තිත්තවැල්ල වැවෙහි ඛේදවාචකය...
කුරුණෑගල දිස්ත්‍රික්කයේ මාස්පොත ප්රාදේශ්රීය ලේකම් කොට්ඨාසයේ අංක 777 දරන මාවිදළුපොත ග්‍රාම නිළධාරී බල ප්‍රදේශයේ පිහිටා තිබෙන සාරගම හෙවත් තිත්තවැල්ල වැව කුරුණෑගල ප්‍රාදේශීය සභා පාලන ප්‍රදේශයට අයත්ය. මෙය කුරුණෑගල පුත්තලම මාර් ගයෙහි පිහිටා ඇති අතර එය ඉතාමත් ආකර්ෂණීය වටපිටාවක් ඇති වැවක් ලෙස ප්‍රසිද්ධය. සංචාරකයින්ද වැඩි වශයෙන් ගැවසෙන එම ප්‍රදේශයේ සුන්දරත්වය රැක ගැනීමට කටයුතු කරනවා නම් යෙහෙකි. වර්තමානය වන විට ගම සහ වෙල් යාය කියන වචන නාම වලට පමණක් සීමාවී එ් වෙනුවට අවන්හල් සහ වෙළඳසැල් එකතු වී ඇත. මේ හේතු කොටගෙන වැව පරිභෝජනය කරනවා වෙනුවට වැවෙහි සිසිලස පමණක් විඳ ගන්නට සිදු වීමෙන් වැව ආගන්තුකයන්ගේ ග්‍රහණයට ලක්ව ඇතැයි බැලූ බැල්මට පෙනේ.
වැව ග්‍රහණය කරගෙන ඇත්තේ ආක්‍රමණශීලි ජලජ ශාකය. වැවෙහි පවතින මෙම සැල්වීනියා ජලජ ශාක ඉවත් කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ගොවි සංවිධාන, කෘෂිකර් ම දෙපාර්තමේන්තුව ගත් උත්සහයන් ව්‍යර්ථ වී ඇත. මෙම ජලජ ශාක නාවික හමුදාව විසින් එකතු වී ඉවත් කර ඇති බව එහි ගිය පසු දැක ගන්නට ලැබුණි. නමුත් තවමත් ශාක ඉවත් කල කොටසක් දක්නට ලැබේ. සම්පූර්ණයෙන්ම මෙම ශාක ඉවත් කරන්නට කටයුතු කරනවා නම් මැනවි. එවිට වැවෙහි පවතින සුන්දරත්වය මැනවින්
දැකගත හැකි වනු ඇත. විටින් විට වැව සංවර්ධනය කලද එහි ඵලය ගොවීන් වෙත නොලැබුණු බව ගොවීහු පවසති. අක්කර 64 කින් යුත් වපසරියකින් යුතු වැව වර්තමානය වන විට ඇත්තේ අක්කර 30 කටත් වඩා අඩු ප්රමාණයකිනි. වැවෙහි ඉඩම් ගොඩකර නිවාස සාදා ඇති බවද එහි යන ́සෑම කෙනෙකුට පැහැදිලි වන දසුනකි. වගකිවයුත්තන්ට එවන් වූ සුළු ප්‍රමාණයක්වත් සුරක්ෂිත කර ගැනීමට නොහැකි වී ඇති බව ඔප්පු වී ඇත.
මෙයට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ වැවෙහි අවට අනවසරයෙන් ගොඩකර අවන්හල් ආදිය ඉදි කිරීමත් වැවෙහි ජලය පිරෙන කොටස්වල ආගන්තුක ශාක පිරී තිබීම නිසාය.
මෙම වැවෙන් පෝෂණය වූ කුඹුරු යාය වර්තමානය වනවිට අක්කර 185ට අඩු වී තිබේ. එයින් ආර් ථිකය සරිකර ගන්නා ගොවි පවුල් සංඛ්‍යාවද මේ වන විට අඩු වී ඇත. එයින් ආර් ථිකය සරිකර ගන්නා ගොවි පවුල් සංඛ්‍යාවේ අඩු වීමක්ද දක්නට ලැබෙන අතර ගොවි සංවිධානද ශක්තිමත් නැති බව ගොවීහු කියති. ගොවීන්ට වැවෙහි ඇති අයිතිය හීන කරමින් ආක්‍රමණය කර තිබෙන ව්‍යාපාරික ප්‍රජාව සහ බලධාරීන් ඔවුනට රිසි සේ වැව පරිහරණය කිරීමෙන් වැව විනාශ වී ඇති බව කියති. සැල්වීනියා සහ ජපන්ජබර වලින් වැව වසා ගැනීම නවතාලන්නට පසුගිය වසර තුල විවිධ උපක්‍රම උපයෝගී කර ගන්නා ලදී. ගොවි සංවිධානවල සහයෝගය ඇතිව ජලජ ශාක ඉවත් කිරීමට සහ ජෛව
පාලන ක්‍රමයක් ලෙස කෘමීන් යෙදවීමද සිදු කලහ. නමුත් වැවෙහි ප්රතිසංස්කරණයක් තවම දක්නට නොමැත.
මේ හේතුව නිසා වැවෙහි භූමිය අයථා ලෙස අත්පත් කර ගැනීමට එරෙහිව අධිකරණයේ නඩු කිහිපයක්ද විභාග වේ. වැවෙහි ඇතැම් ස්ථානවල ජලජ ශාක ඉවත් කිරීමට අවන්හල් හිමියෝද ඉදිරිපත්ව සිටිති. නමුත් ජලජ ශාක ඉවත් කිරීමට ව්‍යාපාරිකයන් විදිහට සෘජුව මැදිහත් වීම ගැටලුසහගත බව ඔවුන් කියා සිටි.
මත් ලෝලීන්ගෙන් සහ කුඩුකාරයින්ගේ නිජ බිමක් බවට මේ ස්ථානය පත් වූයේ සවස අඳුරවැටීමත් සමගය. තැන තැන විසිරී පවතින කුණු හේතුවෙන් වැව අවට පරිසරය අපවිත්‍රව පවතී. මෙහි දැක්වෙනුයේ අපවිත්‍රව පවත්නා වැව අවට ප්රදේශයයි.
විවිධ ව්‍යාපෘති කිරීම සදහා අනුමැතිය ලබා ගැනීමට ආයතන කිහිපයකටම එකගතාවය අවශ්‍ය වන්නේ මෙම පාරිසරික හානි සිඳු වීමට ඇති ඉඩකඩ නිසාවෙනි. වයඹ පළාතේ දිගින් දිගටම සිදුවෙන පාරිසරික හානි පිළිබඳව අනාවරණය කරගන්නට සිදු වූයේ වයඹ පළාතේ පරිසර අධිකාරියේ අධූරධර්ශී කියා පිළිවෙත හේතුවෙනි. සාරගම වැව් රක්ෂිතය අවධානමට ලක් කරමින් සිදුවන නීතිවිරෝධී ඉදි කිරීම් සම්බන්ධයෙන් මෙහිදී දැඩි අවධානයක් යොමු කල යුතුයි. කුරුණෑගල වැව හැරුණු විට කුරුණෑගලට ආසන්නම වැව ලෙස මෙසේ අවධානමට ලක්ව ඇති සාරගම වැව හඳුන්වා දිය හැකිය. වැව මධ්‍යයට කර තැනූ පුත්තලම-කුරුණෑගල ප්‍රධාන මාර්ගය මෙන්ම වැවට පසෙකින් ඉදිකල සාරගම විහාරය හා බුදු පිළිමය වැව් පරිසරයේ සුන්දරත්වය තව තවත් ඉහළ නංවයි. වසර 10 කට පමණ පෙර කුරුණෑගල නගරයට මායිම්ව පිහිටි කුරුණෑගල වැවද මෙවැනි මනස්කාන්ත පරිසර පද්ධතියකට උරුමකම් කීවද කුරුණෑගල වැව වටා කිසිදු බලපෑමකින් තොරව පරිසර පද්ධතියට හානි කරමින් ඉදිකල හෝටල් පද්ධතිය එකී මනස්කාන්තභාවය විනාශයට පත්කල අතීතයක්ද ඇත. අවසානයේ කුරුණෑගල නගරයේ ජල අවශ්‍යතාවය සපිරූ කුරුණෑගල වැව් ජලය භාවිතයට ගත නොහැකි තරමට දූෂණයට ලක්විය. කුරුණෑගල වැව ඇතුළු පරිසර පද්ධතිය මරු තුරුළට යැවීමට අවශ්‍ය නෛතික බලයන් සියල්ලන්ම අදාළ ව්‍යාපාරිකයන්ට ලබා දී ඇති බැවිනි. නමුත් අර්බුදය මතුවන්නේ වයඹ පරිසර අධිකාරිය මෙම ව්‍යාපෘති සදහා අනුමැතිය ලබා දීමත් සමගය. ශ්‍රී ලංකාවේ ජාතික පාරිසරික පනතට අනුව කාමර 99කට වඩා වැඩි කාමර ගණනාවකින් යුත්
හෝටලයක් ඉදි කිරීමේදී එයින් සිදුවිය හැකි පරිසර බලපෑම් පිළිබදව සොයා බැලීමක් කිරීම අනිවාර්යය.
නමුත් මේ වන තෙක්ම සාරගම වැව ආශ්‍රීතව සිදු කෙරෙන සෑම ව්‍යාපෘතියක් සදහාම එලෙස සොයා බැලීමක් සිදුකර නොමැත. එලෙස සිදුකරා නම් මෙවැනි හානියක් වීමට ඉඩකඩ නොමැත. එ් මේ වන විටත් සාරගම වැව ආශ්‍රීතව එක් හෝටලයක් ඉදිකර අවසන්ව ඇති අතර තවත් හෝටල් දෙකක් ඉදිකරමින් පවතී. ගැටලුව නම් මේ ඉදි කිරිම් තුනම පවතින්නේ පරිසර සංවේදී කලාපයක වීමයි. ජාතික පාරිසරික පනතට ප්‍රකාරව වැව් රක්ෂිතයක උපරිම ජල ධාරිතා මට්ටමේ සිට 100 ඇතුළත ප්‍රදේශය හදුන්වනු ලබන්නේ පරිසර සංවේදී කලාපයක් ලෙසටය. මෙවැනි කලාපයක් නම් කිරීමේ අවශ්‍යතාවය වැව් පරිසරයට මෙම කලාපය තුළ සිදුවන ක්‍රියාකාරකම් සෘජුවම බලපෑම්
කරනු ලැබීමයි. මේ වන විටත් විශාල ප්‍රමාණයේ උත්සව ශාලාවක ඉදිකරගෙන යනු ලබන්නේ සාරගම වැව් රක්ෂිතයට අයත් භූමිය තුළයි. මෙය වැවට 20 ක දුරකින් ඉදිකර ඇති අතර අපවහන ජලය හැහැර කිරීම සදහා ක්‍රමවත් වැඩපිළිවෙලක් ක්රීයාත්මක වන්නේ නැත. පරිසර පද්ධතියේ පවතින සුන්දරත්වය නිසා මේ වනවිට මෙම උත්සව ශාලාව කුරුණෑගල ප්‍රදේශයේ ජනප්‍රිය උත්සව ශාලාවක් බවට පත්ව තිබේ. එ් පවතින සුන්දරත්වයට හානි සිදුව ඇත්තේ හෝටලයේ අපද්‍රව්‍ය කෙලින්ම වැවට බැහැර වෙන
නිසාය. රථ වාහන නවතා තැබීමටද නිසි තැනක් නොමැති වීම තවත් එක් ගැටලුවකි. එ් හේතුවෙන් වැව බැලීමට පැමිනෙන සහ හෝටලයට පැමිනෙන රථ වාහන නවතා තැබෙන්නේ වැව් පිටිය තුළයි. එමෙන්ම බස් රථ නවතා තැබීමට භාවිතා කරන අන්දමද දැකගත හැක.
මෙම ව්‍යාපෘති සදහා පාරිසරික බලපෑම් පිළිබද ඇගයිමක් නොකර ඇතිවාක් මෙන්ම නියමිතපරිදි අවසර ලබා ගැනීමේ ක්රීයාවලින්ද සිදුව නැත. මෙම ඉදි කිරීමට වයඹ පළාත් පරිසර අධිකාරියේ අවසරය මෙන්ම කුරුණෑගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අනුමැතියද ලැබී තිබුනද පාරිසරික බලපෑම් ඇගයීමක් නොමැතිව කිසිදු ඉදිකිරීමක් කිරීමට නෛතික බලයක් නොමැත. මේ පිළිබඳව වයඹ පරිසර අධිකාරිය අදාළ පාර්ශවයන් වෙත යවනු ලබන දැනුම්දීම් මගින්ද පිළිගෙන ඇත. නමුත් වයඹ පරිසර
අධිකාරිය තමන් විසින්ම පිළිගෙන ඇති එ් සම්මුතීන් බිඳ දමමින් අදාළ ව්‍යාපෘතියට අනුමැතිය ලබාදීම ගැටලුකාරීය.
වයඹ පරිසර අධිකාරියේ ලබාදුන් අනුමැතීන් මත ඉදි කරගෙන යන මහල් 4 කින් යුත් කාමර 10 ක් සහ උත්සව ශාලාවක් සහිත ඉදි කිරීම වැවට 8 ක දුරකින් ඉදිවන්නක් වන අතර මෙම ඉදි කිරීමටද පාරිසරික බලපෑම් ඇගැයිමක් සිදුකර නොමැත. මෙම ඉදිකිරීම්ද කිසිදු පරිසරයට හානිදායක නොවන පරිදි අපද්‍රව්‍ය හා අපජලය බැහැර කිරීමේ ක්‍රමවේදයක් හෝ සැලසුමක් පෙන්වා දී නොමැත. ලබා දී ඇති අනුමැතිය මත මේ වන විට සිදුකරගෙන යන ඉදිකිරීම වැවට 500 දුරින් එනම් වැවේ පරිසර සංවේදී කලාපය තුළ පිහිටා තිබුනද පාරිසරික බලපෑම් අගයක් සිදුකර නොමැත. මෙම ඉදිකිරීමද කාමර 9කින් හා මහල් 2 කින් යුතු විශාල ප්‍රමාණයේ උත්සව ශාලාවක් සහිත ව්‍යාපෘතියකි. මෙම සියලු ව්‍යාපෘති වලට වයඹ පළාත් පරිසර අධිකාරිය කොන්දේසී මාලාවක් ඉදිරිපත් කර ඇති අතර එම බොහෝ කොන්දේසි මෙම ව්‍යාපාරිකයන් අමු අමුවේ උල්ලංඝනය කරන බව එ්කී හෝටල් නිරීක්ෂණයෙන් අවබෝධ කර ගැනීමට හැකි විය. මේ පිළිබඳ සොයා බැලීමේ බාරය ඇති වයඹ පළාත් පරිසර අධිකාරියේ කිසිදු නිළධාරියෙක් මේ වන තෙක් අදාල පරිසර හානිය පිළිබද කටයුතු නොකිරීම කනගාටුවට කරුණකි. මේ පිළිබදව වයඹ පරිසර අධිකාරියේ අධ්යක්ෂ සමන් සේනානායක මහතාගෙන් කල විමසීමකදී ප්‍රකාශ කලේ මෙම ව්‍යාපෘතියට පරිසර බලපෑම් ඇති බවයි.
ගොවි සංවිධානයේ ලේකම් අජන්තා බඹරැන්ද මහත්මිය- ‘මේ තිත්තවැල්ල වැවට නීත්‍යානුකූලව අක්කර 108ක් තිබෙනවා. දැන් තිබෙන්නේ අක්කර 60ක් පමනයි. සමහරු බලෙන් අල්ලාගෙන හොර ඔප්පු ලියාගෙන. මේවා ආපසු පවරා ගන්නා ලෙස ඉල්ලා සිටිනවා. වැවේ වැඩට කවුරුත් කැමැත්තෙන් එනවා. ඇමතිතුමා ඇතුළු නිළධාරීන් නිතර පැමින අපව දිරිමත් කරනවා.’
අධීක්ෂණ නිළධාරී ජයතිලක මහතා-‘වසර 40ක් තිස්සේ අප කල ඉල්ලීම ඉටු වුණේ මේ රජයෙන් පමනයි. මේ වැවෙන් ජලය ලබා ගන්න කාගෙත් ආසාවක් තියෙනවා. උදේ සිට සවස් වන තුරු ඉන්නේ වතුරේ. වැව මැද තිබෙන වල් කැලෑව පිහියෙන් කපාගෙන ගොඩට ගේනවා. එ්ක බොහොම අමාරු වැඩක්. කීප දෙනෙක්ම ලෙඩ වුනා. තම තමුන්ගේ කෑම තමන්ම සපයා ගන්නවා. පංසලේ හාමුදුරුවොත් ඉතිරිවෙන දානේ ටික ගෙනත් දෙනවා.’
නඩත්තු එ්කකයේ ප්‍රධානී දිසානායක මහතා-‘දැනට වැවේ වැඩ පටන්ගෙන දින 25ක් වෙනවා.හතරෙන් එකක් පමණ වැඩ ඉවරයි. ඇස්තමේන්තු මුදලින් 20%ක් ඉතිරි කර ගැනීමටයි බලාපොරොත්තුව’එමෙන්ම වැවෙහි පැවති ජලජ ශාක නාවික හමුදාව විසින් ඉවත් කර එ්වා වැව වටා ගොඩ ගසා ඇත. සැල්වීනියා කදු ලෙස ගොඩ නගා ඇති අතර වැවෙහි සුන්දරත්වය නැරඹීමට එන සංචාරකයින්ට එය අපවිත්‍ර වී ඇති සෙයක් දිස් වේ. එම ජලජ ශාක එතැනින් ඉවත් කරන්නේ නම් මැනවි. සොරොව්ව වල් වැදී ඇත. වැව අවට පරිසරය සුද්ධ පවිත්‍ර කිරීම එහි සුන්දරත්වය වැඩි කරනු ඇත. වල් වැදී ඇති වැව අවට පරිසරය එලි පෙහෙලි කලහොත් එය බලන්නට එන සංචාරකයින්ගේ ආකර්ෂණය වැඩි දියුනු කරගත හැක. තවද වැව අවට දමා ඇති ටින් කැබලි, බෝතල් කටු, කෑම පාර් සල්
ආදිය ඉවත් කිරීමද වැව නැරඹීමට එන සංචාරකයින්ට ආහාර ගෙන එම ඉතිරි වූ කොටස් දැමීමට අපද්‍රව්‍ය බැහැර කරන ඩස්පින් තැබීම හොදය. රාත්‍රී කාලයට වැව අසලට එන මිනිසුන් මත් ද්‍රව්‍ය පානය කර අවට බෝතල් දමා තිබෙන අයුරුත් බීමත්ව හැසිරෙන අයුරුත් පදේශවාසීන්ට හා පන්සලටත් දැඩි හිරිහැරයකි. මෙම ක්‍රියාකාරකම් පාලනය කිරීම වගකීමක් මෙන්ම යුතුකමක් වන්නේය. ස්වාභාවික සුන්දරත්වයෙන් පාරිසරික දායාද විනාශයට පත් නොකර රැක ගැනීමට තැත් කිරීම සහ අනාගත පරපුරට ඒවා දැක ගැනීමට ඉඩ සැලැස්වීම යුතුකමකි. පරිසර බලධාරීන්ගේ අවධානය තව දුරටත් වැව කෙරෙහි යොමු වෙනවා නම් මෙම උපද්‍රව අවම කිරීමට ඉඩ ඇත.
w.s.v.සෙෙනවිරත්න
ජනසන්නිවේදන අධ්‍යන අංශය
කැලණිය විශ්වවිද්‍යාලය
Congratulations 👍👍👍
ReplyDeletethank uu piyuu
DeleteCongratulations 👍👍👍
ReplyDeletethank uu piyuu
DeleteCongratulations
ReplyDelete