතයේ අනුගාමිකයෙකු වන අතර රස්ටෆාරී යනු 1930 ගණන් වල ජැමෙයිකාවේ ක්‍රිස්තියානි ලබ්ධිකයන් අතරින් ඉස්මතු වූ නව ආගමික දර්ශනයක් විය. කෙසේ නමුත් බොබ් මාලේ තමාගේ දේශපාලන මතිමතාන්දරය ගීත මගින් දැනවීමට උත්සහ කල බවක් දැකගත හැකිවිය.

w.s.v. සෙනෙවිරත්න
ජනසන්නිවේදන අධ්‍යන අංශය
කැලණිය විශ්වවිද්‍යාලය
Good luck👍👍
ReplyDeleteThank uu
DeleteGood luck👍👍
ReplyDeleteThank uu piyuu
DeleteGoodjob 👍👍
ReplyDeleteThank uuu😄
ReplyDeleteThank uu bn
ReplyDelete