dep. mass communication

Tuesday, 2 July 2019

   සමනල සංධවනිය

(ජයන්ත චන්ද්‍රසිරිගේ සිනමා නිර්මාණයක්) 




                     
                    ඇල් මැරුණු සිනමාවකට හිමිකම් කියන ශ්‍රී ලංකාවේ සිනමා නිර්මාණයක් පිළිබඳව අව්‍යාජ සමාජ කතිකාවතක් ඇතිවීම ඉතා ෙහාදය. සංධවනිය යන වචනයෙන්ම එය වෙනස්ම සිනමා නිර්මාණයක් ලෙස හඳුනාගත හැක. සමනල කියන පදයෙන් අහිංසක අලංකාර කියන අරුත දෙන අතර සංධ්වනිය කියන පදයෙන් තූර්ය වාදනයක් සංගීතය හා සම්බන්ධ පදයක් යන අරුත ‌ෙදනවා. ජයන්ත චන්ද්‍රසිරි අධ්‍යක්ෂකවරයා මෙම පද දෙකේ එක අරුතක්වත් නොව පද දෙකෙන් මතුවන තෙවනාර්ථය දෙස අවධානය යොමු කර ඇත. කනට නොඇසෙන ඇසට නොපෙනෙන ත්‍රීවතර භාවමය සංගීතයක් පිළිබඳව අදහසක් ගැබ්ව ඇත. සමනල සංධ්වනිය තුලින් ජයන්ත චන්ද්‍රසිරි යනු මෙන්න මේ යැයි කීමට නොහැකි තරමට විවිධාකාර ගතියක් ගනි. එක්තරා විදිහක ෆැන්ටසියක් සහ රොමැන්ටික් බවක් චිත්‍රපටිය පුරාවටම දිව යන බවක්  පෙනේ. මෙහිදී පරිකල්පන ලෝකයක ප්‍රේක්ෂකයා අතරමං නොකරමින් ආදරය පිරුණු ජවනිකා නොපෙන්වමින් නමුත් ආදරණීය බවක් ගෙන එන ආකාරයක චිත්‍රපටයක් නිර්මාණය කිරීමට ජයන්ත චන්ද්‍රසිරිට හැකි වී ඇත. චිත්‍රපටය එක් අතකින් බලද්දි ගැඹුරු බවක්ද තව අතකින් සරල බාවයක්ද දක්නට ලැබේ. ඕනෑම වින්දන මට්ටමක කෙනෙකුට මෙම චිත්‍රපටයට ඇතුලත් වීමට හැකිවන පරිදි මෙය නිර්මාණය කර ඇත. මෙම චිත්‍රපටය ප්‍රේමය පිළිබඳව අපූර්වතම අනුභූතියෙන් යුක්ත වන අතර ඊට සීමා මායිම් නැති බව පෙන්වයි. අප බොහෝ දුරට සිතන්නේ ප්‍රේමය කියලා කියන්නේ හුදු ගණුදෙනුවක් බවයි. වගකීම් යුතුකම් නොපිරිහෙලා ඉටු කරන ජීවිතයයි. එසේ වුවද ප්‍රේමය යනු එකී සරල වූ වගකීමෙන් එහා ගිය දෙයකි. පෙම්වතෙකු පෙම්වතියකට ලියූ ලිපියක් හෝ පෙම්වතියක පෙම්වතෙකුට ලියූ හසුනක් තවත් කෙනෙකු අතට පත් වූ විටෙක එබඳු හසුනකට ප්‍රේම කරන ගැහැණුන් හා පිරිමින් ගැන සාහිත්‍යයේ සහ සිනමාවේ දැක ඇත. මැසේජ් ඉන් ද බොට්ල් චිත්‍රපටයෙන්ද එය පෙනේ.                                                                                         
                                                   සමනල සංධ්වනිය චිත්‍රපටයේ එන වාදීශ ස්වකීය මුළු ජීවිත කාලයම විඳවන්නේ තම අතින් වූ වරදක් නිසාය. ඔහු සිතින් විඳවමින් කාලය ගත කරයි. සමනල සංධ්වනියේ කතා මූලයේ ඇත්ෙත් යොවුන් වාදීශගේ කලිසං සාක්කුවේ සගවා ගෙන සිටින ලියුමක බව ප්‍රේක්ෂකයින් දකී. එහෙත් ඒ ලිපිය වාදීශ ළඟ තිබෙන බවක් හෝ එම ලිපියට වුණු දෙයක්වත් පුණ්‍යා නොදනී. ඒ ලිපියෙන් තම විවාහ ජීවිතය ඇතුළු සමස්ත ජීවිතයම අවුල් කර ගන්නා බව ප්‍රේක්ශකයින්ට දක්නට ලැබේ. පුණ්‍යා නමැති යුවතියක තම ප්‍රේමය ප්‍රකාශ කොට රේවත නම් තරුණයෙකුට යවන පෙම් හසුනක් වාදීශ අතට පත් වන්නේ තමන්ගේ යහළුවන් දෙදෙනාත් සමඟ එබඳු ලියුම් කියවා ආතල් ගැනීමේ පුරුද්දක ප්‍රතිඵලයක් වශයෙනි. ප්‍රේමය ප්‍රකාශ කරන අතරම එම ලිපිය පුරාම කිසියම් ප්‍රේමණීය අදහස් ගැබ්ව පවතින අතර මාර් තු 7 වැනි දින උද්‍යානයකදී හමු වීමට ගිවිස ගත් එම ලිපිය කියවා සංවේදීව කිසියම් වරදකාරී හැඟීමකින් පෙලෙන වාදීෂ එම ලිපිය කිහිපවරක්ම ඇය අතට පත් කිරීමට උත්සහ දරයිග නමුත් එම උත්සහයන් ව්‍යර් ත වේ. පසුව ඔහුගේ සිත ඒ වැඩිමහල් යුවතියගේ සංවේදී අවංක හදවත ළඟ නතර වේ. පුණ්‍යා නමැති වැඩිමහල් තරුණිය කෙරෙහි වාදීෂ තුළ ඇති වන්නේ සෙනෙහසක්ද ආදරයක්ද ප්‍රේමයක්ද මොන වගේ හැඟීමක්ද යන්න මෙහිදී විමසයි. චිත්‍රපටයේ එන මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා ගීතයෙහි එන්නාක් මෙන් එය රිදුමක් වාගේ නිතරම පෙලන ලදී. එක් අතකින් එම රිදුම විරාගය නව කතාවේ අරවින්ද භතී නිසා පෙළනු ලැබු හැඟීම සිහිපත් කරවයි. විරාගයේ වාදීෂගේ හා අරවින්දගේ චරිත එකිනෙකට වෙනස් වුවද ඔවුන් දෙදෙනාගේම චෛතසිකයන් තුළ සමානයක් දැකිය නොහැකි වේ. වාදීෂට පුණ්‍යා කෙරෙහි ඇතිවන මෙම සෙනෙහස කුමක් නිසා ඇතිවන්නක්ද පුණ්‍යාගේ හසුන ඇය අතට පත් කරන්නට නොහැකි වීමෙන් ඇති වුන පශ්චත්තාපය නිසා ගොඩ නැඟුණු ප්‍රේමයක්ද නැතහොත් පුණ්‍යාගේ ජීවිතයත් සමග බැඳුණු අවිඥාාණික ප්‍රේමය ඉෂ්ට කර ගැනීමට නොහැකි වීමෙන් ඇති වුන රිදුමක්ද චිත්‍රපටය තුළ එය සඟවා තැබෙයි.  චිත්‍රපටය පුරාම යන්නේ වාදීෂ එම රිඳුමත් සමග දිවි ගෙවන ආකාරයය. ප්‍රේමය සැබෑ ලෙසම හඳුනාගන්නා අයට පමණක් දැනෙන එම රිදුම චිත්‍රපටය පුරාම දිව යන ලෙස ඇඳ බැඳ තබා ගන්නේ  කිසියම් දිනෙක කිසිවෙකු වෙනුවෙන් ඇතිවුන ප්‍රේමයක් නැවත දනවන්නට අධ්‍යක්ෂකවරයා සමත්ව ඇති බැවිනි.
                    මෙම චිත්‍රපටයේ සිද්ධි කිහිපයකි.වාදීෂට ලියුම හමුවන අවස්ථාව පුණ්‍යාට ලියුම ලබාදීමට දෙවරක්ම උත්සහ කිරීම අවු 21 ට පසුව අයියා මල්ලීට ලියුම ලබා දීම කතාව හා බැඳුණු ගීත
                 මේ අනුව කතාව ගොඩ නැඟී ඇත. කතාව ඇරඹෙන්නේ 1992 පෙබරවාරියේ කිසියම් දවසකය. එය ලිපි යුගයටත් පෙර වේ. වාදීෂ නම් සංගීතලෝලී නව යෞවනයෙකුට  අහම්බෙන් හමුවන ලිපියක් ඔස්සේ කතාව විකාශනය වේ. ඒ අහම්බයද කෘතිම වේ. ඊට වඩා විශ්වාසනීය හා ස්වභාවිකව ඉදිරිපත් වන ආකාරයෙන්  සිඳුකලා නම් වඩාත් හොදය. පුණ්‍යා විසින් ඇගෙන් ප්‍රේමය ඉල්ලා සිටින රේවත නම් තරුණයෙකුට ලියනු ලබන්නෙකි. එම ලියුම කාව්‍යමය ගතියකින් හා අන් අය යවන ලියුම් මෙන් නොව සංකීර් ණ ගතියකින් යුක්තයි. මෙම ලිපියේ අඩංගු දෑ කියවීමෙන් වාදීෂ තුළ ඇතිවන්නේ කුමන හැඟීමක්ද යන්න ප්‍රේක්ෂකයාට සිතාගත නොහැකි වේ. වාදීෂට එම ලියුමේ කවරය සොයාගත නොහැකි වන අතර  ලියුමේ පවතින විස්තර අනුව ඇයව සොයා ගොස් ලියුම ලබා දීමට සිතයි. නමුත් ලිපිය බාර දීමෙන් සිදු වන්නේ ලිපිය රේවතට නොලැබුණු බව රේවත දැන ගැනීම පමණයි. සමස්ත නිර් මාණයටම පාදක වෙලා තියෙන්නේ වාදීෂට මෙම ලිපිය පුණ්‍යා අතට දීමට නොහැකි වීම පමණි. ඒ නිසා වසර 21 ට පසුව ඔහු ඒ නිසා පීඩාවකින් පසුවන බව පෙනේ. තම ගෘහ ජීවිතය පවා අසාර්ථක වන්නේ ඒ නිසාය. මත් ලෝලීයෙකු බවට පත් වේ. වසර 21 ට පසුව වාදීෂ වික්‍රමනායක පෙනී සිටින්නේ ජනප්‍රිය ගායන තරුවක් ලෙසය. අතීත මතකෙන් පීඩා විදීම නිසා ඔහු තම බිරිඳට හා දරුවාට ඇති ආදරය පවුල් වගකීම් හා යුතුකම් පැහැර හැර ඇති බව පෙනේ. ඒ මතකය තුළම ඔහු ජීවත් වෙමින් සිටින අතර ගෙවුණු වසර විසි එක තුළ ඔහු එයට කිසිදු උත්සහයක් ගෙන නොමැත.
                      වාදීෂ පුණ්‍යා හමු වීමට ගනි. සියලු උත්සහයන් ව්‍යර් ත වේ. වරක් වාදීෂට පුණ්‍යා හමු වීමට වැලැක්වීමට යොදා ගන්නේ ඉතා බාල වර් ගයේ උපක්‍රමයකි. එය සමස්ත කතාවේම යථානුරූපවත් ගලා යෑමටද කළ බලවත් හානියක් වනවා සේම චිත්‍රපටයේ ඇති සම්භාව්‍ය බාවයටද මෙලෙස විකට ජවනිකාවක් පෙන්වීම බලවත් හානියක් වේ. එම විකට ජවනිකාව ඕනෑවටත් වඩා සිදු කිරීම පවතින හානිය වේ. තවද නොමනා ලෙස හැසිරුණු පුද්ගලයින් දෙදෙනා වාදීෂ ලුහු බඳින දර්  ශනය සඳහා චිත්‍රපටයේ අන් කිසි තැනෙක දක්නට නොලැබෙන ආකාරයක් සංචලන රූප රාමු පෙළක් දක්නට ලැබුණි.
                   තවද වාදීෂ පුණ්‍යා නැවතී සිටින නේවාසිකාගාරය සොයා ගිය අවස්ථාවේ අනපේක්ෂිත අතෝරයකට මුහුණ පෑමටද සිදු වන අතර බෝඩීමේ හිමිකරුගේ නිවසට උදව් ඉල්ලා දිව යන තරුණිය (දමිතා අබේරත්න) ඔවුන්ගේ යට ඇඳුම් එහි තිබෙනු දැක සිහිසුන් වී ඇඳ වැටීමද ඉහත කී ආකාරයේ අධි නිරූපනයක් සහිත සිද්දියකි. සමනල සංධ්වනිය නම් මෙම හැඟීම්බර සාමකාමී චිත්‍රපටය තුළ මෙවැනි දසුනක් තිබීම එවැනි දෙයක් ප්‍රේක්ෂකයින් බලාපොරොත්තු නොවීමත් නමුත් එවැනි විකට දර් ශනයක් ඇතුලත් කිරීමත් දැනගත හැක. නවකතාව 1992 ට ගෙන යාම තුලම නිර් මාණකරු එක්තරා අභියෝගයකට මුහුණ පාන අතර කාලයට අනුරූප ලෙස රූප රාමුවෙන් රාමුවට කලා අධ්‍යක්ෂණයේලා විශේෂ සැලකිල්ලක් දැක්වීමට සිදු වන බවයි. ඒ අභියෝගය බොහෝ දුරට සිනමාකරු ජයගෙන ඇත. 1992 වැනි කාලයකත් නුවරඑළිය තදාසන්න ප්‍රදේශයක මාර් ග සංවර් ධනය ප්‍රේක්ෂක විශ්වාසය පහසුවෙන් බිඳ හෙලන සුළුය. එමෙන්ම මෙම චිත්‍රපටය පුරා දිවෙන්නේ කාරණා 3 ක්ය. එනම් සංගීතය රිද්මය තිර නාටකය යන අංශයි.
                   මෙම චිත්‍රපටය මෙතරම් ජනප්‍රිය වීමට හේතු වී ඇත්තේ එහි භාවිතා වූ සංගීතයයි. එහිදී සංගීත නිර්මාපකයා ගායක ගායිනාවන්ගේ ශක්‍යතාවය මෙන්ම නූතන සිනමා තාක්ෂණයේ නාද සංකලනයන්හි භාවිතයද මේ විශිෂ්ටත්වයට හේතු වී ඇති බව පෙනේ. චිත්‍රපටයේ ඉකි ගසා හඩන වැනි ගීත මේකට වඩා අනෙක හොඳ යැයි කිව නොහැකි තරමටම ඒවා උසස් කාව්‍ය නිර්මාණ ලෙස පෙනේ. සිනමා පටකයක රිද්මය එහි අන්තර් ගතය ප්‍රේක්ෂකයාට කා වැද්දවීමේ මූලිකත්වය ගන්නා සාධකය ලෙස හැඳින්වීමේ වරදක් නැත. මේ සදහා කැමරා කෝණ කාලයේ සහ අවකාශයේ භාවිතාව මෙන්ම මෙහිදී වැදගත් වන්නේ අන් චිත්‍රපට වලට වඩා මෙය වෙනස්ම චිත්‍රපටයක් වන්නේ කෙසේද යන්නයි. මෙහි කිසිම තැනෙක චරිතවල මනෝ ලෝක වලින් මතු කෙරෙන ගීත නැත. මෙහි ගීත යෙදෙන්නේ එම චරිත සැබෑ ලෙස ගායනා කරන විටදීය. උදාහරණයක් විදිහට මෙහි එන තරුණ සංගීතඥායා සැබෑ සංදර්ශණයක ගීත ගායනා කරන අතර වරක් සැබෑ ලෙසම වාද්‍ය පිරිසක් මෙහෙය වනු ලබයි. මෙය සංගීතමය චිත්‍රපටයක් ලෙස හැඳින්විය හැක්කේ ඒ නිසාම නොවේ. මෙහි සංගීතය චරිතවල භාව නිරූපනයට සුවිශේෂී වශයෙන් සම්බන්ධ වී ඇත. මෙහි තිබෙන අධි සංවේදී චරිතවල චිත්තාවේගයන් ඔස්සේ විදාරණය කෙරෙන භාව ප්‍රකාශනය ප්‍රේක්ෂකයා වෙත සමීප කරවීමේ මාර් ගයකි ලෙසයි. එවැනි ආධ්‍යාත්මික සංවේදනයන් චිත්‍රපටයකින් දැනවීම පහසු වන්නේ නැත. චිත්‍රපටය තුළ භාෂාව රූපය හා ශබ්දය රූපයෙන් මවන භාවයන් කළු ගැන්වීමට අධ්‍යක්ෂකවරයා යොදා ගන්නේ සංගීතයයි. මුළු චිත්‍රපටය පුරාම දිවෙන්නේ සංගීතයෙන් පිරි සංධ්වනියන්ය. මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා යනුවෙන් අවස්ථා කීපයකදීම ගයන ගීතය එම රිදුම කොපමණක්ද යන්න දැනවීමක් බඳුය. අමිල තේනුවරගේ ගේය පද රචනාවද රුවන් ජයසිංහගේ නාද රටාවද අමරසිරි පීරිස්ගේ ගායනයද එකිනෙකට මුසු වී චිත්‍රපටයේ මූලික තේමාව සමඟ බැඳුණු අවස්ථා ඇත්තේ කිහිපයක් පමණි.
               ලෝකේ තියෙන වෙනස්ම ආදර කතා සිදු වන්නේ අහම්බයෙනි. සමනල සංධ්වනියේ එන ප්‍රේමය එහි එන චරිත වලට කිසිදු විටෙක භෞතිකව සාක්ශාත් කරගත හැකි ප්‍රේමයක් නොවේ. එනම් එය කිසි විටෙක අත්පත් කරගත හැකි ප්‍රේමයක් නොවේ. එය මිනිසුන් ඇතැම් විටෙක ඡීවිත කාලය මුළුල්ලේ තම හදවත් තුළ රදවා සිටින කිසි විටෙක ප්‍රකාශ නොකළ ප්‍රේමයක් විය හැක. එලෙසම මනසින් පමණක් ස්පර්ශ කරන මේ ප්‍රේමය තුල ඉවසීම මෛත්‍රීය පරිත්‍යාගය මුදිතාව කරුණාව දෝර ගලමින් තිබෙනවා විය හැක.
               සමස්ත සිනමා රසවින්දනය සැලකීමේදී සමනල සංධ්වනිය මෑත යුගයේදී බිහි වූ රසවත් ආදරණීය චිත්‍රපටයක් වන අතර උද්‍යානයේ නොමනා ලෙස හැසිරෙන පුද්ගලයින් දෙදෙනාගේ සහ වාදීශගේ සොහොයුරාගේ රංගනය තාත්වික වූවා නම් හොදය. මක් නිසාද යත් චිත්‍රපටයේ කතා තේමාවේ රසයට එම අධි රංගනය ගැලපෙන්නේ නැති වීමය. ඒවගේම ජනප්‍රිය සංගීතඥායෙකු වූ වදීශ වික්‍රමනායකගේ අවසන් සංගීත ප්‍රසංගය ඊට වඩා දැවැන්ත භාවයකින් ඉදිරිපත් කරා නම් වඩාත් හොදය.
                    උද්දික ප්‍රේමරත්නගේ රඟපෑම මෙන්ම සූර්යා සදරුවන්ගේ රඟපෑමද ඉතා ඉහලය. චිත්‍රපටයේ අඩකට ආසන්න ප්‍රමාණයක් වදීශ නම් චරිතයට එල්ල කරන්නේ අමිල මෙහෙයකි. මෙහිදී පූණ්‍යාට වැඩි රංගනයක් චිත්‍රපටය තුල සිදු කිරීමට නොහැකි වුවත් ඇය එම චරිතය තුල ඉදිමින් භාවමය ප්‍රකාශනයන් ආදිය මනාව ඉටු කරයි. වදීශගේ සහෝදරයාට වැඩි රංගන ප්‍රතිභාවක් ඉටු කිරීමට මෙහිදී අවස්ථාව ලබා දී නොමැත.
              මේ අනුව බලන කල චිත්‍රපටයේ ඇති ආධ්‍යාත්මික ගැඹුර ආවර්ජනය කිරීමට ජයන්ත චන්ද්‍රසිරි නම් අධ්‍යක්ෂකවරයාගෙන් ලැබෙන පිටු වහල ඉමහත්ය.              

                                                                                                      w.s.v. සෙ‍ෙනවිරත්න
                                                                                                     ජනසන්‌ෙව්දන අධ්‍යන අංශය
                                                                                                     කැලණිය විශ්වවිද්‍යාලය      

7 comments: