සුපර් සික්ස් චිත්‍රපටයේ චරිතවල ස්වභාවය
■ මලීකා සිරිසේනගේ-ප්‍රියා
■ හේමාල් රණසිංහ-සනත්
■ පබෝදා සන්දීපනි-ජූලෝ
■ අරුණි රාජපක්ෂ-ෂෙරීන්
■ සාරංග දිසාසේකර-ජූඞ්
■ පුබුදු චතුරංග-භාතිය
■ සනත් ගුණතිලක-සනත්ගේ අයියා
■ දුලීකා මාරපන-ජූඞ්ගේ මව
■ අකලංක ගනේගම
■ ගාමිණී හෙට්ටිආරච්චි-ජූඞ්ගේ පියා
■ රොෂාන් රණවන-අරවින්ද
■ රොඞ්නි වර් ණකුල
සමස්ත චරිතවල රංගනය
මෙම චිත්‍රපටය තුළ පබෝදා හැරුණු විට අන් කිසි කෙනෙක් තමන්ට ලැබී ඇති ඉතාම පැතලි සීමිත චරිතයට හෝ සාධාරණයක් ඉටු කරන බවක් පෙනෙන්නට නැත. හේමාල් රණසිංහ හෙවත් සනත් විටෙක රංගන කෞෂල්‍යයක් පෙන්නුවත් ඒක දිගින් දිගටම පවත්වාගෙන යෑමක් දක්නට නොලැබේ. ප්‍රධාන චරිත අසාර්ථක වෙද්දී තමන්ට ලැබී ඇති වපසරිය තුල දුලීකා මාරපන, මහේන්ද්‍ර පෙරේරා සහ සනත් ගුණතිලක වගේ අය දක්වන රංගනය කලින් කී ප්‍රධාන චරිත වල රංගනයේ තියෙන දුර්වලතාවන් වඩාත් ඉස්මතු කරන්නක් බව කිවහැක. සුපර් සික්ස් චිත්‍රපටයේ නළු නිළියෝ 160ක් පමණ රගපායි.
චිත්‍රපටයේ චරිත තුල දක්නට ලැබෙන ජනප්‍රිය සංස්කෘතික ලක්ෂණ
■ ප්‍රියා, සනත්, සුලෝ, ෂෙරීන්, ජූඞ්, අරවින්ද club සංස්කෘතියට හුරු වූ තරුණ තරුණියන් වන අතර ඔවුන් වර්තමානයේ පවත්නා ජනප්‍රිය යැයි කියා ගන්නා මෙම සංස්කෘතියට හුරු පුරුදු වී ඇත.
■ එමෙන්ම කෙළිලොල් ගති පැවතුම් හිමි කණ්ඩායමක් ලෙසද ගත හැක. ජනප්‍රිය සංස්කෘතික ලක්ෂණ මොවුන්ගේ හැසිරීමෙන්ද, ඇඳුම් පැළඳුමෙන් හා කතාවෙන්ද මනාව නිරූපනය වේ.
■ බීමට ඇබ්බැහි වී සිටින පිරිසක් ලෙස දැකගත හැක. 1977 විවෘත ආර්ථිකයත් සමග බටහිර සංස්කෘතීන්හි පවතින සෑම දෙයක්ම ලාංකික සංස්කෘතියට එකතු වූ බව කිවහැක. ඒ අනුව බියර්, විස්කි, අරක්කු වැනි මත්පැන් මෙරට සංස්කෘතියට එකතු වූ දෑය. මෙහිදී නාගරික උසස් පන්තියේ මිනිස්සු විසින් භාවිතා කරන්නක් ලෙස මේවා දැක්විය හැකිය.
■ එමෙන්ම ක්‍රිකට් තම ජීවිතය කරගත් කණ්ඩායමක් ලෙස දැක්විය හැක. ක්‍රිකට් යනු වර්තමානයේ ජනප්‍රියම ක්‍රීඩාවක් වන අතර චිත්‍රපටය තුළද ඉස්මතු කරන්නේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් තම පිළ ජයග්‍රහණය කරවීමට උත්සහ දරන කණ්ඩායමක් ලෙසය.
■ අරුණි රාජපක්ෂ හෙවත් ෂෙරීන්ගේ පෞද්ගලික ආරක්ෂකයා ලෙසට කටයුතු කරන්නට යැයි රොෂාන් රණවන හෙවත් අරවින්දට පැවසීම. මෙමගින් පෙන්නුම් කරන්නේ බටහිර චිත්‍රපටවල පවත්නා දෑ සහ බටහිර සංස්කෘතියේ උසස් යැයි කියා ගන්නා පුද්ගලයන් සතුව පවත්නා ලක්ෂණ ලාංකික නාගරික උසස් පන්තිය වෙතට පැමිණීමත්ය.
(ෂෙරීන් තාත්තා නැති බව පවසන අවස්ථාවත් නුවරඑළියේ සංචාරයක තමා යෙදෙන බවත් ඒමට කැමති දැයි විමසන අවස්ථාව)
■ ජිම් යන කණ්ඩායමක් ලෙස දැකගත හැක.
මෙහිදි ක්‍රිකට් ක්රිීඩාවට අවශ්‍ය කාය වර්ධන ක්‍රියාකාරකම් සිදු කිරීම දැකගත හැක. ජනප්‍රිය සංස්කෘතියේ පවතින තාක්ෂණික භාණ්ඩ භාවිතය මෙහිදී දැකගත හැක.
■ වළි වලට බර අය වීම
මෙහිදී දැන් දැන් වළියක් යනු ජනප්‍රිය වීම සදහා යොදා ගන්නා ආකාරයක් ලෙස හඳුනාගත හැක. දෙපිරිසක් අතර ගැටුමක් ලෙසද පුද්ගලයන් දෙදෙනෙක් අතර ඇති වෙන ගැටුමක් ලෙසද මේවා දැක්විය හැක.
■ ප්‍රියා, සනත්, සුලෝ, ෂෙරීන්, ජූඞ්, අරවින්ද යන අය නර්ථනයන් වලදී දක්වන ප්‍රාසාංගික බව මේවාද ජනප්‍රිය සංස්කෘතියේ දක්නට ලැබෙන අංග වන අතර බටහිර නර්ථන විලාශයන්ගේ අංග එකතු කරමින් මේවා නිර්මාණය කොට ඇත.
■ ආදරණීය හැගීම් දැනෙන ලෙස චරිත නිරූපනය මෙහිදී ආදරවන්ත යුවලවල් 3ක් යොදාගෙන ඇති ආකාරයක් දැකගත හැක. කතාබහ කරන ආකාරය හා බස හසුරුවන ආකාරයද හැසිරීම් රටාද මෙහිදී ආදරණීය බව දැනෙන ආකාරයට ඉදිරිපත් කිරීම
■ අකලංක හා අරවින්ද හොටෙල් එකක සේවය කරන අතර මෙහිදී හෝටල් සංස්කෘතිය ගැනද කියාපායි. එයද ජනප්‍රිය සංස්කෘතියේ එක් අංග ලක්ෂණයක් ලෙස දැක්විය හැක.
■ පබෝදා සංදීපනී (සුලෝ) ක්‍රිකට් කණ්ඩායමට සෙල්ලම් කරන එකම තරුණිය වන අතර ඇය කොණ්ඩය කොටට කපා කොල්ලෙකු ලෙස හැසිරේ. bike පදින තරුණියක ලෙසත් කතාබහෙන් කොල්ලෙකු ලෙසත් ඇය හැසිරේ.
■ ජනප්‍රිය සංස්කෘතිය හඳුන්වා දීමට තාරුණ්‍යයේ පසුවන කෙළිලොල් තරුණ තරුණියන් පිරිසක් යොදා ගැනීම තවත් එක් ජනප්‍රිය සංස්කෘතික ලක්ෂණයක් ලෙස දැකගත හැක.
w.s.v. සෙනෙවිරත්න ජනසන්නිවේදන අධ්‍යන අංශය
කැලණිය විශ්වවිද්‍යාලය
well done👍👍
ReplyDeletethank uu
Deletewell done👍👍
ReplyDeletethank uu
DeleteSuperb👍👍
ReplyDelete